ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින Plate ක්‍රිකට් තරගාවලියේ අදින් (30) ඇරඹුණ සතියේ පළමු දිනය නිමා වෙන්නේ ගයාන් මනීශාන් ගේ සහ සම්මු අශාන්ගේ ශතකවලින් හැඩ වෙමින්.
Kurunegala Youth කණ්ඩායමේ ආරම්භක පිතිකරු ගයාන් මනීශාන් Nugegoda කණ්ඩායමට එරෙහි ව පන්දු 233කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 112ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 111ක 14 වැනි ශතකයයි.
Chilaw Marians කණ්ඩායමේ සම්මු අශාන් ශතකය වාර්තා කරන්නේ Baduraliya කණ්ඩායමට එරෙහිවයි. ඔහු එම තරගයේ දී පන්දු 173කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 101ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 63ක 6 වැනි ශතකය වන අතර ඔහු නිමා වූ සතියේ ද ශතකයක් වාර්තා කිරීමට සමත් වූණා.
ඔවුන් දෙදෙනාට අමතර ව Panadura කණ්ඩායමේ ශාලිත් ප්‍රනාන්දු (90) ද පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දැක් වූවා.
මේ අතර පන්දු යැවීමේ දී Nugegoda කණ්ඩායමේ නිපුන් මාලිංග Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව ලකුණු 42කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යවන්නා බවට පත් වුණා.
- විරාන්ගේ ශතකය සමඟ ශ්‍රී ලංකාවට තවත් ජයක්!
- ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කොදෙව් සංචාරයට දින නියම වෙයි
- කසුන් විදුර ද්විත්ව ශතක සමාජයට
- T20 ලෝක කුසලානය රට වටා යන ගමන ආරම්භ වෙයි!
- මාලින්ද පුෂ්පකුමාර පළමු පෙළ කඩුලු 1000 සමාජයට
පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
Tamil Union C & AC අතර Panadura SC තරගය මග්ගොන, Surrey Villege ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Tamil Union C & AC
- PanaduraSC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 240 (66.0) විශ්ව චතුරංග 28, ශාලිත් ප්‍රනාන්දු 90, දුශාන් විමුක්ති 37, සසිඳු මල්ශාන් නොදැවී 26, ලහිරු සමරකෝන් 2/53, විජයකාන්ත් වියස්කාන්ත් 3/48
Kurunegala Youth CC සහ Nugegoda S & WC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණයේ දී.
කාසියේ වාසිය – Kurunegala Youth CC
- KurunegalaYouth CC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 231 (90.0) ගයාන් මනීශාන් 112, මනෝජ් සරත්චන්ද්‍ර 39, ලක්ෂාන් එදිරිසිංහ 45, නිපුන් මාලිංග 5/42
Baduraliya SC සහ Chilaw Marians CC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Baduraliya SC
- ChilawMarians CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 239 (77.0) උදයවංශ පරාක්‍රම 28, සම්මු අශාන් 101, කසුන් විදුර 43, බුද්ධික සංජීව 4/86, සුමින්ද ලක්ෂාන් 4/49
මෙම තරග සියල්ල හෙට (31) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















