බොක්සිං වළල්ලේ වැඩි ගෞරවය යුද හමුදාවට

292
Boxing Nationals 2018

92 වන ජාතික බොක්සිං ශූරතා තරගාවලියේ අවසන් තරග පසුගිය 20 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයීය බොක්සිං කවයේ දී පැවැත්විය.

එහි දී 2017 වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පී. වී. ඩී. ඩී. සපරමාදු (ස්ලිම්ලයින්) ක්‍රීඩකයා සම්මාන දිනා ගන්නා විට දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව යන සම්මාන ද්විත්වය පිළිවෙළින් පී. ඩී. ඩී. මදුරංග (යුද හමුදාව) හා ජේ. ඒ. ඩී. ජයසිංහ (යුනිචෙලා) සම්මාන දිනා ගන්නා ලදි. සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ආරාධිත අමුත්තා ලෙස පැමිණ සිටියේ හිටපු බොක්සිං ශූරයෙක් මෙන්ම හිටපු යුද හමුදා කමාන්ඩෝ නිලධාරියෙකු වන ජෙනරල් ජගත් ජයසූරිය මහතායි.

ශ්‍රී ලංකාවට බොක්සිං රන් පදක්කමක්

ජර්මනියේ පැවති ස්වෙන් ලාංජ් බොක්සිං තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්..

එම තරගාවලියේ තරග ප්‍රතිඵල පහත පරිදි විය.

කාන්තා අංශය

කිලෝග්‍රෑම් 81 වැඩි සුපිරි අධි බර පංතිය
රන් පදක්කම – අයි. ඩබ්. එස්. එස්. චන්ද්‍රසේකර (යුනිචෙලා)
කිලෝග්‍රෑම් 75 මධ්‍ය බර පංතිය
රන් පදක්කම – ඩී. ඩී. එස්. වීරරත්න (පොලීස් ක්‍රීඩා සමාජය)
රිදී පදක්කම – ජී. ඩී. එම්. එච්. ජයදේව (යුනිචෙලා)
කිලෝග්‍රෑම් 69 වෙල්ටර් බර පංතිය
රන් පදක්කම – පී. කේ. සුමුදු (යුද හමුදාව)
රිදී පදක්කම – එච්. එම්. කේ.ජී. එල්. උදයංගනී (යුනිචෙලා)
කිලෝග්‍රෑම් 64 ලයිට් වෙල්ටර් බර පංතිය
රන් පදක්කම – ජී. එච්. ටී. එන් ධර්මසේන
රිදී පදක්කම – ඒ. එම්. පී. අතපත්තු (යුනිචෙලා)
කිලෝග්‍රෑම් 60 ලයිට් බර පංතිය
රන් පදක්කම – කේ. ඒ. ඩී. ධර්මතිලක (යුනිචෙලා)
රිදී පදක්කම – ඩබ්. ඩබ්. ඒ. කේ තිවංකා (ගුවන් හමුදාව)
කිලෝග්‍රෑම් 54 බැන්ටම් බර පංතිය
රන් පදක්කම – එම්. පී. පී. එස් කුරේ (ගුවන් හමුදාව)
රිදී පදක්කම – එච්. එන්. එස්. තලගස්පිටිය (යුනිචෙලා)
කිලෝග්‍රෑම් 51 ෆ්ලයි බර පංතිය
රන් පදක්කම – ජේ. ඒ. ඩී. ජයසිංහ (යුනිචෙලා)
රිදී පදක්කම – එච්. එස්. ප්‍රියදර්ශනී (යුද හමුදාව)
කිලෝග්‍රෑම් 57 ෆදර් බර පතිය
රන් පදක්කම – කේ. ඒ. කේ හංසිකා (යුනිචෙලා)
රිදී පදක්කම – පී. ඒ. එච්. සී පස්යාල (ගුවන් හමුදාව)
කිලෝග්‍රෑම් 48 ලයිට් ෆ්ලයි බර පංතිය
රන් පදක්කම – ඒ. ඩී. කොඩිතුවක්කු (යුනිචෙලා)
රිදී පදක්කම – ඩී. එම්. එන්. සුභාෂිණි (යුද හමුදාව)

පිරිමි අංශය

කිලෝග්‍රෑම් 91 වැඩි සුපිරි අධි බර පංතිය
රන් පදක්කම – රත්නදිවාකර (ස්ලිම්ලයින්)
රිදී පදක්කම – එම්. ඩබ්. එම්. එම් මීගස්තැන්න (ගුවන් හමුදාව)
කිලෝග්‍රෑම් 91 අධි බර පංතිය
රන් පදක්කම – කේ. ජී. ඒ. පී ජයසේන (යුද හමුදාව)
රිදී පදක්කම – කේ. එම්. සී. කේ කරුණානායක (නාවික හමුදාව)
කිලෝග්‍රෑම් 81 ලයිට් බර පංතිය
රන් පදක්කම – ජී. ඒ. එන්. ප්‍රනාන්දු (නාවික හමුදාව)
රිදී පදක්කම – ආර්. ගුණරත්න (ස්ලිම්ලයින්)
කිලෝග්‍රෑම් 75 මධ්‍ය බර පංතිය
රන් පදක්කම – එම්. එස්. ජීවන්ත (යුද හමුදාව)
රිදී පදක්කම – ඩී. ගුණසේකර (ස්ලිම්ලයින්)
කිලෝග්‍රෑම් 69 ලයිට් වෙල්ටර් බර පංතිය
රන් පදක්කම – පී. ඩී. ඩී මදුරංග (යුද හමුදාව)
රිදී පදක්කම – ආර්. ජී. එස් කුමාරසිංහ (නාවික හමුදාව)
කිලෝග්‍රෑම් 64 වෙල්ටර් බර පංතිය
රන් පදක්කම – පී. වී. ඩී. ඩී සපරමාදු (ස්ලිම්ලයින්)
රිදී පදක්කම – කේ. ජී පද්මසිරි (යුද හමුදාව)
කිලෝග්‍රෑම් 60 ලයිට් බර පංතිය
රන් පදක්කම – ආර්. ඩබ්. එම්. එස්. බී රාජකරුණා (යුද හමුදාව)
රිදී පදක්කම – භානුක ජයම්පති (ස්ලිම්ලයින්)
කිලෝග්‍රෑම් 56 බැන්ටම් බර පතිය
රන් පදක්කම – ආර්. ඩී. එච්. වී රූපසිංහ (ගුවන් හමුදාව)
රිදී පදක්කම – යු. එන්. කේ. ඒ අමරවංශ (ස්ලිම්ලයින්)
කිලෝග්‍රෑම් 52 ෆ්ලයි බර පංතිය
රන් පදක්කම – එම්. වී. අයි. ආර්. එස් බණ්ඩාර (යුද හමුදාව)
රිදී පදක්කම – පී. ජී. ඊ. මදුශාන් (ගුවන් හමුදාව)
කිලෝග්‍රෑම් 49 ලයිට් බර පංතිය
රන් පදක්කම – පී. එම්. ටී. එස් රණසිංහ
රිදී පදක්කම – ඩබ්. ඒ. සී. අයි පෙරේරා (ස්ලිම්ලයින්)

විශේෂ සම්මාන

තරගාවලියේ දක්ෂතම පරාජිකාව – එච්. එස්. ප්‍රියදර්ශනී (යුද හමුදාව)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – ජේ. ඒ. ඩී. ජයසිංහ (යුනිචෙලා)

තරගාවලියේ දක්ෂතම පරාජිතයා (ඩෙනල්ඩ් මුණසිංහ අභියෝගතා කුසලානය) – ආර්.  ජී. එස්. කුමාරසිංහ (නාවික හමුදාව)

හොඳම තාක්ෂණයෙන් සපිරුණු ක්‍රීඩකයා (සර් විලියම් මානින් අභියෝගතා කුසලානය) – පී. ඩී. ඩී. මදුරංග (යුද හමුදාව)

කාන්තා කණ්ඩායම් ශූරතාවය (නෙයිවා ඇඹුල්දෙණිය අභියෝගතා කුසලානය)

  • ශූරතාවය – යුනිචෙලා (රන් පදක්කම් 4, රිදී පදක්කම් 4)
  • දෙවන ස්ථානය – පොලිස් ක්‍රීඩා සමාජය (රන් පදක්කම් එකයි, රිදී පදක්කම් දෙකයි, ලෝකඩ පදක්කම් දෙකයි)
  • තෙවන ස්ථානය -යුද හමුදාව (රන් පදක්කම් එකයි, රිදී පදක්කම් දෙකයි, ලෝකඩ පදක්කම් එකයි)

පිරිමි ශූරතාවය (සෙල්වදූරෙයි සමරු අභියෝගතා කුසලානය)

  • ශූරතාවය – යුද හමුදාව (රන් පදක්කම් හතරයි, රිදී පදක්කම් එකයි, ලෝකඩ පදක්කම් හතරයි)
  • දෙවන ස්ථානය – ස්ලිම්ලයින් (රන් පදක්කම් දෙකයි, රිදී පදක්කම් පහයි, ලෝකඩ පදක්කම් තුනයි)
  • තෙවන ස්ථානය -ගුවන් හමුදාව (රන් පදක්කම් එකයි, රිදී පදක්කම් දෙකයි, ලෝකඩ පදක්කම් පහයි)

2017 වසරේ හොඳම දක්ෂතම ක්‍රීඩකයා – පී. වී. ඩී. ඩී සපරමාදු (ස්ලිම්ලයින්)

2017 වසරේ සාර්ථකම කාන්තා බොක්සිං ක්‍රීඩා සමාජය – යුනිචෙලා බොක්සිං සමාජය

2017 වසරේ සාර්ථකම පිරිමි බොක්සිං ක්‍රීඩා සමාජය (මුත්තයියා සේවියර් සමරු අභියෝගතා කුසලානය) – ස්ලිම්ලයින්

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<