ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ටතම ආරම්භක පිතිකරුවෙකු ලෙස සැලකෙන David Warner සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියට ඉතා ඉක්මනින් සමුදෙනු ඇති බවට ඔහුගේ බිරිඳ විසින් ඉඟි පළ කර තිබෙනවා.
මේ වන විට එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටින Warner විසින් ඉනිම් හයක් තුළ ලබා ගැනීමට සමත් වුනේ එක් අර්ධ ශතකයක් පමණයි. එමෙන්ම නිමා වූ තෙවැනි අළුබඳුන තරගයේ ඉනිම් දෙක තුළ දී ම ඔහු ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 5ක් පමණයි.
මෙම තෙවැනි අළුබඳුන තරගයෙන් ඕස්ට්‍රේලියාව පරාජය වූ අතර එහි දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පිත්තෙන් කැපී පෙනෙන දස්කම් පෙන්වීමට Mitchell Marsh විසින් සමත් වුනා.
Warnerගේ අසාර්ථක වීම සහ Marshගෙ සාර්ථක වීම නිසා Warnerගේ ඉදිරි ගමන ගැන යම් අවිනිශ්චිතතාවක් මතු වී තිබෙනවා.
Marsh හට මෙම කණ්ඩායම සමඟ එක් වීමට අවස්ථාව ලැබුණේ ඔවුන්ගේ මැදපෙළ පිතිකරු Cameron Green ආබාධයකට ලක්වීමත් සමඟයි. නමුත් Green සිව්වැනි අළුබඳුන තරගයට බොහෝ විට සහභාගී වීමට ඉඩ ඇති නිසා ඕස්ට්‍රේලියාව විසින් Green සහ Marsh දෙදෙනාව ම කණ්ඩායමට එකතු කර ගනු ඇතැයි විදෙස් මාධ්‍ය මගින් අනුමාන කරනවා.
තෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව Warner ඉදිරි තරගවල කණ්ඩායමේ රැඳී සිටී දැයි විමසූ පසු ඕස්ට්‍රේලියානු නායක Pat Cummins විසින් ඒ පිළිබඳ එක එල්ලේ පිළිතුරු ලබා නොදීමත් සමඟින් විදෙස් මාධ්‍ය මගින් මෙම අනුමාන කිරීම් වලට ඉඩ සලසා ගත්තා.
“අපේ සියලු ම විකල්ප විවෘතව තබා ගෙන ඉන්නවා. අපිට තවත් දින 9ක් හෝ 10ක් තියෙනවා. ඒ නිසා අපි හොඳ හුස්මක් අරගන්නවා.
අපි ටික දවසකට මේ දේවල් වලින් එළියට යනවා, නමුත් නැවත ආපසු එනවා. Greeny (Cameron Green) මැන්චෙස්ටර් තරගයට සුදුසු මට්ටමක හිඳී වී. අපි කඩුල්ල දෙස බලලා හොඳම එකොළොස් දෙනා තෝරා ගන්නවා.”
Cummins විසින් ඉදිරිය පිළිබඳ දැරුවේ එවන් අදහසක්.
- ලංකා T10 තරගාවලියට දින තීන්දුයි!
- සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්!
- “Bazball හොඳයි පොඩි කණ්ඩායම්වලට”
- අළුබඳුනේ උණුසුම එංගලන්ත අගමැති පුටුවටත් දැනෙයි!
- Smithට තවමත් එංගලන්තයෙන් ප්‍රශ්න
එමෙන්ම Warner වෙනුවට Green කණ්ඩායමට ආදේශ වුවහොත් බොහෝ විට Travis Head විසින් Usman Khawaja සමඟ ඉනිම ආරම්භ කිරීමට ඉඩ තිබෙනවා. මේ සමඟින් ඕස්ට්‍රේලියාවේ මැදපෙළ ශක්තිමත් වනවාට අමතරව Green සහ Marsh දෙදෙනාගේ ම වේගපන්දුවේ සහය ද කණ්ඩායමට හිමි වනු ඇති.
මේ අතර David Warnerගේ බිරිඳ විසින් පළ කළ Instagram සටහනක් ද Warnerගේ අනාගතය පිළිබඳ යම් සැකයක් පහළ කිරීමට හේතු වී තිබෙනවා.
“අප ටෙස්ට් ක්‍රිකට් සමඟ සංචාරය කළ යුගයක අවසානය. එය විනෝදයක් වුනා. සදහටම ඔබේ විශාලතම ආධාරකරුවන් සහ ඔබේ කාන්තා කල්ලිය.
ඔබට ආදරෙයි Warner.”
View this post on Instagram
Warner සහ බිරිඳ සිය දියණියන් තිදෙනා ද සමඟින් තෙවැනි ටෙස්ට් තරගය පැවැත්වුණු හෙඩිංග්ලි හිදි ගත් ඡායාරූපයක් Instagram හි පළ කරමින් මෙම සටහන යොදා තිබුණා.
Warner විසින් කලකට පෙර පිත්තෙන් විශිෂ්ට දක්ෂතා දැක්වුවත් වර්තමානයේ දී ඔහු පෙර ලෙස දක්ෂතා අතර රැඳීමට සමත් වුනේ නැහැ. එමෙන්ම ඔහු විසින් මීට පෙර ද ප්‍රකාශ කළේ 2024 ජනවාරි මාසයෙන් පසු තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට බලාපොරොත්තු වන බවයි. නමුත් දැන් තත්වය අනුව Warnerගේ තීරණය තවත් ඉක්මන් වනු ඇති දැයි යම් සැකයක් පවතිනවා.
දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Hindustan Times ඇසුරිනි.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<