ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තවත් තරග ද්විත්වයක් පෙර දින (23) අවසන් වූ අතර එහි දී Colombo Kaps සහ Galle Gallants කණ්ඩායමේ ජයග්‍රහණ වාර්තා කළා.
>>Galle Gallants දෙවැනි ජයත් ලබයි<<
9 වැනි තරගය, Colombo Kaps සහ Kandy Royals රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Kandy Royals
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo Kaps කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 192ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Kandy Royals කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 169ක් පමණයි. ඒ අනුව මෙම තරගයෙන් Colombo Kaps කණ්ඩායමට ලකුණු 23ක ජයග්‍රහණයක් හිමි වෙන අතර ඒ ඔවුන් මෙම තරගාවලියේ ලැබූ 2 වැනි ජයග්‍රහණයයි.
Kandy Royals
ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් පෙරේරා, ලහිරු උදාර, Dale Phillips, පවන් සංදේශ්, Moeen Ali, වනිඳු හසරංග, Vijay Shankar, Shaheen Shah Afridi, දුශාන් හේමන්ත, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර.
Colombo Kaps
කමිඳු මෙන්ඩිස් (නායක), Rubin Hermann, Ben McDermott, සදීර සමරවික්‍රම, ශාරුජන් ශන්මුගනාදන්, ජනිත් ලියනගේ, වනුජ සහන්, මල්ෂ තරුපති, බිනුර ප්‍රනාන්දු, Shahnawaz Dahani, Mujeeb Ur Rahman.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo Kaps කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Rubin Hermann. ඔහු ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා සිටියා.
ඔහුට අමතර ව ඉනිම අවසන් වෙද්දී ජනිත් ලියනගේ පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටියා.
ඊට අමතර ව James Neesham පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ද සහ බිනුර ප්‍රනාන්දු පන්දු 123ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දුශාන් හේමන්ත, Moeen Ali සහ Shaheen Shah Afridi කඩුලු ද්විත්වය බැගින් දවා ගනිද්දී Vijay Shankar සහ නුවන් තුෂාර කඩුල්ලක් බැගින් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Kandy Royals කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ නායක ඇන්ජලෝ මැතිව්ස්. පන්දු යැවීමේ දී ආබාධිත තත්ත්යකට පත් ඔහු පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසෙන්නේ ඉනිමේ අංක 9 පිතිකරු ලෙසිනුයි.
එලෙසින් පිටියට පිවිසි ඔහු එම ඉනිම අවසන් වෙන විට පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 39ක් ලබා සිටියා. ඊට අමතර ව Dale Phillips පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ද සහ Vijay Shankar පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Mujeeb Ur Rahman ලකුණු 34කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව James Neesham, වනුජ සහන්, මල්ෂ තරුපති සහ Shahnawaz Dahani කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Colombo Kaps – කඩුලු 9ක් දැවී 192 (20.0) Rubin Hermann 53, ජනිත් ලියනගේ නොදැවී 52, James Neesham 24, බිනුර ප්‍රනාන්දු 21, Shaheen Shah Afridi 2/34, Moeen Ali 2/31, දුශාන් හේමන්ත 2/20
- Kandy Royals – කඩුලු 8ක් දැවී 169 (20.0) Dale Phillips 38, Vijay Shankar 30, ඇන්ජලෝ මැතිව්ස් නොදැවි 39, Mujeeb Ur Rahman 3/34
Colombo Kaps කණ්ඩායමට ලකුණු 23ක ජයක්.
තරගයේ වීරයා – ජනිත් ලියනගේ (Colombo Kaps)
- ශ්‍රී ලංකා සහ පාකිස්තානු කාන්තාවන්ගේ සූරියවැව හටන
- Kandy Royals ක්‍රීඩකයෝ පළමු ජයග්‍රහණය වාර්තා කරයි
- 23න් පහළ පිටියට ලහිරු දවටගේ ගෙන් ත්‍රිත්ව ශතකයක්
- Jaffna Kings සහ Colombo Kaps ජය ගනී
- මානස සහ හිරුණ ද්විත්ව ශතක සමාජයට
10 වැනි තරගය, Jaffna Kings සහ Galle Gallants, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Jaffna Kings
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Galle Gallants කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 193ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Jaffna Kings ක්‍රීඩකයෝ තවත් පන්දු 13ක් ඉතිරි ව තිබිය දී සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 133ක් පමණයි.
ඒ අනුව ප්‍රතිවාදී Galle Gallants ක්‍රීඩකයෝ ලකුණු 60ක ජයග්‍රහණයක් ලබා ගන්නා ලද අතර එය ඔවුන් මෙවර තරගාවලියේ ලබා ගත් 3 වැනි ජයග්‍රහණයයි.
Jaffna Kings
භානුක රාජපක්ෂ (නායක), කමිල් මිෂාර (කඩුලු රකින්නා), අවිශ්ක ප්‍රනාන්දු, Ibrahim Zadran, Shakib Al Hasan, David Wiese, දුනිත් වෙල්ලාලගේ, චමිඳු වික්‍රමසිංහ, ට්‍රවීන් මැතිව්, ඩිල්ශාන් මදුශංක, Lizaad Williams, Mohamed Shiraz.
Galle Gallants
දසුන් ශානක (නායක), Sam Harper (කඩුලු රකින්නා), Chris Lynn, චරිත් අසලංක, චාමික කරුණාරත්න, සහන් ආරච්චිගේ, දිනුර කළුපහන, Mohammad Nawaz, විජයකාන්ත වියස්කාන්ත්, තරිඳු රත්නායක, Akif Javed, ඒශාන් මාලිංග.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Galle Gallants කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ බලාත්මක ක්‍රීඩකයා ලෙසින් නම් කෙරුණ සහන් ආරච්චිගේ. ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තා.
ඔහු ගේ ඉනිම තුළ Chris Lynn හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 26ක දී ලකුණු 48ක් ද සහ Mohammad Nawaz හා එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 30ක දී ලකුණු 68ක සබඳතාවක් ද එක් කරනවා.
එහි දී Chris Lynn පන්දු 22ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 46ක් ද සහ Mohammad Nawaz පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී ඩිල්ශාන් මදුශංක සහ Lizaad Williams කඩුලු ද්විත්වය බැගින් ද සහ දුනිත් වෙල්ලාලගේ, Mohamed Shiraz සහ Shakib Al Hasan කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 50ක් වෙද්දී දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත් වෙනවා.
එසේ වූ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ දුනිත් වෙල්ලාලගේ. ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 56ක් ලබා ගන්නවා. එය ඔහුගේ මෙවර තරගාවලියේ මංගල අර්ධ ශතකයයි.
ඔහුට අමතර ව David Wiese පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ද සහ කමිල් මිෂාර පන්දු 8ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 15ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ඒශාන් මාලිංග සහ තරිඳු රත්නායක කඩුලු 3ක් බැගින් දවා ගනිමින් වැඩි දක්ෂතා දැක් වූ අතර ඊට අමතර ව දසුන් ශානක, Akif Javed, විජයකාන්ත් වියස්කාන්ත් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Galle Gallants – කඩුලු 8ක් දැවී 193 (20.0) Chris Lynn 46, සහන් ආරච්චිගේ 63, Mohammad Nawaz 27, ඩිල්ශාන් මදුශංක 2/35, Lizaad Williams 2/37
- Jaffna Kings – සියලුම දෙනා දැවී 133 (17.5) David Wiese 22, දුනිත් වෙල්ලාලගේ 56, තරිඳු රත්නායක 3/19, ඒශාන් මාලිංග 3/13
Galle Gallants කණ්ඩායමට ලකුණු 60ක ජයක්.
තරගයේ වීරයා – සහන් ආරච්චිගේ (Galle Gallants)
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (24) විවේකි දිනය වන අතර නැවැත තරගාවලිය හෙට (25) ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව එදිනට Galle Gallants සහ Kandy Royals අතර තරගය දිවා කාලයේ දී ද සහ Dambulla Sixers සහ Colombo Kaps අතර තරගය රාත්‍රී කාලයේ දී ද රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















