පිතිකරුවන් අභිබවා පන්දු යවන්නෝ ඉදිරියට

2
U 19 School Cricket - 29th January

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ක්‍රියාත්මක වූ තරග කිහිපයක් පැවැත්වෙන අතර එහි දී පිතිකරුවන් අභිබවා පන්දු යවන්නෝ දක්ෂතා දැක්වීම කැපී පෙණුනා.

නිමා වූ දිනයේ (29) හොඳම පන්දු යැවීම වාර්තා කළේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ වමතින් පා දඟ පන්දු යවන මෙවිඳු කුමාරසිරි. ඔහු  කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහි ව ලකුණු 69කට කඩුලු 7ක් දවා ගත්තා.

ඊට අමතර ව මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ වමතින් පා දඟ පන්දු යවන නිමේෂ සිල්වා ද කඩුලු 7ක් දවා ගන්නවා. ඒ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිවයි.

ඔවුන්ට අමතර ව කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ වමතින් පා දඟ පන්දු යවන විශ්ව පීරිස් ලකුණු 43කට කඩුලු 6ක් ද, ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ දකුණතින් පිට දඟ පන්දු යවන දුල්සත් නිම්විරු ලකුණු 47කට කඩුලු 6ක් ද සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ හිමරු කුඩගම ලකුණු 54කට කඩුලු 6ක් ද දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

මේ අතර පැවැති තරගවල දී වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ ශෙහාර දෙව්තිළිණ (65) සහ හිතේෂ් රුවන්ද (53), ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ සෙවිත දුල්මාල් (නොදැවී 51), කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ  නිශල් රශ්මික (82) සහ මහීෂ සිතුම් (55), මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ කවිඳු උඩගෙආරච්චි (50) සහ කෞෂික කුමාරසිංහ (54), මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ කවිඳු උඩගෙආරච්චි (50) සහ කෞෂික කුමාරසිංහ (54), සාන්ත සර්වේශස් විද්‍යාලයේ රිසිනු කිත්මුක (64) තත්සිළු බණ්ඩාර (92) සහ තරුල් වීරරත්න (නොදැවී 57), මහානාම විද්‍යාලයේ සිනෙත් වීරරත්න (75), මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ කවිත් ද සිල්වා (91), වේල්ස් කුමාර විද්‍යාලයේ නවීන් ප්‍රනාන්දු (75) අර්ධ ශතක ඉනිම් ගොඩ නැගුවා.

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අතර තරගය කදිරාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – වේල්ස් කුමාර විද්‍යාලය

  • වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 310 (76.3) සුවස් ප්‍රනාන්දු 84, නවීන් ප්‍රනාන්දු 88, ඔශාන් ද සිල්වා 49, කාවින්ද කුරේ 20, ගවේශ ප්‍රනාන්දු 21, නෙතුල් අනුහස් 22, හෂ්මික නෙත්ශාන් 6/24
  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 257 (72.3) හංසක පෙරේරා 20, කවිත් ද සිල්වා 91, හශ්මික නෙත්ශාන් 36, ගවීෂ අමරසේකර 21, කොමින් විජේතුංග නොදැවී 22, නෙතුල් අනුහස් 4/72, ඔෂාන් ද සිල්වා 3/20
  • වේල්ස් කුමාර විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 167 (37.0) ඔෂාන් ද සිල්වා 40, නවීන් ප්‍රනාන්දු 75, කාවින්ද කුරේ 31, සවිඳු සත්සර 3/29

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය වේල්ස් කුමාර විද්‍යාලයට)

කොළඹ ආනන්ද විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට අතර තරගය කොළඹ, ආනන්ද විද්‍යාලයීය පිටියේ දී.

කාසියේ වාසිය – ශ්‍රී සුමංගල විද්‍යාලය

  • ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 272 (71.0) පන්සිළු සිල්වා 35, නේක්ෂ ඉද්දමල්ගොඩ 86, බංහඟ සිල්වා 30, උමන්ත ආකාශ් 21, සදික දම්යුරු 22, චමත්ක ඉරුෂ 2/35, හිමිර කුඩාගම 4/34
  • ආනන්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 68 (22.0) දනිඳු සෙල්ලපෙරුම 75, හිමරු කුඩාගම 26, කිත්ම විතානපතිරණ 29, ලිත්ම පෙරේරා 29, රශාන් ඩිලක්ශ 21, මෙවිඳු කුමාරසිරි 7/69, බිහඟ සිල්වා 2/32
  • ශ්‍රී සුමංගල විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 139 (51.1) නේක්ෂ ඉද්මල්ගොඩ 38, සදික දම්යුරු 25, මෙවිඳු කුමාරසිරි නොදැවී 19, හිමිර කුඩාගම 6/54
  • ආනන්ද විද්‍යාලය – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 17 (4.0)

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය ශ්‍රී සුමංගල විද්‍යාලයට)

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය මාතර, උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – මහානාම විද්‍යාලය

  • සාන්ත සර්වේශස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 237 (71.1) රිසිනු කිත්මුක 64, තත්සිළු බණ්ඩාර 92, ගීත් සඳරුවන් 2/41, සිතුම් විහඟ 4/57
  • මහානාම විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 342 (73.0) සිනෙත් වීරරත්න 75, කෞෂික තිලකරත්න 35, වෙනුර කවීත්‍ර 35, සනුල් වීරරත්න 34, සිතුම් විහඟ 24, ගිමන්ත දිසානායක 71, තවිරු පෙරේරා 38, ලසිඳු රාමනායක 2/122, සමිරු ගිම්හාන් 3/52, ප්‍රවීන් මදුසංක 3/84
  • සාන්ත සර්වේශස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 126 (41.0) තරුල් වීරරත්න නොදැවී 57, බිනාල් නෙත්මක 24, ගීත් සඳරුවන් 3/24, තෙනුජ රශ්මින් 2/28, කෞෂික තිලකරත්න 2/09

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය මහානාම විද්‍යාලයට.)

අද (30) 2 වැනි සහ අවසන් දිනයට පැවැත්වෙන තරග

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයීය පිටියේ දී.

කාසියේ වාසිය – සාන්ත ඇලෝසියස් විද්‍යාලය

  • සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 220 (70.4) කවිඳු සේනාදි 33, ශෙහාර දෙව්තිළිණ 65, හිතේෂ් රුවන්ද 53, රිද්ම බාෂික 28, දුල්සත් නිම්විරු 6/47, ඔෂධ දේවින්ද 4/48
  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 114 (27.0) විනෝද් දනුශ්ක 48, සෙවිත දුල්මාල් නොදැවී 51

සාන්ත ඇලෝසියස් විද්‍යාලය ලකුණු 106ක් පිටුපසින්.

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර තරගය බෝයගනේ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 266 (78.5) මහීෂ මිහිදුම් 44, නිශල් රශ්මික 82, මහීෂ සිතුම් 55, අශේන් සත්සර 35, නිමේෂ සිල්වා 7/104
  • සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 73 (17.0) විදුසර ගනේගොඩ 32, පියුමක කරුණාරත්න නොදැවී 26

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය ලකුණු 193ක් පිටුපසින්.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයීය පිටියේ දී.

කාසියේ වාසිය – සානත් ජෝසප් විද්‍යාලය

  • සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 192 (64.5) කවිඳු උඩගෙආරච්චි 50, කෞෂික කුමාරසිංහ 54, නුශාන් පෙරේරා 3/84, විශ්ව පීරිස් 6/43
  • සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 66 (26.0) රිශ්ම අමරසිංහ 34, දසුන් වැලිඅංග 2/23, රයන් ග්‍රෙගරි 2/26

සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 126ක් පිටුපසින්.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<