Home Sinhala නිශාන්ගේ ද්විත්ව ශතකයෙන් පසු තරගය ජය පැරදුමෙන් තොරයි

නිශාන්ගේ ද්විත්ව ශතකයෙන් පසු තරගය ජය පැරදුමෙන් තොරයි

207

වර්ෂාවේ බලපෑමත්, එංගලන්ත මැදපෙළ පිතිකරුවන්ගේ සංයමයත් නිසා ශ්‍රී ලංකා A කණ්ඩායම සහ එංගලන්ත Lions කණ්ඩායම අතර පැවති පළමු නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (03) ජය පරාජයකින් තොරව අවසන් වුනා.

තරගයේ වඩාත්ම ඉස්මතු වූ සුවිශේෂී සිදුවීම වන්නේ නිශාන් මදුශ්ක වාර්තා කළ අද්විතීය ද්විත්ව ශතකයයි.

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3කට ලකුණු 580ක් ලබාගෙන සිටියා. ඒ එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 249ක ඉදිරියක් සහිතවයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 136කට නාය යාම නිසාත්, එංගලන්ත Lions තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 467ක් ලබා ගැනීමත් නිසාත්, ශ්‍රී ලංකාවට දෙවැනි ඉනිමේ වැඩි බරක් ඇදීමට සිදු වුනා.

ඊයේ දිනයේ නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කර ගත් නිශාන් මදුශ්ක අද ලකුණු 241ක් දක්වා තම ඉනිම ප්‍රසාරණය කර ගත්තා. පන්දු 423ක් වැය වුනු නිශාන්ගේ මැරතන් ඉනිමට හතරේ පහර 25ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වුනා. 23 හැවිරිදි ක්‍රීඩකයෙකු ලෙස නිශාන් ක්‍රීඩා කළ මෙම විශිෂ්ට ඉනිම නිසා ඉදිරි තරගාවලිවල දී ඔහුට ජාතික කණ්ඩායමේ දොරගුළු විවර වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

තුන්වැනි දිනයට තරගය අත්හිටුවන විට නොදැවී ලකුණු 89ක් ලබා සිටි නායක නිපුන් ධනංජය අද තම ශතකය සම්පූර්ණ කර ගත්තා. අවස්ථාවේ හැටියට සාපේක්ෂව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නිපුන් තම ලකුණු 128ක ඉනිම වෙනුවෙන් වැය කළේ පන්දු 170ක් පමණයි. ඒ අතරේ ඔහු හතරේ පහර 18කින් සහ එක් හයේ පහරකින් තම ඉනිම රසවත් කළා.

නිපුන් ධනංජය දැවී යනවිට 654-4ක් ලෙස දැක්වුනු ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 9ක් එකතු වෙද්දී තවත් කඩුලු 5ක් ඉක්මනින්ම බිඳ වැටීම විශේෂත්වයක්. එහි දී සදීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ සහ දුනිත් වෙල්ලාලගේ යන කුසලතා පූර්ණ පිතිකරුවන් තිදෙනා අද ආ පයින්ම ක්‍රීඩාගාරයට හැරී ගියා. නමුත් ශ්‍රී ලංකාව මේ වනවිටත් ලකුණු 333ක් ඉදිරියෙන් සිටි නිසා එය එතරම් ගැටලුවක් වුනේ නැහැ.

පන්දු යැවීමේ දී දකුණත් පිට දඟපන්දු යවන Jack Carson කඩුලු 4ක් බිඳ හෙලද්දී තනිවම පන්දුවාර 50ක් යවා සම්පූර්ණ කළ Patterson-White කඩුලු 3කට හිමිකම් කිව්වා. ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී කඩුලු 5ක් දඩයම් කර ගත් Matthew Fisherට දෙවැනි ඉනිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් එකදු කඩුල්ලක් හෝ ලබා නොදීම ඉතා ධනාත්මක සාධකයක්.

ලකුණු 333ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත Lions කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 14ක් ලබා සිටියා. ඒ පන්දුවාර 5ක් තුලයි. දෙවැනි සැසිය අවසන් වන විට ශ්‍රී ලංකාව තවත් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර එහි වැඩි වගකීම් කොටසක් ඉටු කෙරුණේ දකුණතින් වේගපන්දු යවන මිලාන් රත්නායක අතිනුයි.

ඔහු එංගලන්ත ඉනිමේ මුල් කඩුලු 3ටම හිමිකම් කීවේ ජයග්‍රහණයක් කරා යාමට අවශ්‍ය පසුබිම සකස් කරමිනුයි. මිලාන් අඩු ලකුණු ගණනකට දවාගත් පිතිකරුවන් තිදෙනා එංගලන්ත පළමු ඉනිම අතරේ ලකුණු 255ක් ලකුණු පුවරුවට එකතු කළ අය වීම ඔහුගේ පන්දු යැවීමට අමතර වටිනාකමක් එක් කළා. මේ අනුව තේ විවේකය වන විට එංගලන්ත Lions දෙවැනි ඉනිම දැක්වුනේ ලකුණු 135ට කඩුලු 4ක් ලෙසයි.

කෙසේ නමුත් මැදපෙළ පිතිකරුවන් ලෙස Josh Bohannon ලබා ගත් අර්ධ ශතකය සහ Jack Haynesගේ ලකුණු 43 ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරා යාමට තිබූ මාවත අවහිර කළා. ඔවුන් දෙදෙනා අතරේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුනු සබඳතාවය ලකුණු 84ක්. සෑහෙන හානියක් ගෙන දුන් මෙම පිතිකරුවන් දෙදෙනාම පසුව දවා ගැනීමට ලක්ෂිත මානසිංහ සමත් වුනා.

අද සවස් භාගයේ ගාල්ල ප්‍රදේශයේ බල පැවැත්වුනු වැහිබර කාලගුණය ද ශ්‍රී ලංකා කණ්ඩායමට බාධා ගෙන ආවා. මේ නිසා තුන්වැනි සැසියේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වුනේ පන්දුවාර 16ක් පමණයි. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වනවිට එංගලන්ත Lions තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7කට ලකුණු 221ක් ලබා සිටියා.

ඒ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 111ක් පිටුපසින් සිටිමිනුයි. කෙසේ වෙතත් මෙම සිව්දින පුහුණු තරගය තුල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දස්කම් එංගලන්ත Lions කණ්ඩායමට වඩා සැලකිය යුතු තරම් ඉදිරියෙන් තිබූ බව කිව හැකියි. ඒ දරුණු පරාජයක් කරා යමින් තිබූ තරගයක ජය කණුව ආසන්නයටම යාමට ඔවුන් දක්වූ නිසඟ කුසලතාවය නිසයි.

කණ්ඩායම් දෙක අතර දෙවැනි නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 07 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වීමට නියමිතයි. එම සියලු තොරතුරු එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result

Match drawn

Sri Lanka A Team
136/10 (35.4) & 663/9 (157.1)

England Lions
467/10 (87.5) & 221/7 (48)

Batsmen R B 4s 6s SR
Nishan Madushka lbw b Matt Fisher 1 2 0 0 50.00
Oshada Fernando c Jack Haynes b Liam Patterson-White 21 39 3 0 53.85
Nuwanidu Fernando st Jamie Smith b Liam Patterson-White 17 27 3 0 62.96
Nipun Dhananjaya c Haseeb Hameed b Sam Cook 15 21 2 0 71.43
Sadeera Samarawickrama c Liam Patterson-White b Matt Fisher 43 61 7 0 70.49
Sahan Arachchige c Jamie Smith b Tom Abell 3 20 0 0 15.00
Dunith Wellalage c Jamie Smith b Liam Patterson-White 0 4 0 0 0.00
Lakshitha Manasinghe c Jamie Smith b Liam Patterson-White 26 27 5 0 96.30
Amshi De Silva c Jamie Smith b Matt Fisher 0 4 0 0 0.00
Lasith Embuldeniya c Jamie Smith b Matt Fisher 3 9 0 0 33.33
Milan Rathnayake not out 1 5 0 0 20.00


Extras 6 (b 0 , lb 1 , nb 5, w 0, pen 0)
Total 136/10 (35.4 Overs, RR: 3.81)
Bowling O M R W Econ
Sam Cook 7 2 17 1 2.43
Matt Fisher 9.4 1 34 5 3.62
Liam Patterson-White 13 1 51 3 3.92
Tom Abell 4 0 17 1 4.25
Jack Carson 2 0 16 0 8.00
Batsmen R B 4s 6s SR
Alex Lees b Lasith Embuldeniya 56 69 7 1 81.16
Haseeb Hameed c Sadeera Samarawickrama b Sahan Arachchige 81 109 10 0 74.31
Tom Haines c Lahiru Udara b Lakshitha Manasinghe 118 138 12 1 85.51
Tom Abell lbw b Lasith Embuldeniya 7 7 0 1 100.00
Josh Bohannon c Milan Rathnayake b Lasith Embuldeniya 42 50 5 0 84.00
Jack Haynes c Sadeera Samarawickrama b Amshi De Silva 16 13 3 0 123.08
Jamie Smith b Lakshitha Manasinghe 22 23 3 0 95.65
Liam Patterson-White c Dunith Wellalage b Amshi De Silva 41 61 6 0 67.21
Matt Fisher c Sadeera Samarawickrama b Milan Rathnayake 53 46 2 2 115.22
Jack Carson c Nishan Madushka b Amshi De Silva 4 10 1 0 40.00
Sam Cook not out 2 6 0 0 33.33


Extras 25 (b 7 , lb 12 , nb 5, w 1, pen 0)
Total 467/10 (87.5 Overs, RR: 5.32)
Bowling O M R W Econ
Milan Rathnayake 16.5 1 81 1 4.91
Amshi De Silva 10 0 59 3 5.90
Lasith Embuldeniya 30 0 158 3 5.27
Lakshitha Manasinghe 17 1 85 2 5.00
Sahan Arachchige 9 1 44 1 4.89
Dunith Wellalage 5 0 21 0 4.20
Batsmen R B 4s 6s SR
Nishan Madushka c Matt Fisher b Jack Carson 241 423 25 4 56.97
Oshada Fernando c Alex Lees b Liam Patterson-White 114 134 18 0 85.07
Lakshitha Manasinghe c Sam Cook b Tom Abell 73 107 11 2 68.22
Nuwanidu Fernando b Jack Carson 80 90 11 2 88.89
Nipun Dhananjaya b Liam Patterson-White 128 170 18 1 75.29
Sadeera Samarawickrama lbw b Jack Carson 1 2 0 0 50.00
Sahan Arachchige c Tom Haines b Liam Patterson-White 4 11 0 0 36.36
Dunith Wellalage run out (Haseeb Hameed) 0 2 0 0 0.00
Amshi De Silva c & b Jack Carson 0 5 0 0 0.00
Lasith Embuldeniya not out 0 4 0 0 0.00


Extras 22 (b 11 , lb 6 , nb 5, w 0, pen 0)
Total 663/9 (157.1 Overs, RR: 4.22)
Bowling O M R W Econ
Sam Cook 19 1 95 0 5.00
Matt Fisher 15 3 57 0 3.80
Liam Patterson-White 50 7 231 3 4.62
Jack Carson 44.1 6 173 4 3.92
Tom Abell 20 7 55 1 2.75
Tom Haines 9 0 35 0 3.89


Batsmen R B 4s 6s SR
Alex Lees c Sadeera Samarawickrama b Milan Rathnayake 1 8 0 0 12.50
Haseeb Hameed c & b Milan Rathnayake 15 33 3 0 45.45
Tom Haines c Nishan Madushka b Milan Rathnayake 20 24 3 0 83.33
Tom Abell c Sadeera Samarawickrama b Amshi De Silva 11 21 1 0 52.38
Josh Bohannon lbw b Lakshitha Manasinghe 57 86 7 0 66.28
Jack Haynes lbw b Lakshitha Manasinghe 43 38 3 0 113.16
Jamie Smith not out 39 44 5 0 88.64
Liam Patterson-White run out (Lakshitha Manasinghe) 25 34 2 1 73.53
Matt Fisher not out 1 3 0 0 33.33


Extras 9 (b 4 , lb 0 , nb 3, w 2, pen 0)
Total 221/7 (48 Overs, RR: 4.6)
Bowling O M R W Econ
Lasith Embuldeniya 19 3 82 0 4.32
Milan Rathnayake 8 0 31 3 3.88
Dunith Wellalage 5 0 24 0 4.80
Amshi De Silva 5 1 25 1 5.00
Lakshitha Manasinghe 11 0 55 2 5.00