කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අතර 5 වැනි වරටත් පැවැති නීල – ලෝහිත වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් තවත් දිනයක් තිබියදී ම කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ විද්‍යාලය සමත් වුණා.
මොරටුව ද සොයිසා ක්‍රීඩංගණයේ දී තුන්දින තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ආරක්ෂක සේවා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියා.
ආරක්ෂක සේවා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ලුතික බිනත් (නායක), ජෙහාන් ජෝර්ජ්, සඳරු සෙහස්, ඉසිත රවිසර, විනෙත් සංවිදු (කඩුලු රකින්නා), සිත්ම සකුලිත්, වුත්සර ඔකිත, සෙතුන් සේනානායක, ජෙසිත් ශවිඳු, සඳලු ඉඳුසර සහ නිමිත බිමන්දිව්.
මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ඉරුශ අනුජය (නායක), රන්දිලු දිසස්, නඳුන් භාග්‍ය, රමේෂ් හේමාල්, දුලන ඉඳුවර, නිසල් ඉන්සිත, පසන් සංකල්ප (කඩුලු රකින්නා), දෙනුවන් ත්‍රිසංක, දිමන් ලිත්සර, කුශේන් ටනුජ සහ ඔමික රිසත්.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ආරක්ෂක සේවා කණ්ඩායම ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 53ක් පමණයි.
අලෙසින් අසරණ වූ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අංක 9 ස්ථානයෙන් පිටියට ඒක් වූ ජෙසිත් ශවිඳු. ඔහු පන්දු 38කට මුහුණ දෙමින් ලකුණු 12ක් ලබා ගත්තා.
අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවට පිවිසීමට මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන් අතුරින් වමතින් පා දඟ පන්දු යැවූ රමේෂ් හේමාල් ලකුණු 16කට කුඩලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
ඊට අමතර ව තවත් පන්දු යවන්නන් 5 දෙනෙක් අතරේ ඉතිරි කඩුලු 5 බෙදී ගියා.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහින්ද රාජපක්ෂ විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 142ක් ලබා ගන්නවා. එම ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 35ක් වෙද්දී දවා ගැනීමට ප්‍රතිවාදී ආරක්ෂ සේවා ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුණා.
එසේ වෙද්දී අංක 4 ස්ථානයෙන් පිටියට එක් වූ දුලන ඉඳුවර 7 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.
ඊට අමතර ව දිමන් ලිත්සර පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 37ක් ද සහ දෙනුවන් ත්‍රිසංක පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ද ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව 8 වැනි කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් ද එක් කරනවා. එම ඉනිමේ දී පිතිකරුවෝ 8 දෙනෙක් ම තනි ලකුණුවලට සීමා වුණා.
කඩුලු දවා ගැනීමේ දී වමතින් පා දඟ පන්දු යැවූ වුත්සර ඔකිත ලකුණු 42කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ලුතික බිනත් සහ සඳලු ඉඳුසර කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
- රාජකීය විද්‍යාලය Mustangs කුසලානය දිනා ගනී
- මොරටු – ශ්‍රී සුමංගල රන් සටනත් විසඳුමක් නෑ
- කවිජගේ තුන් ඉරියව් දස්කම් සමඟ කිංග්ස්වුඩ් විද්‍යාලය වසර 68 අතීතය වෙනස් කරයි!
- අස්ගිරිය ගිනියම් වෙයි, කන්ද උඩරට නිල් සටනේ ජය ත්‍රිත්ව විද්‍යාලයට
- ශ්‍රී ලංකා ක්‍රිකට් Gary Kirsten යටතට!
ලකුණු 89ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ආරක්ෂක සේවා විද්‍යාලයීය ක්‍රීඩකයෝ එවර ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 106ක් පමණයි. කඩුලු ත්‍රිත්වයක් ද වාර්තා වූ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ආරම්භක පිතිකරු ජෙහාන් ජෝර්ජ්. ඔහු පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 45ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ඉසිත රවිසර පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ද සහ ලුතික බිනත් පන්දු 66කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 15ක් ද ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක් ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණියේ නැහැ.
කඩුලු දවා ගැනීමේ දී ආරක්ෂ සේවා විද්‍යාලයට එරෙහි ව කඩුලු ත්‍රිත්වයක් ද වාර්තා කරමින් ලකුණු 35කට කඩුලු 5ක් දවා ගැනීමට දෙනුවන් ත්‍රිසංක සමත් වෙනවා. ඊට අමතර ව රමේෂ් හේමාල් ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත්තා.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 18ක් හඹා යෑමට පිටියට පිවිසි එක් වූ මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ක්‍රීඩකයෝ ඒම ඉලක්කය කඩුල්ලක් පමණක් දැවී සපුරා ගන්නවා. එහි දී ආරම්භක පිතිකරු රංදිලු දිසස් පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ලබා ගත්තා.
ඉනිමේ දැවී ගිය ඒක ම කඩුල්ල වුත්සර ඔකිතට හිමි වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ආරක්ෂක සේවාවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 53 (36.1) ජෙසිත් ශවිඳු 12, රමේෂ් හේමාල් 5/16
- මහින්ද රාජපක්ෂවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (36.3) දුලන ඉඳුවර 37, දෙනුවන් ත්‍රිසංක 36, දිමන් ලිත්සර 37, ලුතික බිනත් 2/25, වුත්සර ඔකිත 4/42, සඳලු ඉඳුසර 2/27
- ආරක්ෂක සේවා විද්‍යාලය- දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 106 (60.3) ජෙහාන් ජෝර්ජ් 45, ඉසිත රවිසර 19, රමේෂ් හේමාල් 2/29, දෙනුවන් ත්‍රිසංක 5/35
- මහින්ද රාජපක්ෂ විද්‍යාලය- දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 20 (2.4) රංදිලු දිසස් නොදැවී 12
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කඩුලු 9ක ජයක්.
දෙවිදුහල් අතර පැවැත්වෙ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 29 වැනිදා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිතයි .
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

















