මතිවානන් හැර ගිය පුටුව වෙනත් අයෙක්ට

255

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති ධුරයේ මෙතෙක් කටයුතු කළ කේ. මතිවානන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම තනතුර සඳහා ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පත් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව එම තීරණය ඒකමතිකව සම්මත කරගෙන ඇත.

උමාර් අක්මාල්ගේ දඬුවම ලිහිල් කරයි

කේ මතිවානන් මහතා සිය හදිසි ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඊයේ (29) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවය. 

එසේම ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ප‍්‍රධාන උපසභාපතිවරුන් දෙදෙනාගේ මූලික වගකීම් අතර ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් යන දෙඅංශයම මෙහෙයවීමේ සම්ප්‍රදායක් පැවතිය ද, වර්තමානයේ කිසිදු වගකිවයුතු කටයුත්තක් වෙනුවෙන් තමන්ගේ සේවය ලබා නොගැනීම තුළින් වත්මන් පරිපාලනය තමන් හුදකලා කර ඇතැයි මතිවානන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ නිවේදනයේ සඳහන් කර සිටී.

එමෙන්ම විධායක කමිටුව තුළ මෙන්ම කළමනාකරණ කමිටු තුළ ද විවාදයට තුඩු දෙන ඇතැම් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් තමා නගන විරෝධයන් හා අදහස් දැක්වීම් වත්මන් පරිපාලනය දැඩි සේ නොසලකා හරින බවත් ඒ මහතා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටී. ඒ අනුව මෙම ක්‍රියාවලිය තුළින් අනාගතයේ දී තමා ක්‍රීඩාවෙන් උපයා ගත් කීර්තිනාමයට හානිකර ගැනීමට තමන් සූදානම් නොමැති බවත්, මේ හේතුවෙන් අදාළ තීරණය ගත් බවත් මතිවානන් මහතාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

නමුත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මතිවානන් මහතාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඒකමතික තීරණයක් ගෙන තිබූ පසුබිමක ඔහු තම තනතුරෙන් ඉල්ලා අස්‌වී ඇති බවයි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<