2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 07 වැනි දිනය තුළ ශ්‍රී ලංකාව රන් පදක්කමක් ජය ගැනීමට සමත් වුනා.
ක්‍රීඩා උළෙලේ 07 වැනි දිනයට අදාළ තරග ඊයේ (31) ක්‍රියාත්මක වූ අතර, මෙහි දී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුව වූ රුමේෂ් තරංග තරග බිමට අවතීර්ණ වුනා.
රුමේෂ්ට පෙර තවත් ශ්‍රී ලංකා නියෝජනයන් කිහිපයක් ම පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ දී දක්නට ලැබුණු අතර, ඔවුන්ගේ දක්ෂතා පිළිබඳ පහතින් දැක්වෙනවා.
මදුශානි හේරත් විසින් ඊයේ දිනයේ දී කාන්තා දුර පැනීම මූලික වටයේ ඉසව්ව නියෝජනය කළ අතර, එහි දී ඇය විසින් සිය හොඳම දක්ෂතාව ලෙස මීටර් 6.01ක දක්ෂතාවක් දැක්වූ අතර, ඇය සිය තරග වටයේ 08 වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වුනා. සමස්ත තරගකාරිනියන් අතරින් ඇයට හිමි වුනේ 16 වැනි ස්ථානය වන අතර, ඇයට අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.
මින් අනතුරුව ශ්‍රී ලංකා මිශ්‍ර 4×400 තරග ඉසව්ව ක්‍රියාත්මක වූ අතර, මෙහි දී අයෝමාල් අකලංක, අරුණ දර්ශන, සයුරි මෙන්ඩිස් සහ ජිත්මා විජේතුංග ඉසව්වේ පළමු මූලික වටයේ තරගය නියෝජනය කළා.
මෙහි දී ඔවුන් මිනිත්තු 3.22.42ක තරග නිමි කාලයක් වාර්තා කරමින් 05 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වූ අතර, තරග ඉසව්ව නියෝජනය කළ සමස්ත කණ්ඩායම් අතරේ 09 වැනි ස්ථානයයි ඔවුන්ට හිමි වුනේ.
මින් අනතුරුව පිරිමි ජූඩෝ 60Kg බර පන්තිය යටතේ විමුක්ති ප්‍රියංකර Round Of 16 තරග වටය නියෝජනය කළ අතර, මෙහි දී ඔහු Regan Wali කෙන්යා ක්‍රීඩකයා හමුවේ 3-2ක පරාජයක් ලැබුවා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
කෙසේ වෙතත් මින් අනතුරුව රුමේෂ් තරංග අද (01) අලුයම පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කළ අතර, මෙහි දී ඔහුට හිටපු ඔලිම්පික් ශූරයින් වන Keshorn Walcott, Neeraj Chopra සහ Arshad Nadeem සමඟ තරග වැදීමට සිදු වුනා. එමෙන්ම ලොව ප්රබලතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයකු ලෙස නම් දිනා ඇති Anderson Peters ද තරග ඉසව්වට සහභාගී වුනා.
මෙහි දී රුමේෂ් විසින් සිය දෙවැනි උත්සාහයේ දී මීටර් 89.75ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ අතර, එය මෙම වසරේ මෙතෙක් ක්‍රීඩකයකු විසින් දක්වා ඇති දෙවැනි හොඳම දක්ෂතාව ලෙසයි සටහන් වුනේ.
එමෙන්ම එම විසි කිරීමෙන් පසුව වෙනත් කිසිදු ක්රීඩකයකුට හෝ ඒ ආසන්නය දක්වා පැමිණීමටවත් හැකි නොවූ අතර, හිටපු ඔලිම්පික් ශූර ඉන්දියාවේ Neeraj Chopra මීටර් 85.83ක දක්ෂතාවක් සමඟ දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා.
මේ අනුව රුමේෂ් විසින් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව ලද පළමු රන් පදක්කම හිමි කර ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාව මෙම තරගාවලි ඉතිහාසය තුළ රන් පදක්කමක් දිනා ගන්නේ වසර 20කට පසුව වීමත් විශේෂත්වයක්.
එමෙන්ම ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා ඉසව්වකින් පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර 1950 වසරේ දී ඩන්කන් වයිට් රන් පදක්කමක් ජය ගැනීමට සමත් වී තිබුණා.
ඒ අනුව මෙම පදක්කම ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයට සොඳුරුතම මතකයක් ලෙස සදා කල් සිහිපත් කළ හැකි වනු ඇති.
මෙම රන් පදක්කමත් සමඟ ශ්‍රී ලංකාව ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ 14 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට සමත් වූ අතර, සුපුරුදු පරිදි ඕස්ට්‍රේලියාව පදක්කම් සටහනේ පෙරමුණේ පසු වන්නේ රන් පදක්කම් 55ක් සමඟයි.
ක්‍රීඩා උළෙලේ 08 වැනි දිනය වන අද දිනය තුළ ද ශ්‍රී ලාංකික නියෝජනයන් කිහිපයක් ම තරග බිමට අවතීර්ණ වීමට නියමිතයි.
අද පස්වරු 2.40ට පිරිමි තුන් පිම්ම අවසන් තරගය නියෝජනය කිරීමට යෙශාන් විස්මිත සූදානමින් සිටින අතර, අද රාත්‍රියේ දී පිරිමි රිටි පැනීම අවසන් තරගය නියෝජනය කිරීමට Puvitharan Arunthavarasa සූදානමින් සිටිනවා.
මේ අතර දිල්හානි ලේකම්ගේගේ කාන්තා හෙල්ල විසි කිරීම අවසන් තරගයට හෙට (02) අලුයම සහභාගී වීමට නියමිත අතර, ජූඩෝ ඉසව්වේ පිරිමි 73Kg Round Of 32 තරග වටය නියෝජනය කිරීමට චාමර ධර්මවර්ධන සූදානමින් සිටිනවා.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















