ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ 2 වැනි දිනයට (18) තරගය නතර කරන විට සංචාරක බංග්ලාදේශ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවි ලකුණු 484ක් ලබා සිටියා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය අද ආරම්භ වෙන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 292ක් ලබා සිටියදීයි. දිනයේ පැවැති අයහපත් තත්ත්වය හමුවේ පන්දුවාර 29ක් අහිමි වු අතර ක්‍රියාත්මක වූ පන්දුවාර 61 දී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලබා ගන්නේ ලකුණු 192ක් පමණයි. ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඒ අතරවාරයේ දී කඩුලු 6ක් බිඳ දමනවා. මිලාන් රත්නායක කඩුලු 3ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් සහ තරිඳු රත්නායක කඩුල්ලක් ලෙසින් මේ කඩුලු 6 බෙදා ගන්නවා.
තරගය 2 වැනි දිනයට ආරම්භ වෙද්දී Najmul Hossain Shanto ලකුණු 136ක් සහ Mushfiqur Rahim ලකුණු 105ක් ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියා.
අද දවසේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පළමු ගොදුර බවට පත් වෙන්නේ නායක Najmul Hossain Shanto. ඔහු පන්දු 279කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් එල්ල කරමින් ලකුණු 148ක් ලබා සිටිය දී අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට ඇන්ජලෝ මැතිව්ස් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යනවා.
ඔහු දැවී යන විට තම 36ක් වන ටෙස්ට් තරග දිවියේ ලකුණු 2000 කඩඉම සපුරා ගැනීමට ද සමත් වුනා. ඔහුගේ දැවී යෑම සිදු වෙන විට Mushfiqur Rahim ද එක් කර ගනිමින් සිව් වැනි කඩුල්ලට ලකුණු 264ක සබඳතාවක් ද එක් කරනවා.
එය ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරග ඉතිහාසයේ බංග්ලාදේශ ක්‍රීඩකයෝ දෙදෙනෙක් එක් ව ශ්‍රී ලංකාවට එරෙහි ව සිව් වැනි කඩුල්ලට වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. ඊට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ Mominul Haque සහ Litton Das වෙතයි. ඔවුන් දෙදෙනා 2018 වසරේ දී Chattogram හි දී ලකුණු 180ක් ලබා ගනිමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.
අනතුරු ව පිටියට පිවිසියේ Litton Das. තරගයේ පළමු කාර්තුවේ දී කඩුල්ලක් පමණක් අහිමිකර ගත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ දහවල් විවේකයට තරගය නතර කරන විට ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 4ක් දැවී ලකුණු 383ක් ලෙසයි. ඒ වෙද්දී Mushfiqur Rahim ලකුණු 141ක් ද, Litton Das ලකුණු 43ක් ද ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියා.
දිවා ආහාරයෙන් පසුව ආරම්භ වූ කාර්තුවේ දී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mushfiqur Rahim ලකුණු 150ක් වාර්තා කිරීම ද, බංග්ලාදේශ ඉනිමේ ලකුණු 400 වාර්තා වීම ද, Litton Das ලකුණු 50 වාර්තා කිරීම ද සහ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100ක සබඳතාවක් එක් වීම ද සිදු වූවා.
- බංග්ලාදේශය, සත්කාරක පන්දු යවන්නෝ පාගා දමයි
- දින 9722ක දකුණු අප්‍රිකානු “දේදුණු මෙහෙයුම”
- නවක ක්‍රීඩකයින් රැසක් සමඟ ශ්‍රී ලංකාව බංගලි ටෙස්ට් ගැටුමට සැරසෙයි
- Ride ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ අත්වැල් බැඳ ගනී!
- ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දින තහවුරුයි
එසේ එම සිදුවීම් සිදු වෙද්දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන අතර ඒ වෙද්දී බංග්ලාදේශ ඉනිම පැවැතියේ කඩුලු 4ක් දැවී ලකුණු 423ක් ලෙසයි. ඒ සමඟින් ම තේ විවේකය ද ලබා ගැනීමට පිටියේ විනිසුරුවන් තිරණය කරනවා.
ඉන් අනතුරු ව උදා වූ දිනයේ අවසන් කාර්තුව ගෙවී යන්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වඩාත් වාසිදායක තත්ත්වයක් උදා කරමින්. එම කාර්තුවේ දී කඩුලු 5ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වෙනවා.
එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පළමු ගොදුර බවට පත් වෙන්නේ Mushfiqur Rahim. අසිත ප්‍රනාන්දු ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ඔහු ඉනිම හැර යද්දී පන්දු 350කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 163ක් ලබා සිටියා. ඒ වෙද්දී ඔහු Litton Das සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ලට ලකුණු 149ක සබඳතාවක් ද ගොඩ නගනවා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 8 වැනි පන්දුවේ දී Litton Das ගේ ඉනිම ද අවසන් වෙනවා. ඔහු දැවී යන විට පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 90ක් ලබා සිටියා.
බංග්ලාදේශ ඉනිමේ 7 වැනි කඩුල්ලට Jaker Ali ලකුණු 8ක් ලබා සිටිය දී දැවී යන අනතුරුව ලකුණු 10ක් තුළ තවත් කඩුලු 2ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වෙනවා. එහි දී කඩුලු අහිමි වෙන්නේ Taijul Islam (6) සහ Nayeem Hasan (11) ගේ.
තරගය 2 වැනි දිනයට නතර කරන විට Hasan Mahmud සහ Nahid Rana ලකුණු නොලබා නොදැවී පිටියේ රැඳී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක සහ තරිඳු රත්නායක කඩුලු තුන බැගින් දවා ගත් අතර ඒ අතුරින් හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ මිලාන් රත්නායක. ඔහු ලකුණු 38කට කඩුලු 3ක් දවා ගන්නවා. මේ දක්ෂතාව ම කරද්දී අසිත ප්‍රනාන්දු ප්‍රතිවාදීන්ට ලකුණු 80ක් ද සහ තරිඳු රත්නායක ලකුණු 196ක් ද ලබා දෙනවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 292 (151.0)Mominul Haque 29, Najmul Hossain Shanto 148, Mushfiqur Rahim 163, Litton Das 90, අසිත ප්‍රනාන්දු 3/80, මිලාන් රත්නායක 3/38, තරිඳු රත්නායක 3/196.
හෙට (13) තරගාවලියේ 2 වැනි දිනයයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Shadman Islam | c Dhananjaya de Silva b Tharindu Rathnayake | 14 | 53 | 1 | 0 | 26.42 |
Anamul Haque | c Kusal Mendis b Asitha Fernando | 0 | 10 | 0 | 0 | 0.00 |
Mominul Haque | c Dhananjaya de Silva b Tharindu Rathnayake | 29 | 33 | 4 | 0 | 87.88 |
Najmul Hossain Shanto | c Angelo Mathews b Asitha Fernando | 148 | 279 | 15 | 1 | 53.05 |
Mushfiqur Rahim | lbw b Asitha Fernando | 163 | 350 | 9 | 0 | 46.57 |
Liton Das | c Kusal Mendis b Tharindu Rathnayake | 90 | 123 | 11 | 1 | 73.17 |
Jaker Ali | b Milan Rathnayake | 8 | 16 | 1 | 0 | 50.00 |
Nayeem Hasan | c Kusal Mendis b Milan Rathnayake | 11 | 30 | 1 | 0 | 36.67 |
Taijul Islam | b Milan Rathnayake | 6 | 7 | 1 | 0 | 85.71 |
Hasan Mahmud | not out | 7 | 15 | 1 | 0 | 46.67 |
Nahid Rana | c Kusal Mendis b Asitha Fernando | 0 | 8 | 0 | 0 | 0.00 |
Extras | 19 (b 8 , lb 5 , nb 2, w 4, pen 0) |
Total | 495/10 (153.4 Overs, RR: 3.22) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 29.4 | 5 | 86 | 4 | 2.93 | |
Milan Rathnayake | 23.4 | 6 | 39 | 3 | 1.67 | |
Tharindu Rathnayake | 49.2 | 3 | 196 | 3 | 3.98 | |
Prabath Jayasuriya | 48 | 2 | 154 | 0 | 3.21 | |
Dhananjaya de Silva | 3 | 0 | 7 | 0 | 2.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | b Hasan Mahmud | 187 | 256 | 23 | 1 | 73.05 |
Lahiru Udara | c & b Taijul Islam | 29 | 34 | 6 | 0 | 85.29 |
Dinesh Chandimal | c Shadman Islam b Nayeem Hasan | 54 | 119 | 4 | 0 | 45.38 |
Angelo Mathews | c Liton Das b Mominul Haque | 39 | 69 | 3 | 1 | 56.52 |
Kamindu Mendis | b Hasan Mahmud | 87 | 148 | 7 | 1 | 58.78 |
Dhananjaya de Silva | c Liton Das b Nayeem Hasan | 19 | 36 | 2 | 0 | 52.78 |
Kusal Mendis | c Liton Das b Hasan Mahmud | 5 | 17 | 1 | 0 | 29.41 |
Milan Rathnayake | b Nayeem Hasan | 39 | 83 | 3 | 1 | 46.99 |
Tharindu Rathnayake | b Nayeem Hasan | 0 | 7 | 0 | 0 | 0.00 |
Prabath Jayasuriya | not out | 11 | 13 | 0 | 0 | 84.62 |
Asitha Fernando | b Nayeem Hasan | 4 | 8 | 0 | 0 | 50.00 |
Extras | 11 (b 2 , lb 7 , nb 2, w 0, pen 0) |
Total | 485/10 (131.2 Overs, RR: 3.69) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Hasan Mahmud | 21 | 2 | 74 | 3 | 3.52 | |
Nahid Rana | 19 | 0 | 97 | 0 | 5.11 | |
Taijul Islam | 41 | 3 | 156 | 1 | 3.80 | |
Nayeem Hasan | 43.2 | 4 | 121 | 5 | 2.80 | |
Mominul Haque | 7 | 0 | 28 | 1 | 4.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Shadman Islam | lbw b Milan Rathnayake | 76 | 126 | 7 | 0 | 60.32 |
Anamul Haque | c Kusal Mendis b Prabath Jayasuriya | 4 | 20 | 0 | 0 | 20.00 |
Mominul Haque | c Lahiru Udara b Tharindu Rathnayake | 14 | 40 | 0 | 1 | 35.00 |
Najmul Hossain Shanto | not out | 125 | 199 | 9 | 3 | 62.81 |
Mushfiqur Rahim | run out (Tharindu Rathnayake) | 49 | 102 | 4 | 0 | 48.04 |
Liton Das | b Tharindu Rathnayake | 3 | 5 | 0 | 0 | 60.00 |
Jaker Ali | st b | 2 | 7 | 0 | 0 | 28.57 |
Nayeem Hasan | not out | 7 | 23 | 0 | 0 | 30.43 |
Extras | 5 (b 4 , lb 1 , nb 0, w 0, pen 0) |
Total | 285/6 (87 Overs, RR: 3.28) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 8 | 0 | 31 | 0 | 3.88 | |
Prabath Jayasuriya | 29 | 3 | 92 | 1 | 3.17 | |
Tharindu Rathnayake | 29 | 1 | 102 | 3 | 3.52 | |
Milan Rathnayake | 12 | 4 | 26 | 1 | 2.17 | |
Dhananjaya de Silva | 8 | 0 | 27 | 0 | 3.38 | |
Kamindu Mendis | 1 | 0 | 2 | 0 | 2.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Najmul Hossain Shanto b Nayeem Hasan | 24 | 25 | 4 | 0 | 96.00 |
Lahiru Udara | st Liton Das b Taijul Islam | 9 | 13 | 2 | 0 | 69.23 |
Dinesh Chandimal | b Taijul Islam | 6 | 44 | 0 | 0 | 13.64 |
Angelo Mathews | c Mominul Haque b Taijul Islam | 8 | 45 | 1 | 0 | 17.78 |
Kamindu Mendis | not out | 12 | 35 | 1 | 0 | 34.29 |
Dhananjaya de Silva | not out | 12 | 30 | 1 | 1 | 40.00 |
Extras | 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0) |
Total | 72/4 (32 Overs, RR: 2.25) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Hasan Mahmud | 3 | 0 | 19 | 0 | 6.33 | |
Taijul Islam | 16 | 3 | 23 | 3 | 1.44 | |
Nayeem Hasan | 13 | 1 | 29 | 1 | 2.23 |
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.