කමිඳු මෙන්ඩිස්ට BPL වරම්

බංග්ලාදේශ් ප්‍රිමියර් ලීගය 2023

323

ශ්‍රී ලාංකික තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්, බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරගාවලියේ Sylhet Strikers කණ්ඩායම සඳහා තෝරාගෙන තිබෙනවා.

23 හැවිරිදි කමිඳු Sylhet Strikers විසින් සිය කණ්ඩායමට එකතු කර ගෙන තිබෙන්නේ ඇමරිකානු ඩොලර් 30,000ක වටිනාකමක් සහිතවයි. එම මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 10ක් (රු.10,789,000)

කමිඳු දේශීය ක්‍රිකට් පිටියේ සියලුම ආකෘතිවලින් දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයෙකු ලෙස හැඳින්විය හැකි අතර ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඔහු තරග 13ක් සඳහා සිය දායකත්වය දක්වා තිබෙන්නේ එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 7ක් සහ විස්සයි විස්ස තරග 5ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමිනුයි.

එළඹෙන වසරේ දී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 9 වැනි අදියර 2023 ජනවාරි 6 වැනිදා සිය පෙබරවාරි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් සහභාගී වන අතර තරගාවලිය පුරාවට ඇතුළත් සමස්ත තරග ගණන 46ක්. තරග සියල්ල ඩකා, චිතගොං සහ Sylhet හිදි පැවැත්වෙනු ඇත.

තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<