ගෙවුනු දවස ජුලි 14 – හේනකන්කානම්ගේට නායක පට්ටමක්

598
july - 14Sri Lanka Sports News Last day summary july 14

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

 රග්බි 

නායකත්වය නවීන්ට

හොං කොන්ග් නුවර මේ මස 23 සහ 24 වැනිදා පැවැත්වීමට නියමිත අාසියානු පාසල් සත් සමාජික රග්බි ශූරතාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායකයා ලෙස ශාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රිඩක නවීන් හේනකන්කානම්ගේ කටයුතු කරනු අැත.

60 දෙනෙකුගෙන් යුත් ක්‍රීඩකයින් අතරින් 21 දෙනෙකු මේවන විට තේරීම් කමිටුව විසින් තෝරාපත් කරගනු ලබන අතර අවසන් 12 දෙනාගේ නිළ සංචිත ජුලි මස 18වැනිදා ප්‍රකාශයට පත්කෙරෙනු අැත. කණ්ඩායමේ නිළ පුහුණුකරු ලෙස හිටපු CR & FC ක්‍රීඩක මොහොමඩ් මුස්තාක්  කටයුතු කරනු අැත.

ඉසිපතන ක්‍රීඩක සුමුදු රන්කොත්ගේ උපනායක ලෙස කටයුතු කරනු අැති අතර තෝරා ගත් 21 දෙනාගේ සංචිතයේ නිළ වාර්තාව ක්‍රීඩා අමාත්‍යතුමන්ගේ අනුමැතිය අැතිව හෙට නිවේදනය කරනු අැත.


 ක්‍රිකට් 

සිංහල සහ රාගම ක්‍රිකට් සමාජයවලට ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහල අන්තර් සමාජය ක්‍රිකට් තරගාවලියේ තරග 2ක් අද (14) කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදි සහ SSC ක්‍රීඩා පිටියේදි පැවැත්විය.

එම තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට සිංහල ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය සමත් විය.

බදුරලිය ක්‍රිකට් සමාජය – 156/10 (44): පැතුම් මධුශංක 32, අකාශ් සෙනවිරත්න 26, ඉමාල් ලියනගේ 24, තරින්දු රත්නායක 4/29, එන්. තුෂාරද 3/26, රමේෂ් මෙන්ඩිස් 2/32.

සිංහල ක්‍රිකට් සමාජය – 157/3 (27.2): කාවින්ද තිසේරා 43, කේ. සංජුල 33, කවින්දු කුලසේකර 23, වයි. මෙන්ඩිස් 27, මධුශංක රවිචන්ද්‍රකුමාර් 1/23, චන්දුල වීරසිංහ 1/23.

කුරුණෑගල යූත් සමාජය – 172/8 (50): දමිත් පෙරේරා 76, තරින්දු දසානායක 39, සුමුදු සමීර 4/27, උදිත් මදුශාන් 2/18.

රාගම ක්‍රීඩා සමාජය – 173/1 (34): චරිත් සසලංක 44, සිමුඑල් කෙබර් 62*, සමින්ද ෆර්නැන්ඩො 45*

සම්පූර්ණ ලිපිය: සිංහල සහ කුරුණෑගල සමාජ ජයග්‍රහණ වාර්තා කරයි

දවසේ නිමාව