පවන් රත්නායක ඉනිම 2 දී ම ශතක ලබා ගනී

Major Club 03 Day League Tournament 2025

22
Major Club 3 Day Tournament 2025/26 - 11th January

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි සතියේ අවසන් දිනය (11) නිමාවේ දී පවන් රත්නායක, ලොහාන් ද සොයිසා, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න සහ වනුජ සහන් ශතක ලබා ගත්තා.

මේ අතුරින් කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළේ CCC කණ්ඩායමේ පවන් රත්නායක. Panadura කණ්ඩායමට එරෙහි ව පළමු ඉනිමේ දී ද ශතකයක් ලබා ගත් ඔහු දෙවැනි ඉනිමේ දී ශතයක් ලබා ගන්නවා. ඔහු එම ඉනිමේ දී පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 125ක් ලබා ගන්නවා.

මේ අතර Nugegoda කණ්ඩායමේ ලොහාන් ද සොයිසා Colts කණ්ඩායමට එරෙහි ව පන්දු 223කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 101ක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග 23ක 2 වැනි ශතකය වන අතර ඒ සමඟින් ඔහු පළමු පෙළ ලකුණු 1000 කඩඉම පසු කිරීමට ද සමත් වෙනවා. ‍

NCC කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල සහ චාමික කරුණාරත්න Tamil Union කණ්ඩායමට එරෙහි ව ශතක ලබා ගැනීමට සමත් වෙනවා.

එහි දී නිරෝෂන් දික්වැල්ල පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 126ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 149ක 17 වැනි ශතකයයි. චාමික කරුණාරත්න අද ලබා ගත්තේ තම පළමු පෙළ තරග 61ක හොඳම ඉනිමයි. එහි දී ඔහු පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 125ක් ලබා ගත්තා.

Ace Capital කණ්ඩායමේ පවන්ත වනුජ සහන් Baduraliya කණ්ඩායමට එරෙහි ව පන්දු 211කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 153ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 44ක 2 වැනි ශතකය වන අතර හොඳම ඉනිම ද වූවා.

මේ අතර අද නිමා වූ තරගවල දී Panadura කණ්ඩායමේ කංචන ද ලිවේරා (52), CCC කණ්ඩායමේ නිශාන් මදුශ්ක (59), Nugegoda කණ්ඩායමේ අක්‍රම් මුතාලිබ් (56), Baduraliya කණ්ඩායමේ අයන සිරිවර්ධන (52) සහ NCC කණ්ඩායමේ කවින් බණ්ඩාර (52) අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වෙනවා.

පන්දු යවන්නන් අතුරින් Police SC කණ්ඩායමේ නලින් ප්‍රියදර්ශන (5/89), Bloomfield කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩර්සේ (5/33) සහ රවිඳු ප්‍රනාන්දු (5/52), CCC කණ්ඩායමේ සොනාල් දිනූෂ (5/63) සහ Baduraliya කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර (5/116) දක්ෂතා දැක් වූවා.

A කාණ්ඩය

Bloomfield C & AC සහ Police SC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Police SC

  • Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 192 (50.5) රොන් චන්ද්‍රගුප්ත 22, අසිත වන්නිනායක 32, තරිඳු හර්ෂණ 23, රවිඳු ප්‍රනාන්දු 47, දුවිඳු තිලකරත්න 32, නිපුන් ප්‍රේමරත්න 2/55, චාරුක ප්‍රමෝද් 4/40, දිලුම් සුදීර 3/39
  • Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 284 (81.3) අවිශ්ක තරිඳු 116, ප්‍රියමාල් පෙරේරා 32, විශාද් රන්දික 24, චතුරංග කුමාර 33, නලින් ප්‍රියදර්ශන නොදැවී 20, දුවිඳු තිලකරත්න 5/80, රවිඳු ප්‍රනාන්දු 3/48
  • Bloomfield C & AC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 226 (62.3) මිනෙත් ප්‍රේමරත්න 34, රොන් චන්ද්‍රගුප්ත 22, තරිඳු හර්ෂණ 25, අසිත වන්නිනායක 21, දුවිඳු තිලකරත්න 30, ලහිරු මදුශංක 39, දිලුම් සුදීර 4/92, නලින් ප්‍රියංකර 5/85
  • Police SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 121 (31.3) අවිශ්ක තරිඳු 37, රවිඳු ප්‍රනාන්දු 5/52, ජෙෆ්රි වැන්ඩර්සේ 5/33

Bloomfield කණ්ඩායමට ලකුණු 13ක ජයක්.

Panadura SC සහ CCC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – CCC

  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 309 (83.2) නිශාන් මධුශ්ක 50, ලසිත් කෲස්පුල්ලේ 37, පවන් රත්නායක 116, සහන් කෝසල 20, අංජල බණ්ඩාර 38, දුශාන් විමුක්ති 7/87, විශ්ව ලහිරු 3/65
  • Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 271 (78.0) ඉරෝෂ් සමරසූරිය 87, විශ්ව චතුරංග 22, කංචන ද ලිවේරා 52, දුශාන් විමුක්ති 25, සසිඳ මල්ශාන් 28, නිශාන් පීරිස් 2/45, සොනාල් දිනූෂ 5/63
  • CCC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 276 (60.0) නිශාන් මදුශ්ක 59, පවන් රත්නායක නොදැවී 125, අංජල බණ්ඩාර 47, දුශාන් විමුක්ති 4/89, සහන් මිහිර 2/63

තරගයේ විසඳුමක් නෑ. (CCC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

Nugegoda S & WC සහ Colts CC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Colts CC

  • Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 232 (86.2) පුලිඳු පෙරේරා 22, ලොහාන් ද සොයිසා 101, අක්‍රම් මුතාලිබ් 56, අකිල දනංජය 4/66, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 2/25, සංගීත් කුරේ 2/44
  • Colts CC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 118 (29.0) සංගීත් කුරේ 29, දිනේෂ් චන්දිමාල් 38, ධනංජය ලක්ෂාන් නොදැවී 33, තිලකරත්න සම්පත් 2/34

තරගයේ විසඳුමක් නෑ.

B කාණ්ඩය

NCC සහ Tamil Union C & AC අතර තරගය කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Tamil Union C & AC

  • Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 353 (107.2) නවෝද් පරණවිතාන 43, ඉසිවර දිසානායක 54, ශාරුජන් ශන්මුගනාදන් 87, සචිත ජයතිලක 28, විහස් තෙව්මික 63, ලහිරු සමරකෝන් 36, චාමික කරුණාරත්න 3/52, ශක්ති උදාර 3/107, සහන් ආරච්චිගේ 3/51
  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 176 (39.0) ලහිරු උදාර 20, චාමික කරුණාරත්න 62, ලහිරු කුමාර 47, ලහිරු සමරකෝන් 5/34, තීසාන් විතුශාන් 2/55
  • NCC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 430 (71.0) නිරෝෂන් දික්වැල්ල 126, විනුක රූබසිංහ 36, අහන් වික්‍රමසිංහ 25, කවින් බණ්ඩාර 52, චාමික කරුණාරත්න නොදැවී 125, ලහිරු සමරකෝන් 2/66, විහස් තෙව්මික 2/98, විජයකාන්ත් වියස්කාන්ත් 3/117
  • Tamil Union C & AC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 127 (43.0) මිනෝද් භානුක 45, ශක්ති උදාර 2/60, ලහිරු කුමාර 2/04, දිනෙත් ගුණවර්ධන 2/50

තරගයේ විසඳුමක් නෑ. (Tamil Union C & AC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

Baduraliya SC සහ   ACE Capital CC අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Baduraliya SC

  • Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 293 (86.0) ඩිල්ශාන් ද සොයිසා 37, සඳුන් වීරක්කොඩි 36, විනුර දුල්සර නොදැවී 67, සුමින්ද ලක්ෂාන් 51, අදීශ තිලංචන 34, වනුජ සහන් 4/95, චමෝද් බැට්ටගේ 6/79
  • ACE Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී‍ 472 (79.0) පවන්ත වීරසිංහ 100, නිමේෂ ගුණසිංහ 44, කවිඳු අමන්ත 75, කවිඳු කුලසේකර 27, වනුජ සහන් 153, රවීන් ද සිල්වා 47, මාලින්ද පුෂ්පකුමාර 5/116, අලංකාර අසංක 3/133
  • Baduraliya SC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 147 (35.0) ඩිල්හාන් ද සොයිසා 23, ගීත් කුමාර නොදැවී 30, අයන සිරිවර්ධන 52, සුමින්ද ලක්ෂාන් නොදැවී 24, ඉසිත විජේසුන්දර 2/40, රොෂාන් ජයතිස්ස 2/28

තරගයේ විසඳුමක් නෑ. (ACE Capital කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

Kurunegala Youth CC අතර Moors SC තරගය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Kurunegala Youth CC

  • Moors SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 441 (114.0) සදීර සමරවික්‍රම 43, සොහාන් ද ලිවේරා 139, සිතාර ගිම්හාන් 76, රමේෂ් මෙන්ඩිස් 65, ශෙහාන් ප්‍රනාන්දු 51, දිනූශ්ක මාලන් 2/62, සමීර සඳමාල් 2/38, චාමිකර එදිරිසිංහ 2/139
  • Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 231 (37.0) ගයාන් මනීශාන් 23, මනෝජ් සරත්චන්ද්‍ර 54, ලක්ෂාන් එදිරිසිංහ 24, සමීර සඳමාල් 32, චාමිකර එදිරිසිංහ නොදැවී 28, මිලාන් රත්නායක 4/41, ප්‍රවීන් ජයවික්‍රම 4/49
  • Moors SC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 83 (20.0) සදීර සමරවික්‍රම 21, දිනුක ඩිල්ශාන් 24, සොහාන් ද ලිවේරා 32, චාමිකර එදිරිසිංහ 2/28, සමීර සඳමාල් 3/26

තරගයේ විසඳුමක් නෑ. (Moors SC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<