සෑම කණ්ඩායමකටම දූෂණ විරෝධී කළමනාකරුවන්

127
Anti-Corruption Managers

තවත් දින කිහිපයකින් ආරම්භ වීමට නියමිත ICC ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය, මෙතෙක් පැවති දූෂණ වංචා අවම ම ලෝක කුසලානය බවට පත් කිරීමේ අරමුණින් ICC දූෂණ වංචා ඒකකය සෑම කණ්ඩායමකටම දූෂණ වංචා කළමනාකරුවෙකු බැගින් පත්කිරීමට තීරණය කර තිබේ.

ක්‍රීඩකයෙක් සුවය ලබා පිටියට එද්දී තවත් අයෙක්ට ආබාධයක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකක් සඳහා සහභාගී වන අතර එහි…

ඒ අනුව පළමු වතාවට ඉදිරි සති හය පුරා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග වදින සියලුම කණ්ඩායම් තමන් විසින්ම තෝරා පත් කරගන්නා ලද දූෂණ වංචා කළමනාකරුවෙකු සමඟින් කටයුතු කරනු ඇත.

ICC ය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ ක්‍රීඩකයින් සහ දූෂණ වංචා ඒකකය අතර සුහදතාව වැඩි කිරීමේ අරමුණිනි. කෙසේ වෙතත් නව දූෂණ වංචා කළමනාකරුවාට, කණ්ඩායම සමීපයෙන්ම කටයුතු කරමින් කණ්ඩායම සමඟම ගමන් කරමින් ක්‍රීඩකයින්ව දූෂණ සඳහා පොළඹවාගන්නා ස්ථාන හෝ පුද්ගලයින් හඳුනාගැනීමට ඉඩ ප්‍රස්තාව ලැබෙනු ඇති’යි යන්න ICC ය බලාපොරොත්තු වේ.

තවදුරටත් මේ පිළිබඳව අවධානය යොමු කර ඇති ICC ය ක්ෂණික ඇමතුම් අංකයක් සහ දුරකථන යෙදවුමක් (App) ද හඳුන්වාදී ඇත්තේ ක්‍රීඩකයින්ට ඉක්මණින් දූෂණ වංචා පිළිබඳව වාර්තා කිරීමට හැකි වන ලෙසයි. පෙර වසරවලට වඩා මෙවර ICC ය දූෂණ වංචා මැඩලීමට දැඩි පියවර ගැනීම විශේෂත්වයකි.

ICC දූෂණ වංචා ඒකකයේ ප්‍රධානි ඇලෙක්ස් මාර්ෂල් පවසන්නේ මෙම වසරේ ලෝක කුසලානය මෙතෙක් පැවති දූෂණ වංචා අවම ම ලෝක කුසලානය වනු ඇති බවයි.

“මේ ලෝක කුසලානයේ අපිට තියෙන වාසිය තමයි, මේ වතාවේ මට තහවුරු කරන්න පුළුවන් සියලුම කණ්ඩායම් හා සියලුම නිලධාරීන් දන්නවා අපිට තිබෙන තර්ජනය කුමක්ද කියලා. ඒ වගේම ඔවුන් දන්නවා තමන් කුමන පුද්ගලයින්ගෙන්ද පරිස්සම් වෙන්න ඕනේ කියලා. ඒ වගේම තමන් ප්‍රශ්න වලින් ඈත් වෙලා ඉන්නේ කොහොමද කියලා.”

“පසුගිය මාස 18 තුළ අපි පුද්ගලයින් 15 දෙනෙකුට චෝදනා ගොනු කරලා තිබෙනවා. ඒ කිසිම පුද්ගලයෙක් වර්තමානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් නොවෙයි.”

“මේ වනවිට අපි චොදනා ගොනු කරලා තිබෙන්නේ කළමනාකරුවන්, ජ්‍යෙෂ්ඨ විධායක ශ්‍රේණියේ නිලධාරින්, කමිටු සාමාජිකයින්, පුහුණුකරුවන් හා හිටපු ක්‍රීඩකයින් වැනි මේ වනවිට ක්‍රීඩා නොකරන අයට.”

“මොවුන් කණ්ඩායම් වලින් බොහොම ඈත නිලධාරින්. ඔවුන් මේ වනවිට කණ්ඩායම් සමඟ සබඳතා පවත්වන්නේ නැහැ.”

සත්කාරක එංගලන්තයත් අමාරුවේ වැටෙන ලකුණු

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් දින 6ක පමණ කාලයක් ඉතිරිව තිබියදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ…

“ඊට අමතරව අපිට අයත්වන ICC චර්යා ධර්ම සීමාවට එපිටින් සිටි වරදකරුවන් 30 කට චෝදනා ගොනු කළා. ඔවුන්ට නැවත ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වන්නට නොහැකි ලෙස අපි කටයුතු සිදුකර තිබෙනවා.”

“දූෂණ වංචා සිදුකරන පුද්ගලයින් මෙවර ලෝක කුසලානය දිහා බැලුවාම ඔවුන් දකින්නේ හොඳට සංවිධානය වුනු, හොඳින් පාලනය වන, ආරක්ෂක තත්වය ඉහළ තරගාවලියක්. එම නිසා දූෂණ වංචා කරන්න මාන බලන පුද්ගලයින්ට ක්‍රියාත්මක වෙන්න ඉතා අපහසුයි.”

“ඔවුන් බොහොම කැමති වෙයි තරගාවලිය තුළට පැමිණ ක්‍රීඩකයින්ව වංචා වලට පොළඹවා ගන්න. කෙසේ වෙතත් ඔවුන්ගෙන් ලෝක කුසලානයේ එක් තරගයකටවත් බලපෑමක් ඇති නොවෙන්න අපි අපේ රාජකාරිය හරියටම කරලා තිබෙනවා.”

දුෂණ වංචා සිදුකරන පුද්ගලයින් හඳුනාගැනීම සහ ඔවුන්ට චෝදනා ගොනු කිරීමට මාර්ෂල්ගේ ICC දූෂණ වංචා විරෝධී ඒකකය විශේෂ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

නමුත් ඉන් විශේෂ කරුණ නම් එක් කණ්ඩායමකට එක් කළමනාකරුවෙකු බැඟින් ලබා දීමයි.

මාර්ෂල් විශ්වාස කරන්නේ බාහිර බලපෑම් වලින් ක්‍රීඩාව ආරක්ෂා කිරීමට මෙම ක්‍රියා මාර්ගය ඉතා වැදගත් වනු ඇති බවයි.

“මේ කළමනාකරුවන් මගේ නිලධාරින්. ඔවුන් ලොව පුරා විවිධ රටවල රාජකාරි කළ අය. ඔවුන් පසුගිය වසර පුරාවටම එක් එක් කණ්ඩායම් සමඟ කටයුතු කරන්නට සමත් වුනු අතරම ක්‍රීඩකයින් සමඟ සුහද වන්නටත් සමත් වුනා.”

“අපේ සැබෑ රාජකාරිය තිබෙන්නේ ක්‍රීඩා පිටියෙන් ඉවතයි. කණ්ඩායම් රැඳී සිටින හෝටල් සහ ඔවුන් ගැවසෙන ස්ථාන වලයි.”

“අපි ක්‍රීඩකයින් සමඟ හොඳ සුහදතාවයක් ගොඩනගා ගෙන තිබෙනවා. අපි ඒ බව විශ්වාසයෙන් කියන්නේ ක්‍රීඩකයින් අපිට යොමු කරන පැමිණිලි හා වාර්තා වල සැලකිය යුතු වැඩි වීමක් තිබෙන නිසයි.”

පාකිස්තානුවන්ගේ මෙහෙයුමෙන් කුසලානය ඔවුන් ඩැහැගනී ද?

නොබෝ දිනකින් ඇරඹීමට නියමිත 12 වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මේ වන විට කටයුතු සියල්ල සූදානම්. මීට සහභාගී…

“තර්ජනය ක්‍රියාත්මකයි වගේම සහ එය සදහටම අවසන් කරන්නට බැහැ. නමුත් ක්‍රීඩකයින් මේ පිළිබඳව හොඳ අවබෝධයකින් සිටිනවා නම් සහ තරගාවලිය හොඳින් ආරක්ෂා කර තිබෙනවා නම් ක්‍රිකට් ක්‍රීඩාව දූෂණ වලට ප්‍රතිරෝධී වේවි. දූෂණ ක්‍රියාවල යෙදෙන්නන්නට වෙනතක් බලා ගන්නට සිදුවේවි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<