ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග මාලාවේ ආරම්භක 2020 වසරේ දී Dambulla Viking නමින් ද සහ 2021 වසරේ දී Dambulla Giants නමින් ද තරගාවලියට එක් වූ මෙම කණ්ඩායම 2022 වසරේ සිට Dambulla Aura නමින් නම් කෙරෙනවා.
මංගල තරගාවලියේ දී අවසන් පූර්ව වටය දක්වා පිවිසීමට සමත් වූ මෙම කණ්ඩායම එතැන් සිට සෙසු වසර ද්විත්වයේ දී ක්‍රම ක්‍රමයෙන් පසුබැසීමකට ලක් වෙනවා. ඔවුන්ගේ ගමන නිමා වූ වසරේ දී පළමු වටයෙන් ම අවසන් වෙනවා.
එවන් තත්ත්වයක් යටතේ මෙවර විස්සයි විස්ස පිටියේ වඩාත් පළපුරුදු සහ දක්ෂ විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙක් සමන්විතව තරගාවලියට පිවිසීමට Dambulla Aura සූදානම් වෙනවා.
මේ LPL තරගාවලියේ විදෙස් ක්‍රීඩකයන් ගැන දැනුවත් කෙරෙන ලිපි පෙළේ 4 වැන්නයි. එය වෙන් වන්නේ Dambulla Aura කණ්ඩායම වෙනුවෙනුයි.
Dambulla Aura කණ්ඩායමේ LPL ගමන් මඟ
| වසර | තරග | ජය | පරාජ | නොවිසඳුණ | ස්ථානය | |
| 1 | 2020 | 9 | 5 | 3 | 1 | Semi Final |
| 2 | 2021 | 10 | 4 | 5 | 1 | Playoffs |
| 3 | 2022 | 8 | 2 | 6 | 0 | පළමු වටය |
| එකතුව | 27 | 11 | 14 | 2 | ||
පසුගිය වසර ත්‍රිත්වයේ දඹුලු කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක සතු වූ අතර මෙවර එහි වගකීම පැවරී ඇත්තේ පසුගිය වසරේ දී ගාල්ල කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළ කුසල් මෙන්ඩිස් වෙතයි.
යොවුන් ක්‍රීඩකයන් වැඩි පිරිසකගෙන් සමන්විත මෙම කණ්ඩායම පෙර වසරවලට වඩා යමක් මේ වසරේ දී සිදු කරනු ඇතැයි විශ්වාස කළ හැකියි. ඒ වෙනුවෙන් පිතිකරුවන් ලෙසින් අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා සහ සධීර සමරවික්‍රම පෙළ ගැසී සිටින අතර පන්දු යැවීමෙන් ප්‍රමෝද් මධුශාන් ද එක් ව සිටින්නේ Dambulla Aura කණ්ඩායම සමගයි.
එවැනි දේශීය ක්‍රීඩකයන් සමඟින් පෙර කිසිදු අවස්ථාව දඹුලු කණ්ඩායම සමඟින් ගිවිසුම්ගත නොවූ විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙක් ද සමඟින් ඔවුන් මෙවර සටනට පිවිසෙනවා.
Matthew Wade
පසුගිය වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් 35 හැවිරිදි වියේ පසුවෙන Matthew Wade ඒ දක්වා ඕස්ට්‍රේලියා කණ්ඩායම හා එක් වෙමින් ටෙස්ට් තරග 36ක දී ලකුණු 1613ක්, එක්දින තරග 97ක දී ලකුණු 1867ක් සහ විස්සයි විස්ස තරග 75ක දී ලකුණු 1018ක් ලබා ඇති ක්‍රීඩකයෙක්.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමෙන් පසුව ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) සහ පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ Matthew Wade ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස තරග 231ක් ක්‍රීඩා කර ඇති අතර ශතකයක් සහ අර්ධ ශතක 25ක් සමඟින් ලකුණු 4559ක් ලබා තිබෙනවා. කඩුලු රකින්නෙක් ලෙසින් දවා ගැනීම් 142කට දායක වී තිබෙනවා.
Lungi Ngidi

දකුණතින් වේගපන්දු යවන 27 හැවිරිදි වියේ පසුවෙන Lungi Ngidi දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 17ක දී කඩුලු 51ක්, එක්දින තරග 45ක දී කඩුලු 73ක් සහ විස්සයි විස්ස තරග 37ක දී කඩුලු 60ක් ලබා සිටිනවා.
ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස තරග 109කට සහභාගී වෙමින් කඩුලු 152ක් දවා ගැනීමට ඔහු සමත් ව සිටිනවා.
Hayden Kerr

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් ලැයිස්තුගත වූව ද, ඔහු මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරග පමණයි. එහි දක්ෂතාව තරග 51ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 285ක් සහ කඩුලු 18ක්.
විස්සයි විස්ස තරග පිටියේ තරග 51ක් ක්‍රීඩා කර ඇති ඔහු පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 439ක් ද සහ වමතින් මඳ වේගපන්දු යවමින් කඩුලු 56ක් දවාගෙන තිබෙනවා.
- ගාලු යෝධයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ
- Babar සමඟ කරළියට එන Colombo Strikers
- Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ
- 2023 LPL ටිකට්වල ගණන් හිලව් නිවේදනය කරයි
- LPL විකාශන අයිතියේ කැපී පෙනෙන වෙනසක්
Noor Ahmad

ඔහු මීට පෙර 2021 වසරේ දී Galle Gladiators නියෝජනය කරන අතර එහි දී තරග 8කට එක් වෙමින් ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 8ක්. ඒ සඳහා ඔහු පන්දුවාර 30ක් වැය කරන අතර ප්‍රතිවාදීන්ට ලකුණු194ක් ලබා දෙනවා. එය පන්දු යවන්නෙක් ලෙසින් එතරම් ම හොඳ තත්ත්වයක් පෙන්නුම් කරන අගයක් නොවේ.
වමත් දඟපන්දු යවන්නෙක් ලෙසින් කටයුතු කරන Noor Ahmad මේ දක්වා ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස තරග 63කට ක්‍රීඩා කරමින් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 62ක්.
Shahnawaz Dahani

පාකිස්තානය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 2ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 11ක් ක්‍රීඩා කර ඇති Dahani ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස තරග 41කට සහභාගී වෙමින් කඩුලු 55ක් ලබා ගෙන තිබෙනවා.
Alex Ross

මෙතෙක් පළමු පෙළ තරග 18ක පමණක් අත්දැකීම් ඇති Alex Ross මැද පෙළ පිතිකරුවෙක් ලෙසින් Dambulla Aura කණ්ඩායම හා එක් වෙන්නේ ඇමරිකානු ඩොලර් 20,000ක මුදලකට වෙන්දේසි වෙමින්.
විස්සයි විස්ස පිටියේ ද ඔහු මෙතෙක් රැස් කරගෙන සිටින්නේ තරග 97ක ඉනිම් 83ක දී අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 1802ක් පමණයි. එහි සාමාන්‍ය 28.60ක්.
Dambulla Aura කණ්ඩායමේ තරග කාලසටහන
| ප්‍රතිවාදීන් | දිනය | ක්‍රීඩාංගණය | වේලාව | |
| 1 | Galle Titans | ජූලි 31 | R. ප්‍රේමදාස (කොළඹ) | ප.ව. 3.00 |
| 2 | Jaffna Kings | අගෝස්තු 01 | R. ප්‍රේමදාස (කොළඹ) | ප. ව. 3.00 |
| 3 | Jaffna Kings | අගෝස්තු 04 | පල්ලෙකැලේ | රාත්‍රී 7.30 |
| 4 | B – Love Kandy | අගෝස්තු 07 | පල්ලෙකැලේ | ප.ව. 3.00 |
| 5 | Colombo Strikers | අගෝස්තු 08 | පල්ලෙකැලේ | ප.ව. 3.00 |
| 6 | Galle Titans | අගෝස්තු 11 | R. ප්‍රේමදාස (කොළඹ) | රාත්‍රී 7.30 |
| 7 | Colombo Strikers | අගෝස්තු 12 | R. ප්‍රේමදාස (කොළඹ) | රාත්‍රී 7.30 |
| 8 | B – Love Kandy | අගෝස්තු 14 | R. ප්‍රේමදාස (කොළඹ) | රාත්‍රී 7.30 |
- Dambulla Aura කණ්ඩායම: කුසල් මෙන්ඩිස් (නායක), Matthew Wade, Lungi Ngidi, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, සධීර සමරවික්‍රම, බිනුර ප්‍රනාන්දු, සචිත ජයතිලක, ජනිත් ලියනගේ Hayden Kerr, Noor Ahmad, දුශාන් හේමන්ත, ප්‍රමෝද් මධුශාන්, Shahnawaz Dahani, ලක්ෂාන් එදිරිසිංහ, ජෙහාන් ඩැනියෙල්, වනුජ සහන්, Alex Ross, රවිඳු ප්‍රනාන්දු, කවිඳු පතිරත්න, ප්‍රවීන් ජයවික්‍රම, මනෙල්ක ද සිල්වා සහ ට්‍රෙවින් මැතිව්.
මීළඟ ලිපියෙන් B – Love Kandy කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන් පිළිබඳ ව දැනුවත් වෙමු.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















