ඉන්දියාව වේලාසනින්ම තරගාවලිය ජය ගනී

76

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර තරග 5කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (17) බෝපාල් හිදී නිමා වූ තෙවැනි තරගයෙන් ලකුණු 20ක ජයග්‍රහණයක් වාර්තා කළ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම තවත් තරග 2ක් ඉතිරිව තිබිය දී තරගාවලිය ජයග්‍රණය කිරීමට සමත් විය.

දීපක් ඉන්දීය ජයග්‍රහණයට පාර කපයි

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර තරග 5කින්….

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ අරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දිමට පිටියට පිවිසි ඉන්දිය දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 209ක්ලබා ගත් අතර පිළිතුර ඉනිමට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවි 189ක් පමණි.

ඉන්දීය ඉනිමේ දී අද තරගයේ නායකත්වයේ කටයුතු කළ ආර්. අජේ කුමාර් ලකුණු 83ක් ලබා ගත්තේ ය. ඔහු පන්දු 45කට මුහුණ දුන් අතර හතරේ පහර 10ක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේ ය. ඊට අමතර ව ආරම්භක පිතිකරු ආර්.වෙන්කටේස්වර රාවෝ පන්දු 22කට ලකුණු 35ක් ලබා ගනිමින් ආරම්භය වාසනාවන්ත කර දුන්නේ ය. ඩී. රාවෝ නොදැවී ලබා ගත් ලකුණු සඛ්‍යාව 34කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 17කට මුහුණ දී හතරේ පහර 5ක් එල්ල කළේය.

පන්දු යැවීමේ දී සමන් තුෂාර, දිනේෂ් මතුගම සහ ඩී. රවින්ද්‍ර කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රි ලංකා දෘශ්‍යාබාධිත ක්‍රීඩකයන් අතරින් අද දවසේත් දක්ෂතා දැක්වූයේ කේ. ඒ. සිල්වා ය. ඔහු පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 50ක් වාර්තා කළේය. ඔහුගේ සහායට තවත් පිතිකරුවෙක් දෙදෙනෙක් ක්‍රියාත්මක වූයේ නම් ඉන්දියාවට තියුණු තරගයක් ලබා දිය හැකිව තිබුණි.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් තරු, පියවරුන් ලෙස නැවතත් පිටියට

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හෝ ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළ….

කෙසේ වෙතත් චන්දන දේශප්‍රිය ද ලකුණු අතරට පිවිසෙමින් පන්දු 35කට මුහුණ දෙමින් ලකුණු 35ක් ලබා ගත්තේ ය. පිටියට පිවිසි අනෙකුත් පිතිකරුවන් වූ රුවන් වසන්ත (11), චන්දන සූරියආරච්චි (11), පැතුම් සමන් කුමාර (18), සමන් තුෂාර (14), නායක ප්‍රියන්ත කුමාර (07), කේ. කුමාර (14), දිනේෂ් මතුගම (01) සහ පී. ඩී. රවින්ද්‍ර (00*) ලෙසින් ලකුණු ලබා ගත්හ.

පන්දු යැවීමේ දී ආර්. අජේ කුමාර් ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තේ ය. පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක්වූ ආර්. අජේ කුමාර් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි. ඊට අමතරව ඩී. රාවෝ සහ ඩී. මලික් කඩුල්ල බැගින් දවා ගත්හ.

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 5ක් දැවී 209 (20.0): ආර්. වෙන්කටේස්වර රාවෝ 35, ආර්. අජේ කුමාර් 83, ඩී. රාවෝ නොදැවී 34, ඩී. රවින්ද්‍ර 1/13

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 8ක් දැවි 189 (20.0): චන්දන දේශප්‍රිය 35, කේ. සිල්වා නොදැවී 50, ආර්. අජේ කුමාර් 2/23   

තරගාවලියේ සිව්වැනි විස්සයි විස්ස තරගය හෙට (18) පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<