RCB නායකයාට බිරිඳගෙන් හාදු වැස්සක්

183
Anushka Sharma’s amazing reaction

2020 IPL තරග වාරයේ පළමු තරග කිහිපය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉතාමත් සාර්ථක අයුරින් නිමාවට පත්කළේ කැපී පෙනෙන ජයග්‍රහණ කිහිපයකටම උරුමකම් කියමිනි. කෙසේ නමුත් නායක විරාත් කෝලිගේ පිත්ත අපේක්ෂා කළ අයුරින් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් බොහෝ දෙනා පසුවූයේ දැඩි විමතියෙනි. 

ඒ අනුව එල්ල වූ ඇතැම් විවේචනාත්මක ප්‍රතිචාරයන්ට කල්යල් බලා නිසි පිළිතුරු ලබා දුන් කෝලි ඊයේ (10) දිනයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී නොදැවී ලකුණු 90ක සුවිශේෂී ඉනිමක් දියත් කළේ බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිසල් කාර්‍යභාර්‍යක් ඉෂ්ට සිද්ධ කරමිනි.

කෝලි පන්දුවට පහර දෙන අයුරු දැකබලා ගැනීම සඳහා ඔහුගේ ආදරණීය බිරිඳ, සුප්‍රසිද්ධ බොලිවුඩ් නිළි අනුශිකා ශර්මා ද ඊයේ ක්‍රීඩා පිටියට පැමිණ සිටි අතර ඊට උපරිම වටිනාකමක් ලබා දුන් නායක විරාත් කෝලි දක්ෂ ලෙස තම පිත්ත හසුරවමින් අර්ධ ශතක සීමාව පසුකොට ගමන් කළේ තම බිරිඳගේ නොමඳ දිරිගැන්වීම මධ්‍යයේ වීම විශේෂත්වයකි.

තවත් ක්‍රිකට් පුවත්:

අත්පොලසන් නඳ දෙමින් තම සැමියාගේ හැකියා දක්ෂතා ඉතාමත් ඉහළින් අගය කළ අනුෂ්කා, කෝලි ලකුණු 50 සීමාව වෙත ළඟා වනවාත් සමඟම අමන්දානන්දයට පත්ව ගුවන් හාදුවකින් (Air Kiss එකකින්) ඔහු වෙත තම සතුට ප්‍රකාශ කරන අයුරු කැමරා කාචයන් කිහිපයකගේම සටහන්ව තිබුණි. 

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එම සිදුවීමට අදාල රූප රාමු විදුලි වේගයෙන් ප්‍රචාරය වන්නට වූ අතර කෝලි ද ලකුණු 50 කඩඉඩම ඉක්මවා යාම සැමරීමට තෝරාගත්තේ තම බිරිඳ රැඳී සිටි ක්‍රීඩාගාරය දෙසට පිත්ත ඔසවා ආචාර කරමිනි.

තරග වාරය ආරම්භයේ සිට මේ දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි රැඳී සිටින අනුශිකා පළමු වරට බැංගලෝර් කණ්ඩායම තරඟ වඳින අයුරු සජීවීව දැකබලා ගැනීම සඳහා ක්‍රීඩා පිටියට පැමිණ තිබුණේ ඊයේ දිනයේ දී වීම විශේෂත්වයකි.

ආරම්භක පිතිකරු ආරෝන් ෆින්ච්ගේ කඩුල්ල දැවී යාමත් සමඟම පිටිය තම අණසකට නතුකොට ගත් විරාත් කෝලි දෙව්දුත් පදිකාල් සහ ශිවාම් ඩුබේ පිතිකරුවන් දෙදෙනා සමඟ එක්ව අර්ධ ශතක සබඳතාවන් ද්විත්වයක් ගොඩනැඟීමට මූලිකත්වය ගත්තේ අභියෝගාත්මක ඉලක්කයක් ලකුණු පුවරුවට එක් කිරීමට පුරෝගාමි මෙහෙවරක් ඉටු කරමිනි. 

තම ශාරීරික යෝග්‍යතා මට්ටම සම්බන්ධයෙන් පැහැදිලි පණිවිඩයක් ලබා දෙමින් අසීරු මැද පෙරදිග කාලගුණික තත්ව යටතේ වේගයෙන් පැති හුවමාරු කර ගත් කෝලි හයේ සහ හතරේ පහරවලට අමතරව ලකුණු දෙකේ අවස්ථා හතරක් ද තම ගිණුමට හර කරගැනීමට සමත්කම් දැක්විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<