වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් නේපාලයට එරෙහිව පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (13) සමත් වුනා.
ඩුබායි හිදි පැවැත්වුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක විමත් දින්සර සතු වූ අතර, ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දු යැවීම තෝරාගත්තා.
මේ අනුව තරගයේ පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි නේපාල සියලු පිතිකරුවන් පන්දුවාර 28 පන්දු පහක් තුළ රැස් කර ගැනීමට සමත් වුනේ ලකුණු 82ක් පමණයි.
නේපාල ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Cibrin Shrestha ලකුණු 18ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සෙත්මික සෙනෙවිරත්න විසින් ලකුණු 25කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය අතර හමුවක්
- ශ්‍රී ලංකාවේ නවසීලන්ත සංචාරයට දින නියම වෙයි
- කොළඹ දකුණ අපරාජිත ව ශූරයන් වෙයි
මේ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 83ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් පන්දුවාර 14 පන්දු 5ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 84 ලබා ගනිමින් තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට සමත් වුනා.
මේ වෙනුවෙන් ආරම්භක පිතිකරු දිමන්ත මහවිතානගේ පිත්තෙන් ලකුණු 39ක් සහ කවිජ ගමගේගේ පිත්තෙන් ලකුණු 24ක් එකතු වුනා.
තරගයේ වීරයා සම්මානය විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සෙත්මික සෙනෙවිරත්න සතු වුනා.
තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිත මීළඟ තරගය එළඹෙන සඳුදා ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















