අංජල, සහන් සහ පුලිඳු හොඳම ඉනිම් ක්‍රීඩා කරයි

Major Club 50 Over Tournament 2026

2
Major Club 50 Over Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ දිනයේ දී අංජල බණ්ඩාර, සහන් කෝසල සහ පුලිඳු පෙරේරා තම පළමු පෙළ එක්දින තරගවල හොඳම ඉනිම් වාර්තා කිරීමට සමත් වෙනවා. මෙම ශතක ත්‍රිත්වය එක ම තරගයක දී වාර්තා වීම ද කැපී පෙණුනා.  

CCC කණ්ඩායමේ අංජල බණ්ඩාර සහ සහන් කෝසල Nugegoda S & WC කණ්ඩායමට එරෙහි ව ශතක වාර්තා කළ අතර  ඒ අතුරින් අංජල බණ්ඩාර පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 150ක් ලබා ගන්නවා.

සහන් කෝසල නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 132ක්. ඔහුගේ එම ඉනිම පන්දු 68ක දී වාර්තා වූ අතර ඊට හයේ පහර 10ක් සහ හතරේ පහර 9ක් එක් ව තිබුණා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 140ක දී නොදැවුණ ලකුණු 239ක සබඳතාවක් එක් කරන්නට ද සමත් වෙනවා.

එම තරගයේ දී ම Nugegoda S & WC කණ්ඩායමේ පුලිඳු පෙරේරා පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 129ක් ලබා ගන්නවා.

මේ අතර Police SC කණ්ඩායම නියෝජනය කරන 44 වැනි වියේ පසුවෙන තිලකරත්න සම්පත් BRC කණ්ඩායමට එරෙහි ව පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 111ක් ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව Nugegoda S & කණ්ඩායමේ සඳුන් මෙන්ඩිස් (65), Kurunegala Youth CC කණ්ඩායමේ අභිශේක් ලියනාරච්චි (58), ACE Capital CC කණ්ඩායමේ තනුජ රාජක්ෂ (60) සහ කෞෂික කුමාරසිංහ (57), Tamil Union C & AC කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන (58), සචිත ජයතිලක (59) සහ ලහිරු සමරකෝන් (64), Moors SC කණ්ඩායමේ සිතාර ගිම්හාන් (50), ජනිශ්ක පෙරේරා (නොදැවී 64) සහ රමේෂ් මෙන්ඩිස් (නොදැවී 75), BRC කණ්ඩායමේ ඉසුරු ප්‍රනාන්දු (57) සහ මොවින් සුබසිංහ (63) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

අද අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු

CCC සහ Nugegoda S & WC අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

CCC – කඩුලු 4ක් දැවී 366 (50.0) ලසිත් කෲස්පුල්ලේ 43, අංජල බණ්ඩාර නොදැවී 150, සහන් කෝසල 132

 

Nugegoda S & WC – සියලුම දෙනා දැවී 342 (47.2) පුලිඳු පෙරේරා 129, රෙහාන් පීරිස් 34, සම්මු අශාන් 29, විනුශ්ක සිල්වා 39, සඳුන් මෙන්ඩිස් 65, දිලුම් සුදීර 2/68, ඉනුක කරන්නාගොඩ 3/61, ලසිත් කෲස්පුල්ලේ 4/07

CCC කණ්ඩායමට ලකුණු 24ක ජයක්.

Kurunegala Youth CC සහ ACE Capital CC අතර තරගය, කුරුණෑගල, වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 178 (48.4) අභිශේක් ලියනාරච්චි 58, අනන්තන් කජාන් 28, වතිල උදාර 35, ට්‍රවීන් මැතිව් 4/40

 

ACE Capital CC – කඩුලු 5ක් දැවී 182 (34.4) තනුජ රාජක්ෂ 60, කෞෂික කුමාරසිංහ 57, රනේෂ් සිල්වා 20, වතිල උදාර 2/46, ගයන වීරසිංහ 3/28

ACE Capital CC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Tamil Union C & AC සහ Moors SC අතර තරගය, කොළඹ, P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Tamil Union C & AC – සියලුම දෙනා දැවී 271 (48.5) සිනෙත් ජයවර්ධන 58, සචිත ජයතිලක 59, ලහිරු සමරකෝන් 64, විජයකාන්ත් වියස්කාන්ත් 31, සංතුශ් ගුණතිලක 4/31, ශිරාන් ප්‍රනාන්දු 3/53, හිවින් කෙනුල 2/37

 

Moors SC – කඩුලු 3ක් දැවී 275 (48.2) සිතාර ගිම්හාන් 50, රවිශාන් ද සිල්වා 33, සොහාන් ද ලිවේරා 45, ජනිශ්ක පෙරේරා නොදැවී 64, රමේෂ් මෙන්ඩිස් නොදැවී 75

Moors SC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.  

Police SC සහ BRC අතර තරගය, කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී

BRC – කඩුලු 9ක් දැවී 234 (50.0) ඉසුරු ප්‍රනාන්දු 57, යසිරු රොද්‍රිගෝ 20, මොවින් සුබසිංහ 63, සිතුක ගුණවර්ධන 23, චාරුක ප්‍රමෝද් 3/46, හේෂාන මදුශංක 2/39, කිත්ම විතානපතිරණ 2/08

 

Police SC – කඩුලු 4ක් දැවී 235 (39.5) තිලකරත්න සම්පත් 111, චතුක ජයතිලක 27, කිත්ම විතානපතිරණ 46, සිතුක ගුණවර්ධන 2/47

Police SC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

SSC සහ Baduraliya SC අතර තරගය, කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.

Baduraliya SC – සියලුම දෙනා දැවී 136 (36.2) කූජන පෙරේරා 46, හරීන් අචින්ත 27, ප්‍රමෝද් මදුශාන් 2/25, කසුන් රාජිත 2/15, දුනිත් වෙල්ලාලගේ 2/30, කවිඳු නදීශාන් 2/41

 

SSC – කඩුලු 2ක් දැවී 140 (22.1) ශෙවොන් ඩැනියෙල් 43, අවිශ්ක ප්‍රනාන්දු 39, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 33, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 22, මාලින්ද පුෂ්පකුමාර 2/36

SSC කණ්ඩායමට කඩුලු 8 ක ජයක්.

Colts CC සහ NCC අතර තරගය, කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Colts CC – කඩුලු 7ක් දැවී 227 (50.0) ශලින් ද මෙල් 49, හිරාන් ජයසුන්දර 36, ධනංජය ලක්ෂාන් 42, මුදිත ලක්ෂාන් 22, සුකිත මනෝජ් 24, සහන් මිහිර නොදැවී 19, කවිඳු පතිරත්න 2/31, සහන් ආරච්චිගේ 2/34

 

NCC – සියලුම දෙනා දැවී 149 (40.3) කවින් බණ්ඩාර 21, සෙනිත හැළඹගේ 25, චාමික කරුණාරත්න 30, ඩිල්ශාන් මදුශංක 3/27, මුදිත ලක්ෂාන් 2/41, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 2/30

Colts CC කණ්ඩායමට ලකුණු 78ක ජයක්.

Major Club එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<