නිශාන්ත ජයසිංහ බැඩ්මින්ටන් මුල් පුටුවට

266

හිටපු බැඩ්මින්ටන් ක්‍රීඩක නිශාන්ත ජයසිංහ, බැඩ්මින්ටන් සංගමයේ මහා සභා රැස්වීම අතරතුර දී පැවැත්වුණු නිලවරණයෙන් ඡන්ද 33ක් ලබා ගනිමින් බැඩ්මින්ටන් සංගමයේ සභාපතිත්වයට තේරී පත්වී ඇත.

“විජයබාහු මොටෝක්‍රොස්” අප්‍රේල් දෙවන දා

මෙරට පැවැත්වෙන යතුරු පැදි ධාවන තරග අතුරින් වඩාත් අභියෝගාත්මක සහ ඉහළ මට්ටමේ තරගකාරීත්වයකින් යුත් තරගාවලියක් සේ සැලකෙන “විජයබාහු මොටෝක්‍රොස්” යතුරු පැදි ධාවන තරගය…

පසුගිය 25 වන දා මෙම නිලවරණය පැවති අතර එහි දී තරග වැදුණු මූලිකම දෙදෙනා වන්නේ ජයසිංහ සහ රොෂාන් ගුණවර්ධන යන අයයි. නිශාන්ත ජයසිංහ මහතාට ඡන්ද 33ක් ලබා ගන්නා විට ගුණවර්ධන මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 12ක් පමණි.

හිටපු සභාපති සුරාජ් දන්දෙණිය මහතා ඡන්දයට ඉදිරිපත් නොවූ අතර උප සභාපති ධුරය වෙනුවෙන් රොහාන් ද සිල්වා සහ මොහාන් විජේසිංහ යන දෙදෙනාම ඡන්ද 42 බැගින් ලබා සම තත්වයේ සිටි බැවින් උප සභාපති ධූර දෙකක් මෙවර පිරිනැමීමට තීරණය වී ඇත. ලේකම් ධූරයට නිතරගයෙන් තේරී පත්වූයේ ක්ලැරන්ස් හෝමර් මහතාය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් පරිශ්‍රයේ දී පැවති නිලවරණයට පළාත් සංගම්වල නියෝජිතයන්, ක්‍රීඩා සමාජ නියෝජිතයන් සහ පාසල් බැඩ්මින්ටන් සංගම් වල නියෝජිතයන් එක්ව සිටියේය.

මීළඟ පාලන කාලය සඳහා තේරී පත්වූ නිලධාරී මණ්ඩලය.

  • සභාපති – නිශාන්ත විජේසිංහ
  • ලේකම් – ක්ලැරන්ස් හෝමර
  • උප සභාපතිවරු – රොහාන් ද සිල්වා සහ මොහාන් විජේසිංහ

විධායක කමිටුව

  • චාමර පෙරේරා
  • චාමර අලුත්ගේ
  • හර්ෂ හිරිපිටිය
  • ජීවන් ප්‍රසාද්
  • දුමින්ද ජයකොඩි

උප ලේකම්වරු – ඩබ්ලිව්. කුමාර සහ තිලක් ජයසිරි

භාණ්ඩාගාරික – ජී. මංගල මහතා

උප භාණ්ඩාගාරික – කේ. කතිපේආරච්චි

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට