ප්‍රවීණයින්ගේ ක්‍රිකට් ලීගයට ශ්‍රී ලංකාවෙන් 7ක්

ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

11283
Legends League Cricket 2022

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් 2022 ජනවාරි 20 වැනිදා සිට 29 වැනිදා දක්වා ඕමානයේ දී පැවැත්වීමට නියමිත පළමු ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ (Legends League Cricket) නිල තරග කාලසටහන සහ නිල සංචිත මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.

ඉන්දියාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය සහ එංගලන්තය වැනි ප්‍රබල රටවල් නියෝජනය කරන ලද හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය ඇතිව තරගාවලිය පැවැත්වීමට එහි සංවිධායකයින් කටයුතු කරමින් සිටිනවා.

මෙම තරගාවලියට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙක් සහභාගී වීමට නියමිත අතර ඒ අතරට මෑතක දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් නුවන් කුලසේකර ද ඇතුළත්.

ඔහුට අමතරව සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන්, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, උපුල් තරංග හා රොමේෂ් කළුවිතාරණ යන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතයි. මෙම ක්‍රීඩකයින් ලබන 16 වැනිදා හෝ 17 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බව ද වාර්තා වෙනවා.

තරගාවලියේ තරගාවලි අධ්‍යක්ෂක ලෙස ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු Ravi Shastri මහතා පත් කර තිබෙනවා. ඔහු පසුගිය දා නිල වශයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා සමුදුන්නේ, ඔහුගේ නිල ගිවිසුම් කාලය අවසන් වුනු නිසාවෙනුයි.

තරගාවලියේ තරග සියල්ලම ඕමානයේ Al Amerat ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර නිමා වූ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග කිහිපයක්ම එම ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමාවට පත්වුනා.

2022 ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන

  • ජනවාරි 20: India Maharajas vs Asia Lions
  • ජනවාරි 21: Wolrd Giants vs Asia Lions
  • ජනවාරි 22: World Giants vs India Maharajas
  • ජනවාරි 24: Asia Lions vs India Maharajas
  • ජනවාරි 26: India Maharajas vs World Giants
  • ජනවාරි 27: Asia Lions vs World Giants
  • ජනවාරි 29: අවසන් මහා තරගය

තරග සියල්ල ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින්,

  • India Maharajas: Virender Sehwag, Yuvraj Singh, Harbhajan Singh, Irfan Pathan, Yusuf Pathan, Badrinath, RP Singh, Pragyan Ojha, Naman Ojha, Manpreet Gony, Hemang Badani, Venugopal Rao, Munaf Patel, Sanjay Bangar, Nayan Mongia, Amit Bhandari
  • Asia Lions: Shoaib Akhtar, Shahid Afridi, Sanath Jayasuriya, Muttiah Muralitharan, Kamran Akmal, Chaminda Vaas, Romesh Kaluwitharana, Tillakaratne Dilshan, Nuwan Kulasekara, Azhar Mahmood, Upul Tharanga, Misbah-ul-Haq, Mohammed Hafeez, Shoaib Malik, Mohammed Yousuf, Umar Gul, Asghar Afghan
  • World Giants: Daren Sammy, Daniel Vettori, Brett Lee, Jonty Rhodes, Kevin Pietersen, Imran Tahir, Owais Shah, Herschelle Gibbs, Albie Morkel, Morne Morkel, Corey Anderson, Monty Panesar, Brad Haddin, Kevin O’Brien, Brendan Taylor.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<