2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 08 වැනි දිනයට නියමිත තරග ඉසව් රැසක් ඊයේ (01) දිනයේ දී ක්‍රියාත්මක වුනා.
මෙහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම තරග බිමට අවතීර්ණ වූ අතර, ඔවුන් දැක් වූ දක්ෂතා පිළිබඳ විස්තර පහතින් දැක්වෙනවා.
ඊයේ දිනයේ දී පිරිමි ජූඩෝ 73Kg බර පන්තිය නියෝජනය කරමින් චාමර ධර්මවර්ධන Round Of 32 තරග වටයට ඉදිරිපත් වූ අතර, එහි දී ඔහු විසින් සිය ප්‍රතිවාදියා වූ සැම්බියා ක්‍රීඩක Jhon Kapungweට එරෙහිව 11-10ක් ලෙස ජය ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් චාමරට එම ඉසව්වේ Round Of 16 තරග වටයේ දී පරාජයකට මුහුණ දීමට සිදු වුනා.
මේ අතර ඊයේ පිරිමි තුන් පිම්ම ඉසව්වේ අවසන් තරගය ද ක්‍රියාත්මක වූ අතර, මෙහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යෙශාන් විස්මිත තරගයට සහභාගී වුනා. ඔහු එහි දී මීටර් 16.01ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ අතර, ඔහුට අවසන් තරගයේ 06 වැනි ස්ථානයට පැමිණීමට හැකියාව ලැබුණා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මේ අතර පිරිමි රිටි පැනීම ඉසව්ව නියෝජනය කළ Puvitharan Arunthavarasa හට සිය තරගය සාර්ථක අයුරින් අවසන් කරමින් නියමිත උස ප්‍රමාණය තරණය කළ නොහැකි වුනා.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ ඊයේ කාන්තා හෙල්ල විසි කිරීම අවසන් තරගය නියෝජනය කළ අතර, එහි දී ඇය විසින් මීටර් 55ක දක්ෂතාවක් දක්වමින් ඉසව්වේ 07 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.
මේ අයුරින් ඊයේ දිනයට නියමිත තරග නිමාවට පත් වන අතර, ක්‍රීඩා උළෙලේ අවසාන දිනය ලෙස අද (02) තවත් තරග ඉසව් කිහිපයක් ම පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා උළෙලට සහභාගී වන සියළු ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සිය තරග අවසන් කර තිබෙනවා.
ඒ අනුව මෙවර ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක් සහ එක් රිදී පදක්කමක් ජය ගැනීමට සමත් වූ අතර, සමස්ත පදක්කම් සටහනේ 15 වැනි ස්ථානයේ රැඳීමට ද ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙනවා.
සුපුරුදු පරිදි ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 65ක් සමඟ පදක්කම් සටහනේ පෙරමුණේ රැඳෙන අතර, සමස්ත ක්‍රීඩා උළෙල පිළිබඳ සාරාංශ ගත ලිපියක් ඉදිරියේ දී ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















