පසුගිය දින කිහිපයේදී දිවයින තුළ ඇතිවූ අයහපත් තත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සාමය බිඳ වැටුණා. කෙසේ වෙතත් උද්ගත වී ඇති තත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා වාසීන්ගෙන් ඉල්ලා සිටින්නේ සාමය, මනුෂ්‍යත්වය උදෙසා එකමුතු වන ලෙසයි.
බංග්ලාදේශයත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න බය වෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයක් මේ වසරේ (2019) ජූලි මස දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් ශ්‍රී ලංකාවේ
ඔවුන් ඉතා හැඟුම්බරව ඉල්ලා සිටින්නේ සන්සුන්ව කටයුතු කර රට යළිත් තිබූ තත්වයට පත්කිරීමට උපකාර කරන ලෙසයි. ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව අදහස් එකතු කර තිබුණා.
මේ පිළිබඳ පළමුවෙන්ම අදහස් දක්වා තිබුණේ එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න.


MCC ක්‍රීඩා සමාජයේ සභාපති බවට නම්වූ ලෝක පුජිත ක්‍රීඩක කුමාර් සංගක්කාර ද දැඩි සේ ඉල්ලා සිටියේ ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.
සනත් ජයසූරිය සහ චමින්ද වාස් යුගලය ද සිය හදවතින්ම අයාචනා එකතු කර තිබුණා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<


























