ශ්‍රී ලංකා මේස පන්දු ක්‍රීඩකයෝ අද සිට දකුණු ආසියානු තරග බිමේ

South Asian Youth Table Tennis Championship 2026

2
South Asian Youth Table Tennis Championship 2026

ආසියානු මේස පන්දු සම්මේලනය සංවිධානය කරන දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිය අද (8) සිට මේ මස 11 වැනිදා දක්වා ඉන්දියාවේ Shimla හි දී ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා සත්කාරක ඉන්දියාව සමඟින් නේපාලය, බංග්ලාදේශය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී වීමට නියමිත අතර තරගාවලිය වයස අවුරුදු 15න් පහළ බාලක/බාලිකා ඒකල, යුගල සහ මිශ්‍ර යුගල සහ කණඩායම් ලෙසින් ද වයස අවුරුදු 19න් පහළ බාලක/බාලිකා ඒකල, යුගල, මිශ්‍ර යුගල සහ කණ්ඩායම් ලෙසින් ද තරග පැවැත්වේ.

මෙම තරගාවලිය නියෝජනය කරමින් වයස අවුරුදු 15න් පහළ බාලිකා කණ්ඩායම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ චනුකි අක්ෂනා ගේ නායකත්වය යටතේ ද, වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සනෝන් දුල්ජිත් ගේ නායකත්වය යටතේ ද, වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ටමාදි කාවින්ද්‍යා ගේ නායකත්වයට යටතේ ද සහ වයස අවුරුදු 19න් පහළ බාලක කණඩායම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අකේන් බෝජිත් ගේ නායකත්වය යටතේ ද සහභාගී වූවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම්වල පුහුණුකරුවන් ලෙසින් චතුර දුශාන් සහ ඩබ්ලිව්. ඒ. බුද්ධසිරි යන මහත්වරුන් කටයුතු කරන අතර කණ්ඩායම් කළමණාකරු ලෙසින් ජී. එම්. සී. කුමාරසිරි ද සිල්වා මහතා ද සහ කාන්තා භාර නිලධාරිනීය ලෙසින් එස්. මංචනායක මහත්මිය ද සහභාගී වූවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මේස පන්දු කණ්ඩායම්

  • වයස අවුරුදු 15න් පහළ බාලිකා කණ්ඩායම

චනුකි අක්ෂනා (නායිකාව), මිතුලි සහන්‍යා, හෙසන්‍යා සෙසත්මි, සිත්මා සඳමිණි.

  • වයස අවුරුදු 15න් පහළ බාලක කණ්ඩායම

සනෝන් දුල්ජිත් (නායක), යෙනුල් අබේවික්‍රම, කෙනුර සිල්වා, ඔනෙල් ශම්මික.

  • වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම

ටමාදි කාවින්ද්‍යා (නායිකාව), ශමාෂා දෙව්මි, ලෙසන්‍යා සෙතුන්දි, සංදිති ජයසිංහ.

  • වයස අවුරුදු 19න් පහළ බාලක කණ්ඩායම

අකේන් බෝජිත් (නායක), හරීන් නිම්දිනු, මතිල සස්දිනු, දනුක් ලමාසූරිය.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<