නොසිතූ ප්‍රතිඵල කිහිපයක් ගෙන දෙමින් අවසන් වූ මුල් දිනයෙන් පසු 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනයේ තරග අද (27) උදෑසන කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.
දිනයේ ආරම්භක තරග ඉසව්ව වූ පිරිමි 3000m බාධක දිවීමේ තරගයෙහි නොසිතූ ප්‍රතිඵලයක් ගෙන දෙමින් එම ඉසව්වේ ජාතික ශූර ආර්. එම්. එස්. පුෂ්පකුමාර (මිනිත්තු 9:08.49) පරාජය කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට යූ. බී. හේරත් (මිනිත්තු 9:00.22) සමත් වූ අතර එම ඉසව්වේ තෙවැනි ස්ථානය එන්. අල්විස් (මිනිත්තු 9:19.59) විසින් දිනා ගන්නා ලදි.
පසුව පැවති කාන්තා 5000m ඉසව්ව මුල්ම වරට නියෝජනය කළ මීටර් 10,000 ඉසව්වේ දකුණු ආසියානු පදක්කම්ලාභී නිලන්ති ලංකා එම තරගය මිනිත්තු 17:13.24ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර දෙවන සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් එම්. මලින්ද (මිනිත්තු 17:39.12) සහ එන්. බණ්ඩාර (මිනිත්තු 18:24.08) විසින් දිනා ගැනීමට සමත් විය.
දිනයේ පැවති වැඩිම අවධානයක් දිනා ගත් ඉසව්ව වූ කාන්තා මීටර් 800 ඉසව්ව ආරම්භයේ සිටම ගයන්තිකා අබේරත්න, දිල්ෂි කුමාරසිංහ සහ නිමාලි රත්නායක අතර ඉතා තියුණු සටනක් නිර්මාණය වී තිබූ නමුත් තරග අවසානයේ දී සිය සුපුරුදු සටන්කාමීත්වය පෙන්නුම් කෙරූ දිල්ෂි තරගය මිනිත්තු 2:02.80ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
එම තරගය මිනිත්තු 2:03.20ක කාලයකින් අවසන් කෙරූ නිමාලි ලියනආරච්චි රිදී පදක්කමත්, මිනිත්තු 2:03.53ක කාලයකින් අවසන් කෙරූ ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් විය.

ඒ අවසරයෙන් පෙරමුණගත් රුසිරු චතුරංග තරගය මිනිත්තු 1:49.82ක කාලයකින් අවසන් කරමින් නැවත වරක් ජාතික කිරුළ රැකගැනීමට සමත් වූ අතර දෙවන හා තෙවැනි ස්ථාන ඩී. කුමාර (මිනිත්තු 1:53.34) සහ ඩී. මධුරංග (මිනිත්තු 1:53.58) විසින් දිනා ගැනීමට සමත් විය.
තරගාවලියේ බිඳ හෙළු මුල්ම ජාතික වාර්තාව බිඳ හෙළමින් කාන්තා රිටි පැනීමේ ඉසව්ව නියෝජනය කළ සචිනි පෙරේරා මීටර් 3.56 දස්කමක් දක්වමින් එම ඉසව්වේ ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් වූ අතර එම ඉසව්වේ මීටර් 3.10ක දස්කමක් දැක්වූ සී. කොඩිතුවක්කු රිදී පදක්කමත්, මීටර් 3.00 දස්කමක් දැක්වූ එස්. ඩී. රණසිංහ ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් විය.

- සාරංගි වාර්තාවක් බිඳ දමද්දී 200M කිරුළ කාලිංගට
- මලල ක්‍රීඩා පිටියේ ශූරයන් තේරීමේ සටනට සියල්ල සූදානම්
- පැරා ඔලිම්පික් උළෙලට මෙරටින් 6ක්
පිටියේ ඉසව් අතරවාරයේ ක්‍රියාත්මක වූ කාන්තා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ මීටර් 38.69ක දස්කමක් දැක්වූ පී. පෙරේරා රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර රිදී සහ ලෝකඩ පදක්කම් පිළිවෙළින් සොනාලි වීරසිංහ (මීටර් 38.28) සහ එම්. දිල්රුක්ෂි (මීටර් 37.41) විසින් දිනා ගන්නා ලදි.
පිරිමි කවපෙතත විසිකිරීමේ ඉසව්වෙහි මීටර් 44.78ක දස්කමක් දැක්වූ එම්. ආසික් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එම් ඉසව්වේ මීටර් 43.59ක දස්කමක් දැක්වූ පී. සෙපරමාදු රිදී පදක්කම සහ මීටර් 43.47ක දස්කමක් දැක්වූ ඒ. රත්නායක ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
අද දින පැවති කාන්තා උස පැනීමේ තරගයෙහි මීටර් 1.60ක දස්කමක් පෙන්නුම් කළ එම්. මධුෂානි එම ඉසව්වේ ජාතික කිරුළ දිනා ගැනීමට සමත් විය. එම ඉසව්වේ දෙවන සහ තෙවැනි ස්ථාන එස්. එම්. සූරියම්පොළ (මීටර් 1.55) සහ රන්දි කුරේ (මීටර් 1.55) විසින් දිනා ගන්නා ලදි.
දිනයේ අවසාන භාගයේ දී තරගාවලියේ වේගවත්ම ඉසව් ද්විත්වයක් වූ කාන්තා 100m සහ පිරිමි 110m කඩුලු පැනීමේ ඉසව්වන් ක්‍රියාත්මක වූ අතර ඉතාමත් තියුණු සටනකින් පසු කාන්තා 100m කඩුලු පැනීමේ ඉසව්වේ දකුණු ආසියානු ශූරිය වූ ලක්ෂිකා සුගන්ධි (තත්පර 13.89) පරාජය කරමින් රන් පදක්කම දිනා ගැනීමට ඉරේෂානි රාජසිංහ (තත්පර 13:85) සමත් විය.
එමෙන්ම එම ඉසව්ව තත්පර 14.60 කාලයකින් නිම කරමින් තෙවැනි ස්ථානය දිනා ගැනීමට 18 හැවිරිදි යොවුන් ක්‍රීඩිකා සෙනුරි අනුත්තරා සමත් වූ අතර ඇය එම තරගය නිමා කිරීමට ගත් කාලය ජාතික කනිෂ්ඨ තරග වාර්තාවක් ලෙස ද සටහන් විය.

තරගාවලියේ තෙවැනි දිනයේ තරග හෙට (28) උදෑසන කොළඹ සුගතදාස එළිමහන් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ දෙවන දිනයේ සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟම.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<





















