10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් (18දා) අවසන් වූ අතර එහි දී ඉන්දියාව, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූවා.
ඒ සමඟින් A කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ ඉන්දියාව සහ පාකිස්තානය අපහසුවකින් තොරව ම සුපිරි 8 වටයට එක් වූ අතර D කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ දකුණු අප්‍රිකාව ද එලෙසින් ම සුපිරි 8 වටයට එක් වීමට සමත් වුණා.
34 වැනි තරගය, Group D, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ දකුණු අප්‍රිකාව
Delhi හි Arun Jaitley ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 122ක් ලබා ගත් අතර එම ඉලක්කය තවත් පන්දු 40ක් ද ඉතිරි කර ගනිමින් කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වෙනවා.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එක්සත අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Alishan Sharafu. ඔහු පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා ගන්නවා.
ඊට අමතර ව නායක Muhammad Waseem පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Corbin Bosch ලකුණු 12කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Anrich Nortje කඩුලු 2ක් සහ George Linde කඩුල්ලක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් Dewald Brevis පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා.
ඊට අමතර ව Ryan Rickelton පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ද සහ නායක Aiden Markram පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී පන්දු යවන්නන් සිව් දෙනෙක් අතරේ දැවී ගිය කඩුලු 4 බෙදී ගියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
එක්සත් අරාබි එමීර් රාජ්‍යය – කඩුලු 6ක් දැවී 122 (20.0) Muhammad Waseem 22, Alishan Sharafu 45, Anrich Nortje 2/28, Corbin Bosch 3/12
දකුණු අප්‍රිකාව – කඩුලු 4ක් දැවී 123 (13.2) Aiden Markram 28, Ryan Rickelton 30, Dewald Brevis 36
දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
තරගයේ වීරයා – Corbin Bosch (දකුණු අප්‍රිකාව)
- බෑ කියා හා කියූ පාකිස්තාන මෙහෙයුම අඩාලයි
- පන්දු යවන්නෝ දිනය වෙන්කර ගනී
- පාකිස්තානයට සහ ඉන්දියාවට වෘත්තීය නිපුණතාව වාසියට හිටී
35 වැනි තරගය (දිවා/රාත්‍රී), Group A, පාකිස්තානය සහ නැමීබියාව අතර
කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් පිටියට පිවිසෙමින් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 199ක් ලබා ගන්නවා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Sahibzada Farhan. ඔහු පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා. එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ මංගල ශතකයයි.
ඊට අමතර ව නායක Salman Agha පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ද සහ Shadab Khan පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී Jack Brassell කඩුලු 2ක් ද සහ Gerhard Erasmus කඩුල්ලක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නැමීබියා ඉනිම ලකුණු 97කට සීමා වෙනවා. එහි දී Usman Tariq ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන අතර ඔහුට අමතර ව ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් Shadab Khan ද මෙම ජයග්‍රහණයේ ප්‍රධාන පන්දු යවන්නෙක් බවට පත් වෙනවා.
ඊට අමතර ව Salman Mirza සහ Mohammad Nawaz කඩුල්ල බැගින් දවා ගත්තා.
නැමීබියා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Louren Steenkamp. ඔහු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත් අතර ඊට අමතර ව Alexander Busing-Volschenk පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට පාකිස්තාන පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.
තරගයේ කෙටි ලකුණු පුවරුව
පාකිස්තානය – කඩුලු 3ක් දැවී 199 (20.0) Sahibzada Farhan නොදැවී 100, Salman Agha 38, Shadab Khan නොදැවී 36, Jack Brassell 2/48
නැමීබියාව – සියලුම දෙනා දැවී 97 (17.3) Louren Steenkamp 23, Alexander Busing-Volschenk 20, Shadab Khan 3/19, Usman Tariq 4/16
පාකිස්තාන කණ්ඩායමට ලකුණු 102ක ජයක්.
තරගයේ වීරයා – Sahibzada Farhan (පාකිස්තානය)
- ඉන්දියාව 6 වැනි වරටත් යොවුන් ලෝක ශූරයන් වෙයි
- T20 ලෝක කුසලානයට එන සියලු ක්‍රීඩක සංචිත සහ බලාපොරොත්තු සහගත තරග
36 වැනි තරගය (රාත්‍රී), Group A, ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර
Ahmedabad හී Narendra Modi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දිය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 193ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිවිසි නෙදර්ලන්ත ක්‍රීඩකයෝ කඩුලු 7කට ලකුණු 176ක් ලබා ගනිමින් තියුණු තරගයකින් අනතුරු ව ප්‍රතිවාදීන් ඉදිරියේ ලකුණු 17කින් පරාජයට පත් වෙනවා.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දැවී යන අතර ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 110ක් වෙද්දී දැවී ගියා. අනතුරු ව ප්‍රතිවාදීන්ට දරා ගත නොහැකි ලකුණු සබඳතාව වූයේ 5 වැනි කඩුල්ලට එක් වූ ලකුණු 76ක සබඳතාවයි.
ඊට Shivam Dube සහ Hardik Pandya එක් වූ අතර ඔවුන්ගේ මේ ප්‍රහාරයට වැය වූයේ පන්දු 35ක් පමණයි. එම කඩුල්ලේ සබඳතාව බිඳි යන්නේ Shivam Dube ගේ දැවී යෑමත් සමඟයි. ඒ වෙද්දී ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 66ක් ලබා සිටියා. එය ඔහුගේ 59ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ හොඳම ඉනිමයි.
Hardik Pandya ඉනිමේ අවසන් පන්දුවේ දී දැවී යන විට පන්දු 21කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා. ඊට අමතර ව නායක Suryakumar Yadav පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ද සහ Tilak Varma පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Logan van Beek ලකුණු 56කට කඩුලු 3ක් ද සහ Aryan Dutt ලකුණු 19කට කඩුලු 2ක් ද වා ගත්තා.
පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්ත ක්‍රීඩකයෝ ඉන්දීය ක්‍රීඩකයන් නොසිතූ සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. එහි දී ඔවුන්ගේ පළමු ලකුණු 50 පන්දු 45ක දී වාර්තා වූ අතර ඒ වෙද්දී දැවී ගොස් තිබුණේ ද එක් කඩුල්ලක් පමණයි.
නමුත් ඊට පසුව එක් ලකුණක් පමණක් එක් වෙද්දී ඔවුන්ගේ 2 වැනි කඩුල්ල ද දැවී යනවා. ඒ වෙද්දී Max O’Dowd පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20කට ද සහ Michael Levitt පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24කට ද තම ඉනිම් අහිමි කර ගෙන තිබුණා.
අනතුරු ව 3 වැනි කඩුල්ල සඳහා Colin Ackermann සහ Bas de Leede එක් ව පන්දු 26ක දී ලකුණු 43ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Colin Ackermann පන්දු 15ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 15කට දැවී යෑමත් සමඟිනුයි.
Bas de Leede 5 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියා.
අනතුරු ව නැවත වතාවක් ඉන්දීය පන්දු යවන්නෝ අපහසුතාවට පත් කිරීමට Zach Lion-Cachet සහ Noah Croes සමත් වෙනවා. ඔවුන් දෙදෙනා විසින් 7 වැනි කඩුල්ලට පන්දු 23ක දී ලකුණු 52ක් එක් කරනවා.
එහි දී Zach Lion-Cachet පන්දු 16ක දී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 26ක් ද සහ Noah Croes ඉනිම අවසන් වෙද්දී පන්දු 12ක දී හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Varun Chakravarthy ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වෙද්දී Shivam Dube කඩුලු 2ක් ද, Jasprit Bumrah සහ Hardik Pandya කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඉන්දියාව – කඩුලු 6ක් දැවී 193 (20.0) Tilak Varma 31, Suryakumar Yadav 34, Shivam Dube 66, Hardik Pandya 30, Aryan Dutt 2/19, Logan van Beek 3/56
නෙදර්ලන්තය – කඩුලු 7ක් දැවී 176 (20.0) Michael Levitt 24, Max O’Dowd 20, Bas de Leede 33, Colin Ackermann 23, Zach Lion-Cachet 26, Noah Croes නොදැවී 25, Varun Chakravarthy 3/14, Shivam Dube 2/35
ඉන්දීය කණ්ඩායමට ලකුණු 17ක ජයක්.
- තරගයේ වීරයා – Shivam Dube (ඉන්දියාව)
විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















