ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි

ICC Men's T20 World Cup 2026

4
ICC Men's T20 World Cup 2026

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි දසුන් ශානක හට හිමි වී ඇති අතර, මේ වන විට එංගලන්තය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස සංචිතයට ඇතුළත් වූ ධනංජය ද සිල්වා හට මෙම සංචිතයේ ඉඩ අහිමි වී තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් නැවත සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්. එමෙන්ම නුවන් තුෂාර මෙම සංචිතයට ඇතුළත් නොවීමත් අවධානයට ලක් වන කරුණක් ලෙස හැඳින්විය හැකි.

ශ්‍රී ලංකා සංචිතය:

 

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුශ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ එශාන් මාලිංග

කෙසේ වෙතත් මෙම සංචිතයට නම් කළ ක්‍රීඩකයින් අතුරින් එශාන් මාලිංග ඊයේ (01) දිනයේ එංගලන්තය සමඟ පැවැත්වුණු විස්සයි විස්ස තරගයේ දී ආබාධයකට ලක් වුනා. ඔහුගේ ආබාධ තත්වය අනුව මෙම සංචිතයේ යම් වෙනස්කමක් වීමට ද ඉඩ පවතින බව අනුමාන කළ හැකි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය එළඹෙන 07 වැනි දා ආරම්භ කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකාව සිය පළමු තරගය වෙනුවෙන් එළඹෙන 08 වැනි දා (අයර්ලන්තයට එරෙහිව) තරග බිමට පිවිසීමට නියමිතයි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය සිංහල විස්තර විචාරයක් ද සමඟින් නැරඹීමේ අවස්ථාව ThePapare 1 නාලිකාව වෙතින් ඔබට හිමි කර දීමට සූදානම්.

එමෙන්ම මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<