බංග්ලාදේශ වේගපන්දු යවන්නෙක් ටෙස්ට් පිටියෙන් සමුගනී

1578

බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක Rubel Hossain ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු සිය Facebook පිටුවේ සටහනක් තබමින් ඊයේ (19) සිය විශ්‍රාම ගැනීමේ ලිපිය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට ලබා දුන් බව නිවේදනය කර තිබුණු අතර ඔහු එහි දී වැඩිදුරටත් පවසා තිබුණේ නවකයින්ට අවස්ථාව ලබා දීමේ අරමුණෙන් තමන් මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම, තමන් ටෙස්ට් තරග 27ක දී බංග්ලාදේශය නියෝජනය කරන්නට වාසනාවන්ත වූ බවත්, ඔහුගේ ක්‍රිකට් දිවියේ මේ දක්වා ඔහුට සහයෝගය දැක්වූ සියලු දෙනාට ස්තුතියි වන බවත් ඔහු පවසා තිබුණා.

කෙසේ නමුත් ටෙස්ට් පිටියෙන් ඔහු සමුගත්තත් එක්දින සහ විස්සයි විස්ස ආකෘති ඔස්සේ තවදුරටත් බංග්ලාදේශය නියෝජනය කරන්නට තමන් අපේක්ෂාවෙන් පසුවන බව ද ඔහු සඳහන් කර තිබුණා.

“මම Dhaka Premier League (DPL), Bangladesh Premier League (BPL) තරගාවලි සඳහා තවදුරටත් ක්‍රීඩා කරාවි,” යැයි ඔහු සිය Facebook නිවේදනයේ සඳහන් කර තිබුණා.

Hossain සිය ටෙස්ට් දිවිය ආරම්භ කරන්නේ 2009 වසරේ දීයි. එතැනි පටන් වසර 13ක් පුරාවට ඔහු විසින් දායකත්වය ලබා දී ඇති ටෙස්ට් තරග ගණන 27ක්. එහි දී ඔහු විසින් කඩුලු 36ක් දවා ගැනීමට සමත් ව ඇති අතර ඔහුගේ හොඳම දක්ෂාතව ලෙස දැක්වෙන්නේ ලකුණු 166කට කඩුලු 5ක් දවා ගැනීමයි. මෙය ඔහුගේ එකම 5 අවස්ථාවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<