රොෂාන් රණතුංග සහ නදීකා රණසිංහ බලාපොරොත්තු ඉහළ දමමින් ක්‍රීඩා කරයි!

Commonwealth Games 2026

1
Commonwealth Games 2026

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනයට අදාළ ව තරග ඉසව් රැසක් ඊයේ  (27) දිනයේ දී ක්‍රියාත්මක වුනා.

මෙහි දී ශ්‍රී ලාංකික ක්‍රීඩක, ක්‍රීඩිකාවන් රැසක් ද තරග බිමට අවතීර්ණ වූ අතර, විශේෂයෙන්ම ඊයේ දිනයේ සිට ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් ආරම්භ වීමත් සමඟ ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුව ද තරමක් ඉහළ ගියා.

ඊයේ දිනයේ දී ඉන්දික දිසානායක විසින් පිරිමි 71Kg බර ඉසිලීම අවසන් තරගයට සහභාගී වූ නමුත්, ඔහුට එහි දී Snatch ක්‍රමය යටතේ අවශ්‍ය බර ඔසවමින් ඉදිරියට යාමට නොහැකි වීම මත තරගයෙන් ඉවත් වීමට සිදු වුනා.

මේ අතර පිරිමි මීටර් 100 නිදහස් ආර මූලික වටයේ ඉසව්වකට සහභාගී වූ M.F.Muhammad විසින් සිය තරගයේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනේ තත්පර 53.00ක තරග නිමි කාලයක් සමඟයි. කෙසේ වෙතත් මූලික වටයේ තරග වැදුණු සමස්ත තරගකරුවන් අතරේ ඔහුට හිමි වුනේ 43 වැනි ස්ථානයයි.

මේ අතර බොක්සිං ඉසව්වේ පිරිමි 61Kg බර පන්තියේ Round of 16 තරග වටය නියෝජනය කළ රවිඳු ජයනාත් විසින් Guernsey ක්‍රීඩකයා හමුවේ 4-1ක් ලෙස පරාජයට පත් වුනා.

කෙසේ වෙතත් කාන්තා 51Kg බර පන්තිය යටතේ Round Of 16 තරග වටය නියෝජනය කළ නදීකා පුෂ්පකුමාරි විසින් ස්කොට්ලන්ත ක්‍රීඩිකා Brooke Neely 3-2ක් ලෙස පරාජයට පත් කරමින් ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

මේ අතර මලල ක්‍රීඩා ඉසව් අතරින් පළමු ශ්‍රී ලාංකික නියෝජනය ලෙස පිරිමි මීටර් 100 මූලික වටයේ තෙවැනි තරගයට දිනෙත් ඉඳුවර සහභාගී වූ අතර, ඔහු විසින් තත්පර 10.33ක තරග නිමි කාලයක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයට පත් වීමට සමත් වුනා. මෙය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වුනා.

මේ අතර චමෝද් යෝධසිංහ විසින් 08 වැනි මූලික වටයේ තත්පර 10.45ක තරග නිමි කාලයක් වාර්තා කරමින් තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාට ම ක්‍රීඩා ඉසව්වේ ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ.

මේ අතර පිරිමි උස පැනීමේ ඉසව්වේ අවසන් තරගය ද ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක වූ අතර, මෙහි දී තරිඳු දසුන් තරගයට අවතීර්ණ වූ නමුත්, ඇති වූ ආබාධ තත්වයක් ද සමඟ ඔහුට මීටර් 2.05ක මූලික කඩ ඉම තරණය කිරීමට නොහැකි වුනා.

එමෙන්ම පිරිමි මීටර් 110 කඩුලු පැන දිවීම ඉසව්ව ද ඊයේ ක්‍රියාත්මක වුනා. මෙම ඉසව්වේ මූලික වටයේ පළමු තරගය නියෝජනය කළ රොෂාන් රණතුංග විසින් තත්පර 14.11ක තරග නිමි කාලයක් ද සමඟ සිව්වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වූ අතර, ඔහුට ඉසව්වේ අවසන් තරගයට ද සහභාගී වීමට අවස්ථාව හිමි වුනා.

අද (28) අලුයම ඉසව්වේ අවසන් තරගය ක්‍රියාත්මක වූ අතර, එහි දී ඔහු විසින් තත්පර 14.05ක තරග නිමි කාලයක් සමඟ 07 වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වුනා.

මේ අයුරින් ක්‍රීඩා උළෙලේ 04 වැනි දිනය නිමාවට පත් වන අතර, අද දිනයේ ද ශ්‍රී ලංකා නියෝජනයන් කිහිපයක් ක්‍රීඩා බිමට අවතීර්ණ වීමට නියමිතයි.

පිහිනුම්

  • F.Muhammad – පිරිමි මීටර් 50 සමනල ආර

මලල ක්‍රීඩා

  • හර්ෂ කරුණාරත්න – පිරිමි මීටර් 800 – Round 1 – Heat 02
  • කාලිංග කුමාරගේ – පිරිමි මීටර් 400 – Round 01 – Heat 05

මේ වන විට ක්‍රීඩා උළෙලේ සමස්ත පදක්කම් සටහනේ පළමු ස්ථානයේ තවදුරටත් ශක්තිමත් ව රැඳී සිටීමට ඕස්ට්‍රේලියාව සමත් වී සිටින්නේ රන් පදක්කම් 26ක් සමඟිනුයි.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා  පිවිසෙන්න <<