ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝෂණීය ධාන්‍යමය ආහාර සන්නාමය වන CBL සමපෝෂ, පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව 10 වැනි වසරටත් සිය දායකත්වය ලබා දෙමින්, පාසල් දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යන් වර්ධනය කරමින්, ශ්‍රී ලාංකීය දරුවන් අතර සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා දක්වන තම දිගුකාලීන කැපවීම නැවත වරක් විදහා දක්වයි.
CBL සමපෝෂ බල ගන්වමින්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් සංවිධානය කරනු ලබන 2026 පළාත් පාසල් ක්‍රීඩා උළෙල, බස්නාහිර, උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව, දකුණ සහ සබරගමුව යන පළාත් හත කේන්ද්‍ර කර ගනිමින් ජුලි මස 21 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි. පාසල් 3,500කට අධික සංඛ්‍යාවකින් 35,000කට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්, ක්‍රීඩා ඉසව් 70ක් සඳහා මෙවර සහභාගී වීමට නියමිත අතර එහි ජයග්‍රාහි පාසල් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් කුසලාන, සහතික පත් සහ පදක්කම් පිරිනමනු ලබයි.
CBL සමපෝෂ 2026 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ සමාරම්භය සනිටුහන් කරමින් උතුරු මැද පළාත් පාසල් ක්‍රීඩා උළෙල අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී ලබන ජූලි මස 21 වන දා ආරම්භ කෙරෙන අතර, එය ජුලි 24 වැනි දායින් අවසන් වේ. ඌව පළාත් පාසල් ක්‍රීඩා උළෙල, බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී ජුලි මස 31 වනදා සිට අගෝස්තු මස 04 වනදා දක්වා පැවැත්වේ.
දකුණු පළාත් පාසල් ක්‍රීඩා තරඟ ගාල්ල, දඩැල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේදී අගෝස්තු මස 04 වැනිදා සිට 07 දක්වා පැවැත්වෙන අතර, වයඹ පළාත් පාසල් ක්‍රීඩා උළෙල වෙන්නප්පුව ඇල්බට් එෆ් පිරිස් ක්‍රීඩාංගනයේදී, සැප්තැම්බර් මස 08 වැනිදා සිට 11 දා දක්වා පැවැත්වෙනු ඇත.
බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරහ, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී සැප්තැම්බර් මස 07 වැනිදා සිට 10 දක්වා පැවැත්වෙනු ඇත. නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙල, මඩකලපුව වෙබර් ක්‍රීඩාංගනයේදී සැප්තැම්බර් මස 09 වැනිදා සිට 13 දා දක්වා පැවැත්වීමට නියමිතයි.
CBL සමපෝෂ 2026 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ අවසාන අදියර වන සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරඟ, ඇඹිලි පිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී සැප්තැම්බර් මස 11 වැනිදායින් ආරම්භ වී 15 වැනිදායින් අවසන් වේ.
පළාත් පාසල් ක්‍රීඩා උළෙල යනු සමපෝෂ ‘දිනන දරුවෝ” වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ප්‍රධානතම අංගයක් වන අතර එය දරුවන්ගේ පෝෂණය, ක්‍රීඩාව, අධ්‍යාපනය, නිර්මාණ ශීලීත්වය, නායකත්වය මෙන්ම යහපත් ගුණාංගවලින් පිරිපුන් විශිෂ්ට අනාගත පරපුරක් බිහි කිරීම අරමුණු කරගනිමින්, දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා අඛණ්ඩව පවත්වා ගෙන යනු ලබන වැඩසටහනකි. සෑම ජයග්‍රාහී දරුවෙකුගේ ම ආරම්භය නිසි පෝෂණය, සෞඛ්‍ය සම්පන්න පුරුදු සහ තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අවස්ථාවක් බව ‘දිනන දරුවෝ’ වැඩ සටහනෙහි විශ්වාසයයි. දරුවන් ආත්ම විශ්වාසයෙන්, විනයගරුක ව සහ පරිපූර්ණ පෞරුෂයකින් යුත් පුද්ගලයන් ලෙස වර්ධනය කරමින්, රටේ දියුණුවට අර්ථවත් දායකත්වයක් ලබා දිය හැකි පුරවැසියන් බවට පත් කිරීම වෙනුවෙන් සමපෝෂ දක්වන අඛණ්ඩ කැපවීම මේ තුළින් මැනවින් පෙන්නුම් කරයි.
මේ පිළිබඳ අදහස් දක්වමින්, CBL ආහාර අංශයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි මංජුල දහනායක මහතා මෙසේ පැවසීය. “වර්තමාන දරුවන් හෙට දවසේ නායකයන් බවට පත් වෙන බව CBL හි අපගේ විශ්වාසයයි. සමපෝෂ ‘ දිනන දරුවෝ” වැඩසටහන හරහා, නිසි පෝෂණයෙන් සවි බල ගැන්වුණු දරුවන් පමණක් නොව, ක්‍රියාශීලී මෙන්ම ආත්ම විශ්වාසයක් සහිතව සහ අනාගතයේ නායකත්වය දැරීමට අවශ්‍ය ගුණාංග වලින් බලගැන්වුන දරු පරපුරක් බිහි කිරීමට අපි කැපවී කටයුතු කරනවා. විනය, කණ්ඩායම් හැඟීම, අභියෝග සඳහා මුහුණ දීමේ ශක්තිය, ආත්ම විශ්වාසය සහ යහපත් ගුණාංග වර්ධනය කිරීම සඳහා ක්‍රීඩාව ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා, පළාත් පාසල් ක්‍රීඩා උළෙල සමඟ අප පවත්වනු ලබන මෙම අඛණ්ඩ සහයෝගිතාව තුළින් පිළිබිඹු වන්නේ, ක්‍රීඩා පිටිය තුළ දී මෙන්ම ඉන් පිටතදී ද ජයග්‍රහණ කරා යාමට ශ්‍රී ලාංකීය තරුණ පරපුරට අවශ්‍ය අවස්ථාවන් සලසා දෙමින්, ඔවුන් ව සවි බල ගැන්වීම සඳහා අප අඛණ්ඩ දක්වන කැපවීමයි.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
දේශීය ධාන්‍ය වර්ග සපයා ගැනීම උදෙසා මෙරට ගොවි පවුල් 28,000 කට වැඩි පිරිසක් සම්බන්ධ කර ගනිමින් CBL සමුහ ව්‍යාපාරය ක්‍රියාත්මක කරනු ලබන ‘ ගොවි පවුල කෘෂි ව්‍යාපෘතිය හරහා මෙම අරමුණ තවදුරටත් ශක්තිමත් වෙනවා. මෙලෙස රටේ ගොවි ජනතාව සවිබල ගන්වමින්, ගුණාත්මක පෝෂණයෙන් පිරි නිෂ්පාදන පාරිභෝගිකයා වෙත සමීප කිරීම තුළින් සමස්ත ගොවි ප්‍රජාවට මෙන්ම රටේ අනාගත දරු පරපුරට ද තිරසර ප්‍රතිලාභ අත් කර දීමට CBL ආයතනය කටයුතු කරනවා.”
ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩා ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව සිදු කරන ආයෝජන සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සමඟ පවත්වා ගෙන යන සමීප සහයෝගිතාව තුළින්, තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනකට සිය දක්ෂතාවයන් හඳුනා ගැනීමට, ඉහළම පළාත් මට්ටමේ තරඟාවලි සඳහා සහභාගී වීමට සහ ක්‍රීඩාව තුළින් වැඩිදියුණු කෙරෙන විනය, අභියෝග ජය ගැනීමේ හැකියාව, කණ්ඩායම් හැඟීම සහ ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමට CBL සමපෝෂ අවස්ථාවන් නිර්මාණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්. එම්. ක්‍රිෂාන් දුමීන්ද මහනා මෙසේ පැවසීය.
“පාසල් දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීමට, ඔවුන්ගේ ශාරීරික හා මානසික යහ පැවැත්ම වැඩිදියුණු කිරීමට සහ ඔවුන්ගේ දක්ෂතාවන් ජාතික තලය දක්වා ඔසවා තැබීමට අවශ්‍ය මූලික පදනම සකස් කර දීමට පසුගිය වසර දහයක කාලයක සිට CBL සමපෝෂ විසින් ලබා දුන් සුවිසල් දායකත්වය අප ඉතා අගය කොට සළකනවා.’’
CBL සමුහය පිළිබඳව:
1968 වසරේ දී ආරම්භ කරන ලද CBL සමූහය, ශ්‍රී ලංකාවේ විශාලතම සහ විවිධාංගීකරණය වූ ආහාර නිෂ්පාදන සමුහ ව්‍යාපාර අතරින් එකක් වන අතර එය බිස්කට්, ධාන්‍යමය ආහාර, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ පහසුවෙන් සකසා ගත හැකි ආහාර නිෂ්පාදන කාණ්ඩයන් තුළ ශක්තිමත් පැවැත්මක් දේශීය වෙළෙඳ පොළ තුළ හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකාවට අමතරව ඝානාව සහ ඉන්දුනීසියාව යන රටවල තම උසස් තත්ත්වයේ නිෂ්පාදන මෙහෙයුම් පවත්වා ගෙන යනු ලබන CBL සමූහයේ නිෂ්පාදන සන්නාම ලොව පුරා රටවල් 70කට අධික සංඛ්‍යාවක් වෙත ළඟා වෙමින්, ගෝලීය වෙළෙඳපොළේ මිලියන සංඛ්‍යාත පාරිභෝගිකයන් එහි විශ්වාසය දිනාගෙන තිබේ. සිය විශ්වසනීය සන්නාම සහ උසස් තත්ත්වයේ ආහාර නිෂ්පාදන තුළින් පාරිභෝගික ආකර්ෂණය දිනා ගනිමින් නවෝත්පාදනය, තිරසර වර්ධනය සහ ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ සිය ව්‍යාප්තිය තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට CBL සමුහය කටයුතු කරයි.
දෙස්, විදෙස් ක්‍රීඩා පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<






















