ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ කළුතර හොලි ක්‍රොස් විද්‍යාලය අතර 2 වැනි වරටත් පැවැත්වෙන සිහින සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයේ සියලු වාසි ලබා ගැනීමට සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයෝ සමත් වෙනවා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ඇලෝසියස් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට හොලි ක්‍රොස් විද්‍යාලයට ආරාධනා කළා.
සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
සසිඳු රන්දීප, විනෝද් දනුශ්ක, සෙවිත දුල්මාල්, විනුද රවිශාන්, සසිඳු මදුසර (කඩුලු රකින්නා), දුල්සත් නිම්විරු, හිවිරු නිම්තරණ, ඔෂඳ දේවින්ද, මනෝද්‍ය මනිඳු, චානුක සදෙව්, චනුල් නෙත්මිණ
හොලි ක්‍රොස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ගිම්හාන් ප්‍රනාන්දු (නායක), අනුහස් සීමන් (කඩුලු රකින්නා), මතීශ නෙත්සර, ස්ටීව් රොශාක, රුසිත් ජයවර්ධන, ඔසිඳ සිල්වා, සබෝධ දෙව්තිළිණ, සචිත් සංජුල, හිරුෂ ගිම්හාන්, හංසන හිඳුරංග, යසිත් තරුක්ෂ සහ මෙවිඳු පෙරේරා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හොලි ක්‍රොස් විද්‍යාලයට තම පළමු ඉනිමට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 125ක් පමණයි.
එම ඉනිම ඒ තරමින් අසරණ කිරීමේ දී වමතින් දඟ පන්දු යවන චානුක සදෙව් සහ දකුණතින් මඳ වේග පන්දු යවන හිවිරු නිම්තරණ වැඩි දක්ෂතා දක්වනවා.
චානුක සදෙව් ලකුණු 35කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී හිවිරු නිම්තරණ ලකුණු 30කට කඩුලු 4ක් දවා ගන්නවා. ඉතිරි කඩුල්ලේ හිමිකාරීත්වය මනිඳු පබසර සතු වෙනවා.
අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වූ හොලි ක්‍රොස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ඔසිඳ සිල්වා. ඔහු පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නවා.
ඊට අමතර ව රුසිත් ජයවර්ධන පන්දු 59කට හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.
- වෙල්ලාලගේ මොරටු රන් සටනට අර්ධ ශතකයක් එක් කරයි
- දෙවැනි පෙළ එක්දින ශූරතාව හික්කඩුව සුමංගලයන්ට
- රයිගම් – සල්පිටි ගැටුම විසඳුමකින් තොරව අවසන් වේ
- නෙමිඳුත් සුලෝහිත සංග්‍රාමයට ශතකයක් එක් කරයි
- සුලෝහිත සංග්‍රාමයට නෙතුල්ගෙන් ශතකයක්
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත ඇලෝසියස් විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 34ක් ලබා සිටියා.
එම ඉනිම ආරම්භ කළ සසිඳු රන්දීප සහ විනෝද් දනුශ්ක එක් ව පළමු කඩුල්ලට ලකුණු 66ක සබඳතාවක් එක් කරනවා. එහි දී විනෝද් දනුශ්ක පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.
ඔහු ගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 3 වැනි පන්දුවේ දී සසිඳු රන්දීප ගේ ඉනිම ද අවසන් වන අතර ඒ වෙද්දී ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.
ඊට අමතර ව සෙවිත දුල්මල් පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත් අතර තරගය පළමු දිනයට නතර කරන විට සසිඳු මදුසර (5) සහ දුලසත් නිම්විරු (0) නොදැවී පිටියේ රැඳී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී රුසිත් ජයවර්ධන ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
හොලි ක්‍රොස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 125 (63.5) රුසිත් ජයවර්ධන 23, ඔසිඳ සිල්වා 50, හිවිරු නිම්තරණ 4/30, චානුක සදෙව් 5/35
සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 102 (24.0) සසිඳු රන්දීප 34, විනෝද් දනුශ්ක 32, සෙවිත දුල්මල් 23, රුසිත් ජයවර්ධන 3/22
සාන්ත ඇලෝසියස් විද්‍යාලය ලකුණු 13ක් පිටුපසින්.
මෙම තරගය අද (7) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම තරගයේ පන්දුවෙන් පන්දුව උණුසුම ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare 2 නාලිකාව ඔස්සේ Dialog TV චැනල් 127 සුසර කර ගැනීමෙන් සජීවී ව නැරඹිය හැකි අතර ඊට අමතර ව Dialog app සහ ThePapare.com වෙතින් ද නැරඹිය හැකියි.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















