සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි සිව් දින යොවුන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය (22) අවසානයේ දී තම 2 වැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 155ක් ලබා සිටියා.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවි ලකුණු 411ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 148ක් පමණයි.
ඔවුන් තරගයේ 3 වැනි දිනයේ දී තම ඉනිම ආරම්භ කරන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 122ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී සෙත්මික සෙනෙවිරත්න (4) සහ ගිම්හාන් මෙන්ඩිස් (4) නොදැවී පිටියේ රැඳී සිටි අතර ගිම්හාන් මෙන්ඩිස් දිනයේ යැවුණ 5 වැනි පන්දුවේ දී එම ලකුණු ප්‍රමාණය ම තිබිය දී තම ඉනිම හැර යනවා.
ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී සෙත්මික සෙනෙවිරත්න පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Rohit Yadav, Chigurapati Venkata, Pranav Raghavendra සහ J Hemachudesan කඩුලු ද්විත්වය බැගින් දවාගත් අතර ඊට අමතර ව Kavya Patel ද කඩුල්ලක් දවා ගත්තා.
- ශ්‍රී ලංකා යෞවනයෝ ලකුණු 289ක් පිටුපසින්
- එංගලන්තය සිය දෙවැනි හොඳම ලෝක කුසලාන ගමන සටහන් කරයි!
- 23න් පහළ අලුත් ම ශතකලාභියා, චන්දූප
- ලකුණු වර්ෂාවකින් පසුව තරගය නිම වෙයි
- ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමා වෙයි
ලකුණු 263ක් ද අතැතිව නැවත 2 වැනි ඉනිමට පිටියට පිවිසි ඉන්දීය සංචාරක ක්‍රීඩකයෝ එවර කඩුලු 3ක් දැවී ලකුණු 208ක් ලබා ගනිමින් ඉනිම අත්හිටුවනවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ආරම්භක පිතිකරු Lakshya Raichandani. පෙර තරගයේ දී ද්විත්ව ශතකයක් ලබා ගත් මේ 17 වියැති ක්‍රීඩකයා මෙම ඉනිමේ දී පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයෙ පහරක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා සිටියා.
ඔහු 4 වැනි කඩුල්ල වෙනුවෙන් Manal Chauhan හා එක් ව පන්දු 81ක දී නොදැවුණ ලකුණු 95ක සබඳතාවක් ගොඩ නගනවා. ඊට Manal Chauhan නොදැවී එක් කරන ලද ලකුණු සංඛ්‍යාව 51ක්. ඔහු ඊට පන්දු 46ක් වැය කර තිබූ අතර හතරේ පහර 7ක් සහ හයේ පහරක් එක් කර තිබුණා.
කඩුලු දවා ගැනීමේ දී කවිජ ගමගේ ලකුණු 42කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව විග්නේශ්වරන් ආකාශ් කඩුල්ලක් දවා ගත්තා.
ලකුණු 471ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය 3 වැනි දිනයට නතර කරන විට ප්‍රතිවාදීන්ට වඩා සිටිනුයේ ලකුණු 317ක් පිටුපසිනුයි. එම ඉනිමේ දී සෙනුජ වැකුණගොඩ පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත් අතර දිනය අවසන් වෙද්දී නායක විමත් දින්සර පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 8ක සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනා සිව් වැනි කඩුල්ලට පන්දු 112ක දී ලකුණු 98ක සබඳතාවක් එක් කරනවා.
ඔවුන්ට අමතර ව විරාන් චමුදිත පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත් අතර මේ වෙද්දී කවිජ ගමගේ නොදැවී ලකුණක් ලබා ගනිමින් විමත් දින්සර හා එක් ව පිටියේ රැඳී සිටිනවා.
කඩුලු දවා ගැනීමේ දී ඉනිමේ දැවී ගිය කඩුලු 4න් 3ක් ම දවා ගන්නේ Chigurapati Venkata. ඔහු මෙම දක්ෂතාව දක්වන්නේ පන්දුවාර 6ක් යවමින් ලකුණු 25ක් ලබා දෙමිනුයි.
අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය Yashbardhan Chauhan සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 411 (105.2) Kushagra Ojha 111, Yashbardhan Chauhan 78, Manal Chauhan 150, Chigurapati Venkata 25, සෙත්මික සෙනෙවිරත්න 2/90, ගිම්හාන් මෙන්ඩිස් 3/102, දුල්නිත් සිගේරා 2/69, විග්නේශ්වරන් ආකාශ් 2/50
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 148 (52.1) දිමන්ත මහවිතාන 24, විරාන් චමුදිත 21, දුල්නිත් සිගේරා 31, සෙත්මික සෙනෙවිරත්න නොදැවී 25, Pranav Raghavendra 2/28, Chigurapati Venkata 2/27, J Hemachudesan 2/34, Rohit Yadav 2/14
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 208 (40.2) Lakshya Raichandani නොදැවී 100, Yashbardhan Chauhan 20, Manal Chauhan නොදැවී 51, කවිජ ගමගේ 2/42
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 155 (36.0) විරාන් චමුදිත 31, සෙනුජ වැකුණගොඩ 64, විමත් දින්සර නොදැවී 55, Chigurapati Venkata 3/25
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 317ක් පිටුපසින්.
මෙම තරගය හෙට (23) 4 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















