Flower ගෙන් හිස්වූ පුහුණුකරු පුටුව ධම්මිකට

ශ්‍රී ලංකා - ඉන්දීය සීමිත පන්දුවාර තරගාවලිය 2021

8724

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පිතිකරණ පුහුණුකරු වන ධම්මික සුදර්ශන මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පිතිකරණ පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා

අනුව මහතා එළඹෙන ඉන්දීය තරගාවලිය සඳහා මෙරට පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබනවා

මෙරට පිතිකරණ පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කළ Grant Flower මහතාට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව පසුගියදා තහවුරු වුනා. අනුව ඔහු ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.  

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

එහිදී පුරප්පාඩු වූ පිතිකරණ පුහුණුකරු තනතුර සඳහා මෙලෙස ධම්මික සුදර්ශණ මහතා පත්කර තිබෙනවා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් වෙනවා.  

මෙම තරගාවලිය එළඹෙන 18 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<