SLC සියලුම ආකාරයේ තරග කල් දමයි

SLC Major Club T20 Tournament 2026

32
SLC Major Club T20 Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් අද (13) සිට සංවිධානය කරන්නට තීරණය කර තිබූ Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සහ අන්තර් ක්‍රීඩා සමාජ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පැවැතෙන අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම තරග දිනක් ඇර දිනක් පැවැත්වීමට යෝජිතව තිබුණ ද පෙර දින සිට මේ දක්වා ද පැවැත්වෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද උදෑසන මෙම තීරණය ගැනීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කළේ. මෙම තරගාවලි ද්විත්වයට අමතර ව මේ දිනවල පැවැත්වෙන අනෙකුත් තරගාවලි ද මේ ආකාරයෙන් කල් දැමුණා.

Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග මැයි මස 25 වැනිදා දක්වාත් සහ අන්තර් ක්‍රීඩා සමාජ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග මැයි 21 වැනිදා දක්වාත් පැවැත්වීමට යෝජිත ව තිබුණා.

Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<