එංගලන්තය සමඟ සටනට ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි

England Tour Of Sri Lanka 2026

114
England Tour Of Sri Lanka 2026

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සුපුරුදු පරිදි මෙම සංචිතයේ නායකත්වය දසුන් ශානක හට හිමි වී ඇති අතර, නිමා වූ පාකිස්තාන සංචාරයට සහභාගී වූ ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට වඩා තරමක වෙනස්කම් මෙම සංචිතය තුළ සිදු වී තිබීම විශේෂත්වයක්.

එම සංචාරයට එක් වූ කමිඳු මෙන්ඩිස්, නුවන් තුශාර, ට්‍රවීන් මැතිව් සහ දුශාන් හේමන්ත මෙම සංචිතයට ඇතුළත් නොවන අතර, ප්‍රමෝද් මදුශාන් සංචිතයට ඇතුළත් වී තිබෙනවා.

එමෙන්ම එංගලන්තය සමඟ පැවැත්වුණු තෙවැනි එක්දින තරගයේ දී විශිෂ්ට ශතකයක් ලබා ගත් පවන් රත්නායක ද මෙම සංචිතයට ඇතුළත් වී තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා සංචිතය:

 

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුශ්මන්ත චමීර, ප්‍රමෝද් මදුශාන්, මතීෂ පතිරණ සහ එශාන් මාලිංග

දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය එළඹෙන 30, පෙබරවාරි 1 සහ 3 යන දිනවල දී ක්‍රියාත්මක වීමට නියමිතයි. එම තරග සියල්ල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.

එම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<