එළඹෙන ජුනි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය ධනංජය ලක්ශාන් හට හිමි වී ඇති අතර, ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග ත්‍රිත්වයකට සහ සිව්දින තරග දෙකකට මෙම තරගාවලියේ දී සහභාගී වනු ඇති.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
තරග කාලසටහන;
- පළමු සිව් දින තරගය – ජුනි 07 සිට ජුනි 10 දක්වා
- දෙවැනි සිව් දින තරගය – ජුනි 14 සිට ජුනි 17 දක්වා
- පළමු එක්දින තරගය – ජුනි 21
- දෙවැනි එක්දින තරගය – ජුනි 24
- තෙවැනි එක්දින තරගය – ජුනි 26
තරගාවලියේ සිව්දින තරග ද්විත්වය Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, එක්දින තරග ත්‍රිත්වය Sir Vivian Richards ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා සංචිතය:
ධනංජය ලක්ෂාන් (නායක), ජනිශ්ක පෙරේරා, ශෙවෝන් ඩැනියෙල්, රවිඳු රසන්ත, අහන් වික්‍රමසිංහ, නිපුන් ධනංජය, අංජල බණ්ඩාර, සොහාන් ද ලිවේරා, සහන් කෝසල, රවිඳු ප්‍රනාන්දු, චමිඳු විජේසිංහ, දුලාජ් සමුදිත, ගරුක සංකේත්, සිතුම් දිසානායක, දිලුම් සුදීර, ට්‍රවීන් මැතිව්, අශාන් ඩැනියෙල්, මෙලාන් හන්සක
මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<