ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Emerging Club දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (22) පැවැතියා.
එහි දී NCC කණ්ඩායමේ ජීවක සශීන් (60) සහ උවින් පීරිස් (58) මෙන් ම Leos CC කණ්ඩායමේ ජනිත් මිහිරංග (56) අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වෙනවා. මේ අතර පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ CCC කණ්ඩායමේ ඉනුක කරන්නාගොඩ. ඔහු Leos CC කණ්ඩායමේ 2 වැනි ඉනිමේ දී ලකුණු 72කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
Ace Capital CC කණ්ඩායම නියෝජනය කරන රවීන් ද සිල්වා ලකුණු 16කට කඩුලු 4ක් ද සහ වනුජ සහන් ලකුණු 44කට කඩුලු 4ක් ද දවා ගනිමින් Colombo Malay CC කණ්ඩායමට එරෙහි ව පළමු ඉනිමේ දී ද සහ තිසර ඒකනායක ලකුණු 50කට කඩුලු 4ක් දවා ගනිමින් 2 වැනි ඉනිමේ දී ද දක්ෂතා දක්වනවා.
- පවන් පතිරාජත් ශතක සමාජයට
- මිනෙත් 2 වැනි ශතකයත් රැස් කරයි
- ඉශාන් අනුරාධ දක්ෂතම පන්දු යැවීම වාර්තා කරයි
- Major Clubs එක්දින පිටියේ මහේශාක්‍ය දක්ෂතා
- 2025 ආසියා කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී
අද නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරුව
Colombo Malay CC සහ Ace Capital CC අතර තරගය කටුනායක, ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Ace Capital CC –පළමු ඉනිම කඩුලු 8ක් දැවී 378 (76.3) ටනුජ රාජපක්ෂ 53, පවන් පතිරාජ 153, රනේෂ් සිල්වා 45, තීරක රණතුංග 47, ලහිරු අබේසිංහ 33, නිමන් උමේෂ් 3/90
- Colombo Malay CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 125 (42.1)හිරන්ත ජයසිංහ 31, කෙවින් සැමුවෙල් 23, පුලස්ති අතපත්තු 32, වනුජ සහන් 4/44, රවීන් ද සිල්වා 4/16, සනිතු විජෙයරත්න 2/28
- Colombo Malay CC– දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 247 (64.0)නිමන් උමේෂ් 28, කෙවින් සැමුවෙල් 39, වෝෂිත අමරසිංහ 45, විදුනෙත් විල්සන් 25, ධනජ එදිරිසිංහ 29, සවිඳු සත්සර නොදැවී 20, සිනෙත් දිසානායක නොදැවී 19, වනුජ සහන් 3/102, තිසර ඒකනායක 4/50, රවීන් ද සිල්වා 2/24
තරගයේ විසඳුමක් නෑ. (Ace Capital CC කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)
Leos CC සහ CCC අතර තරගය කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
- CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 327 (77.5) දුල්නිත් සිගේරා 27, පවන් සංදේශ් 27, අංජල බණ්ඩාර 74, සහන් කෝසල 60, ඉනුක කරන්නාගොඩ 68, සෙත්රු ප්‍රනාන්දු නොදැවී 27, විශ්ව රාජපක්ෂ 4/101, ගිත්මින් කොළඹගේ 2/57, ඔෂද ගිම්හාන් 3/68
- Leos CC– පළමු ඉනිම කඩුලු 9ක් දැවී 174 (49.0) අවින්ත ද අල්විස් 22, නෙත්ම කරුණාරත්න 40, පූර්ණ කල්හාර 43, දුවිඳු රණතුංග 2/31, හිරුෂ දෙව්මික 2/40, සෙත්රු ප්‍රනාන්දු 2/25, ඉනුක කරන්නාගොඩ 3/31
- Leos CC –දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 153 (45.4)ස්ටීවන් ප්‍රනාන්දු 37, ජනිත් මිහිරංග 56, ඔෂද ගිම්හාන් නොදැවී 18, ඉනුක කරන්නාගොඩ 5/72, තිසරු වන්නිනායක 2/44
තරගයේ විසඳුමක් නෑ. (CCC කණ්ඩායමට පළමු ඉනිමේ ජය)
අද ආරම්භ වූ තරගයේ කෙටි ලකුණු පුවරුව
NCC සහ Navy SC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.
- NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 263 (67.1)ඩිලාන් අමරසිංහ 19, ජීවක සශින් 60, විනුක රූබසිංහ 39, රපියෙල් හෙට්ටිගේ 34, ඉශාන් හෙට්ටිආරච්චි 26, උවින් පෙරේරා 58, ඉෂාන් අනුරාධ 3/86, හංසජ ජයසිංහ 2/52, කවික ජයසුන්දර 2/31
- Navy SC– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 84 (20.0)උවිඳු පෙරේරා නොදැවී 47, ශක්ති උදාර 2/23
මෙම තරග හෙට (22) දෙවැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















