FairBreak Invitational 2022 විස්සයි විස්ස ලීග් තරගාවලියේ සහභාගී වූ අවසන් තරගයෙන් Barmy Army ක්‍රීඩිකාවන් ලකුණු 54කින් පරාජය කරමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට Warriors ක්‍රීඩිකාවන්ට හැකි වූ අතර එහි දී ශ්‍රී ලාංකික ක්‍රීඩිකා උදේශිකා ප්‍රබෝධනී කඩුලු දෙකක් දවාගෙන දස්මක් දැක්වූවා.
තරගාවලියේ අසාර්ථකම කණ්ඩායම වූ Warriors ක්‍රීඩිකාවන් සිය අවසන් තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 156ක් ලබා ගැනීමට සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා Mignon du Preez ලකුණු 75ක් සහ කොදෙව් ක්‍රීඩිකා Hayley Mathews ලකුණු 52ක් රැස් කළා.
එම ලකුණු සංඛ්‍යාව Laura Wolvaardt සහ Heather Knight වැනි ප්‍රබල ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත Barmy Army කණ්ඩායමට පහසු ඉලක්කයක් ලෙසයි දිස්වුණේ.
- පාකිස්තාන සංචාරයට ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි
- Shakib Al Hasanට කොරෝනා ආසාදනය වෙයි
- 2022 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගැන මහේලගෙන් ප්‍රකාශයක්
- කොදෙව්වන්ට නව නායකයෙක්
කෙසේ නමුත් සිය කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ඒමට සමත් වූ උදේශිකා සිය පළමු පන්දුවාරයේ දී ම Wolvaardt පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනේ Mignon du Preez ලබා ගත් දක්ෂ උඩපන්දුව නිසයි.
WHAT. A. CATCH.@MdpMinx22 😮#FBI22 @SDGimpactfund @gencorpacific @CricketHK #CricketTwitter pic.twitter.com/WY98wwODSi
— FairBreak (@fairbreakglobal) May 12, 2022
එම දැවී යාමෙන් පසුව Barmy Army ක්‍රීඩිකාවන්ට සාර්ථකව වීමට Warriors ක්‍රීඩිකාවන්ගෙන් ඉඩ නොලැබුණු අතර 14 වැනි පන්දුවාරයේ දී නැවතත් ක්‍රියාත්මක වූ උදේශිකා සිය දෙවැනි කඩුල්ල ලෙස පාකිස්තාන ක්‍රීඩිකා Fatima Sana දවා ගැනීමට සමත් වුනා.
උදේශිකා ඇතුළු පන්දු යවන්නන්ගේ දස්කම් නිසාවෙන් Barmy Army කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 102ක් පමණක් වන අතර Hayley Mathews කඩුලු දෙකක් දවා ගත්තා.
- Warriors – 156/6 (20) Mignon du Preez 75, Hayley Mathews 54, Deandra Dottin 1/11, Henrietta Ishimwe 1/18
- Barmy Army 102/8 (20) Fatima Sana 34, Rumana Ahmed 26*, Hayley Mathews 2/5, උදේශිකා ප්‍රබෝධනී 2/17
මෙම තරගාවලියේ පළමු වටයේ තරග මෙලෙස අවසන් වූ අතර අවසන් පූර්ව වටයේ තරගවල දී Falcons සහ Spirit පළමු තරගයේ දීත්, Barmy Army සහ Tornadoes දෙවැනි තරගයේ දීත් තරග වැදීමට නියමිතයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<