එක්දින නීල – ලෝහිත කුසලානයත් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට

5th Battle of the Blues & Maroons

14
5th Battle of the Blues & Maroons

කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අතර 5 වැනි වරටත් පැවැති නීල – ලෝහිත වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව පැවැති වාර්ෂික එක්දින තරගයේ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ විද්‍යාලයට හිමි වුණා.

දෙවිදුහල් අතර පැවැති නීල – ලෝහිත වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ද ජයග්‍රහණය ලබා ගත්තේ මහින්ද රාජපක්ෂ විද්‍යාලයයි.

>>නීල – ලෝහිත කුසලානය හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය දිනා ගනී<<

කොළඹ SSC ක්‍රීඩංගණයේ දී පැවැති මෙම තරගයේ දී කණ්ඩායම් ද්විත්වය ම නීල – ලෝහිත වාර්ෂික මහා ක්‍රිකට් තරගයට එක් වූ කණ්ඩායම්වල වෙනස්කම් කිහිපයක් සිදු කර තිබුණා. ඒ අනුව මහින්ද රාජපක්ෂ විද්‍යාලය මෙම තරගයට එක් වෙන්නේ එක් වෙනස්කමක් සිදු කරමින්. ඒ ඔමික රිසත් වෙනුවට මිනුල මීගවත්ත එක් කර ගනිමින්.

ආරක්ෂක සේවා කණ්ඩායම මෙම තරගයට එක් වූයේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගයට එක් වූ සෙතුන් සේනානායක සහ සඳලු ඉඳුසර වෙනුවට ලුතික බිනාත් සහ තිනෝන් රශ්මික එක් කර තිබුණා.

ආරක්ෂක සේවා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

ලුතික බිනත් (නායක), ජෙහාන් ජෝර්ජ්, සඳරු සෙහස්, විනෙත් සංවිදු (කඩුලු රකින්නා), සිත්ම සකුලිත්, ලුතික බිනාත්, ඉසිත රවිසර, ජෙසිත් ශවිඳු, වුත්සර ඔකිත, තිනෝන් රශ්මික සහ නිමිත බිමන්දිව්

 

මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

ඉරුශ අනුජය (නායක), රන්දිලු දිසස්, නඳුන් භාග්‍ය, රමේෂ් හේමාල්, දුලන ඉඳුවර, දිමන් ලිත්සර, දෙනුවන් ත්‍රිසංක, නිසල් ඉන්සිත, පසන් සංකල්ප (කඩුලු රකින්නා), කුශේන් ටනුජ සහ මිනුල මීගවත්ත.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඒ අනුව ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 272ක් ලබා ගන්නවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ දුලන ඉඳුවර. ඔහු පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 128ක් ලබා ගන්නවා.

ඔහු ඉරුශ අනුජය හා එක්වෙමින් 4 වැනි කඩුල්ලට පන්දු 158ක දී ලකුණු 145ක සබඳතාවක් ද ගොඩ නගනවා. ඉරුෂ අනුජය ඉනිමේ 7 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියා.

ඊට අමතර ව රමේෂ් හේමාල් පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ද සහ රන්දිලු දිසස් පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනිමේ දී ලුතික බිනාත් සහ නිමිත බිමන්දිව් කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව වුත්සර ඔකිත, තිනෝන් රශ්මිත සහ සිත්ම සකුලිත් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ආරක්ෂක සේවා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 232ක් පමණයි. ඔවුන්ගේ ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ.

ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ 8 වැනි කඩුල්ලට පිටියට පිවිසි වුත්සර ඔකිත. ඔහු ඉනිම අවසන් වන විට පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 82ක් ලබා සිටියා.

ඊට අමතර ව ඉසිත රවිසර පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 55ක සබඳතාවක් ගොඩ නැඟීමට ද සමත් වෙනවා.

තරගය නිමා වෙද්දී 9 වැනි කඩුල්ලට එක් වූ වුත්සර ඔකිත සහ නිමිත බිමන්දිව් එක් ව නොදැවුණ ලකුණු 84ක සබඳතාවක් ද එක් කරනවා. එහි දී නිමිත බිමන්දිව් පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 14ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දෙනුවන් ට්‍රිසංක ලකුණු 48කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව දිමන් ලිත්සර කඩුලු 2ක් ද, රමේෂ් හේමාල් සහ මිනුල මීගහවත්ත කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • මහින්ද රාජපක්ෂ විද්‍යාලය – කඩුලු 9ක් දැවී 272 (50.0) රන්දිලු දිසස් 20, රමේෂ් හේමාල් 22, දුලන ඉඳුවර 128, ඉරුෂ අනුජය 33, ලුතික බිනාත් 2/53, නිමිත බිමන්දිව් 2/53
  • ආරක්ෂක සේවා විද්‍යාලය – කඩුලු 8ක් දැවී 232 (50.0) විනෙත් සන්විදු 24, ඉසිත රවිසර 47, වුත්සර ඔකිත නොදැවී 82, දිමන් ලිත්සර 2/37, දෙනුවන් ත්‍රිසංක 3/48

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ලකුණු 40ක ජයක්.

තරගයේ දක්ෂතම පන්දු රකින්නා – රන්දිලු දිසස් (මහින්ද රාජපක්ෂ විද්‍යාලය)

 

තරගයේ දක්ෂතම පන්දු යවන්නා – දෙනුවන් ත්‍රිසංක (මහින්ද රාජපක්ෂ විද්‍යාලය)

 

තරගයේ දක්ෂතම පිතිකරු – වුත්සර ඔකිත (ආරක්ෂක සේවා විද්‍යාලය)

 

තරගයේ වීරයා – දුලන ඉඳුවර (මහින්ද රාජපක්ෂ විද්‍යාලය)

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<