කමිල් මිෂාර T20 වාර්තා පොත් අලුත් කරයි

Major Club T20 Tournament 2026

1

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගවල දී NCC කණ්ඩායමේ කමිල් මිෂාර Bloomfield C & AC කණ්ඩායමට එරෙහි ව පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 145ක් ලබා ගත්තා. 

එය මෙරට ඉතිහාසයේ විස්සයි විස්ස ඉනිමක දී පිතිකරුවෙක් විසින් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. ඊට පෙර මෙම වාර්තාව සතු වූයේ ලහිරු උදාර වෙතයි. ඔහු මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Kandy Royals කණඩායම නියෝජනය කරමින් Galle Gallants  කණ්ඩායමට එරෙහි ව පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 132ක් ලබා ගනිමින් එහි පළමු වැනියා ව සිටියා.   

මේ අතර Panadura SC කණ්ඩායමේ ඩිල්ශාන් මුණවීර (64) සහ ශාලිත් ප්‍රනාන්දු (64), Moors SC කණ්ඩායමේ ජනිශ්ක පෙරේරා (57), Kurunegala Youth CC කණ්ඩායමේ ලක්වින් අබේසිංහ (62), Police SC කණ්ඩායමේ තිලකරත්න සම්පත් (77) සහ භානුක රාජපක්ෂ (69) අර්ධ ශතක ඉනිම් වාර්තා කරනවා.  

අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු 

Colts CC සහ Panadura SC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී. 

  • Panadura SC – කඩුලු 4ක් දැවී 197 (20.0)ඔෂද ප්‍රනාන්දු 24, ඩිල්ශාන් මුණවීර 64, ශාලිත් ප්‍රනාන්දු 64, කලන පෙරේරා නොදැවී 25
  • Colts CC – සියලුම දෙනා දැවී 115 (16.1) හිරාන් ජයසුන්දර 43, ධනංජය ලක්ෂාන් 43, නවිඳු ප්‍රභාෂ් 2/23, කලන පෙරේරා 2/19, විශ්ව ලහිරු 2/26, ගිමඳු මැල්කම් 2/10

Panadura SC කණ්ඩායමට ලකුණු 82ක ජයක්. 

NCC සහ Bloomfield C & AC අතර තරගය කොළඹ, Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

  • NCC – කඩුල්ලක් දැවී 225 (20.0) කමිල් මිෂාර නොදැවී 145, ජීවක සශීන් 33, චාමික කරුණාරත්න නොදැවී 36
  • Bloomfield C & AC – කඩුලු 7ක් දැවී 92 (11.0) ජනිත් ලියනගේ 22, සහන් ආරච්චිගේ 2/15, චාමික ගුණසේකර 3/13, චාමික කරුණාරත්න 2/13

NCC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 46ක ජයක්.  

SSC සහ Baduraliya CC අතර තරගය, කොළඹ P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

  • SSC – කඩුලු 8ක් දැවී 174 (20.0) ශෙවෝන් ඩැනියෙල් 31, රොන් චන්ද්‍රගුප්ත 25, නුවනිඳු ප්‍රනාන්දු 44, නිපුන් ධනංජය 26, මාලින්ද පුෂ්පකුමාර 3/26, රුසඳු සිල්වා 2/29, කූජන පෙරේරා 2/17
  • Baduraliya CC – සියලුම දෙනා දැවී 88 (16.1) මාලින්ද පුෂ්පකුමාර 20, ප්‍රමෝද් මදුශාන් 2/17, නිපුන් ධනංජය 2/19, දුනිත් වෙල්ලාලගේ 3/09

SSC කණ්ඩායමට ලකුණු 86ක ජයක්.  

BRC සහ CCC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී. 

  • BRC – කඩුලු 8ක් දැවී 110 (20.0) චමිඳු වික්‍රමසිංහ 35, දුමිඳු සෙව්මිණ 19, ඉනුක කරන්නාගොඩ 3/12
  • CCC – කඩුලු 3ක් දැවී 113 (11.1) ලසිත් කෲස්පුල්ලේ 45, සහන් කෝසල 26, පවන් රත්නායක නොදැවී 29, විග්නේශ්වරන් ආකාශ්. 

CCC කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

Tamil Union C & AC සහ Moors SC අතර තරගය කොළඹ, Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

  • Moors SC – කඩුලු 6ක් දැවී 181 (20.0) ජනිශ්ක පෙරේරා 57, රමේෂ් මෙන්ඩිස් 32, මල්ෂ තරුපති නොදැවී 29, ලහිරු සමරකෝන් 2/26, තරිඳු රත්නායක 2/53
  • Tamil Union C & AC – කඩුලු 9ක් දැවී 156 (16.0) තෙවිඳු සේනාරත්න 28, ශාරුජන් ශන්මුගනාදන් 27, සංතුශ් ගුණතිලක 3/28, ශිරාන් ප්‍රනාන්දු 3/29, ගරුක සංකේත් 2/29

Tamil Union C & AC කණ්ඩායමට ඩක්වරත් ලුවිස් න්‍යාය මත කඩුල්ලක ජයක්.  

Police SC සහ Kurunegala Youth CC අතර තරගය, කොළඹ P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

  • Police SC – කඩුලු 3ක් දැවී 207 (20.0) තිලකරත්න සම්පත් 77, චතුරංග ජයතිලක 44, භානුක රාජපක්ෂ 69, විකුම් සංජය 2/26
  • Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 176 (19.0) ගයන වීරසිංහ 28, ලක්වින් අබේසිංහ 62, අමේෂ් තෙන්නකෝන් 24, චාරුක ප්‍රමෝද් 4/42, නිපුන් ප්‍රේමරත්න 3/22

Police SC කණ්ඩායමට ලකුණු 31ක ජයක්.  

Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<