2020 යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයට අලුත් රටක්

562

2020 වසරේ දී දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ජපාන යොවුන් ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබාගෙන තිබේ. ඒ අද (8) ජපානයේ සනෝ හිදී පැවැත්වුණු නැගෙනහිර ආසියානු පැසිෆික් කලාප සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් තරගයේ දී පැපුවා නිව් ගිනියාව පරාජය කරමිනි. නමුත් ඒ තරගය පැවැත්වීමෙන් තොරවයි.

වැහි දෙවියන්ගෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත තල්ලුවක්

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් අද (7) බ්‍රිස්ටල් හිදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයට…

තරගාවලියේ ශූරතාවය දිනාගෙන 2020 යොවුන් ලෝක කුසලානය සඳහා නැගෙනහිර ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරමින් තරග වදින කණ්ඩායම  තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය ජපානය හා පැපුවා නිව් ගිනියාව යන කණ්ඩායම දෙක අතර පැවැත්වීමට තිබුණි. නමුත් පැපුවා නිව් ගිනියා කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් 14න් ක්‍රීඩකයින් 11 දෙනෙකුකට එරට ක්‍රිකට් පාලනාධිකාරිය විසින් ක්‍රිකට් තහනම් කිරීමත් සමඟම ජපානයට නිතරගයෙන්ම මේ ජය හිමිවී තිබේ.

පැපුවා නිව් ගිනියා ක්‍රිකට් පාලනාධිකාරිය එක්වරම මෙවැනි ආකාරයක තීරණයක් ගැනීම පිළිබඳව පැහැදිලි නොමැති නමුත්, ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත්තේ මේ ක්‍රීඩකයින් අතරේ සිටින ක්‍රීඩකයින් 11 දෙනෙක් එරට ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර නීතිරීති මාලාව කඩ කර තිබෙන බවයි.

අවසන් වශයෙන් 2020 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නැගෙනහිර ආසියානු පැසිෆික් කලාප සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සඳහා සත්කාරකත්වය දැරූ හා එම තරගාවලියෙන් ලෝක කුසලානයට වරම් දිනා ගත් ජපානයට සුබපැතුම් ද එක් කොට ඇත.

ජපානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් සඳහා සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙයයි. අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නැගෙනහිර ආසියානු පැසිෆික් කලාප සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ මේ දක්වා පැවැත්වුණු අදියර 10න් 8කම ශූරතාවය දිනාගන ඇත්තේ පැපුවා නිව් ගිනියා කණ්ඩායමයි.

ඉන්දීය අණසක හමුවේ හුදෙකලා වූ ශෙහාන්ගෙන් තවත් ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියේ අද (08) පැවැත්වූ දෙවන නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට..

1989 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය ලබා ගන්නා ජපානය දීර්ඝ ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියන නමුත් ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ විශාලතම ජය ලෙස මෙය සැලකේ.

2020 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අතර ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටක් වන ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ද සුදුසුකම් ලබාගෙන තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<