අවිශ්ක පෙරේරා පිට පිට දහස අභිබවූ පළමු නාලන්ද ක්‍රීඩකයා වෙයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

173

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සුහද කාණ්ඩයේ තරග කිහිපයක් අද (20) දින පැවැත්විනි. නිමාවූ තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වුවත් අවිශ්ක පෙරේරා ශතකයක් වාර්තා කර ගනිමින් මෙවර තරගවාරය තුළ සිය ලකුණු 1000 සම්පූර්ණ කරන ලදි. 

ධර්මරාජ විද්‍යාලය හමුවේ ආනන්දය පසු බසියි

2019/20 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ …

මෙවර පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය තුළ ලකුණු 1000ක් රැස්කර ගත් දෙවන ක්‍රීඩකයා වන්නේ අවිශ්ක පෙරේරා වන අතර පසුගිය වසරේ දීද ලකුණු 1000 සීමාව අභිබවා ගිය ඔහු නොකඩවා තරගාවලි දෙකකදී ලකුණු 1000 සීමාව පසුකළ පළමු නාලන්ද ක්‍රීඩකයා බවට පත්විය. 

දෙවන දිනයට පැවති තරග 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ද මැසනොඩ් විද්‍යාලය 

ශතකයක් සහ අර්ධ ශතක 6ක් වාර්තා වූ මෙම තරගය කඳාන ද මැසනොඩ් පිටියේ දී නිමාවූ අතර කාසියේ වාසිය දිනා ගත් ද මැසනොඩ් විද්‍යාලය වෙනුවෙන් සහන් කෝසල මෙම තරගයේ වාර්තා වූ එකම ශතකයේ හිමිකරු විය. ඊට අමතරව සෙනාෂ් ප්‍රනාන්දු, නිම්න ප්‍රනාන්දු, සහ සාලිය ජූඩ් අර්ධ ශතක වාර්තා කර ගනිමින් දස්කම් දැක්වීම නිසා ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 429ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ දී කලන සංදීප ලකුණු 80කට කඩුලු 5ක් දවාලන ලදි. 

ඊට පිළිතුරු දීම වෙනුවෙන් පිටියට පැමිණි සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩකයින් තරගයේ දෙවන සහ අවසන් දිනය නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 370ක් වාර්තා කරගෙන තරගය ජය පරාජයෙන් තොරව නිමා කිරීමට සමත් විය. සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් නිෂිත අභිලාෂ් සහ සුකිත ප්‍රසන්න ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා අතරට යන විට, ඉඳුවර ද අල්විස් නොදැවී ලකුණු 51*ක් රැස්කර ගත්තේය. සිතුම් ප්‍රනාන්දු ලකුණු 74කට කඩුලු 3ක් දවාලමින් සාන්ත සෙබස්තියන් ඉනිම යම් මට්ටමකට හෝ පාලනය කළේය. 

ද මැසනොඩ් විද්‍යාලය : 429 (95.4) සහන් කෝසල 106, සාලිය ජූඩ් 97, සෙනාෂ් ප්‍රනාන්දු 74, නිම්න ප්‍රනාන්දු 54, රුවින් ෆොන්සේකා 37, කලන සංදීප 5/80, සසික පෙරේරා 2/50. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය : 370/6 (95) නිෂිත අභිලාෂ් 91, සුකිත ප්‍රසන්න 89, ඉඳුවර ද අල්විස් 51*, යෂාන් අවිශ්ක 33, ජනිෂ්ක පෙරේරා 33, දුනිත් ජයතුංග 25, සිතුම් ප්‍රනාන්දු 3/74. 

ඉසිපතන විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය 

මත්තේගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් ඉසිපතන විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි. සවීන් දන්ත රැස්කර ගත් ලකුණු සවියක් කර ගනිමින් ඉසිපතන විද්‍යාලය දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කර ගන්නා විට, නායක ලෙශාන් අමරසිංහ ලකුණු 57ක් රැස්කර ගත්තේය. තිවංක ලක්රුවන් නොදැවී ලකුණු 50ක් රැස්කර ගන්නා ලදි. 

ඉසිපතන විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 304ක් රැස්කර ගනිමින් සිය පළමු ඉනිම අත්හිටවූ අතර එයට පිළිතුරු දුන් කිංග්ස්වුඩ් විද්‍යාලයට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 108ක් පමණි. ලකුණු 196ක පළමු ඉනිමේ වාසියක් තිබූ නමුත් ඉසිපතන විද්‍යාලය නැවතත් සිය දෙවන ඉනිම දියත් කිරීම සඳහා පිටියට පැමිණියේය. එහිදී ද ලෙශාන් අමරසිංහ ලකුණු 64ක් රැස්කර ගන්නා විට, පන්දු යැවීමෙන් ද දස්කම් දැක්වූ සවිඳු උත්සර නොදැවී ලකුණු 50*ක් රැස්කර ගන්නා ලදි. 

Photos : 57th Battle of the Brothers – Press Conference

ThePapare.com | Hiran Chandika | 20/02/2020 Editing and re-using images without …

සිය දෙවන ඉනිම දියත් කළ කිංග්ස්වුඩ් විද්‍යාලය තරගය නිමා වන විට කඩුලු 5ක් දැවී ලකුණු 108ක් රැස්කර ගෙන සිටි අතර ඔවුන් හඹා යමින් සිටියේ ලකුණු 359ක දැවැන්ත ඉලක්කයකි. මෙම තරගය පුරාවට පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ සවිඳු උත්සර කඩුලු 8ක් දවා ගත්තේය. 

ඉසිපතන විද්‍යාලය : 304/7d (73) සවීන් දන්ත 75, ලෙශාන් අමරසිංහ 57, තිවංක ලක්රුවන් 50*, නවෝද්‍ය වීරසේකර 4/120. සහ 162/5d (30.3) ලෙශාන් අමරසිංහ 64, සවිඳු උත්සර 50*. 

කිංග්ස්වුඩ් විද්‍යාලය : 108 (41.5) අනුල් සෙනෙවිරත්න 21, සවිඳු උත්සර 4/25, යසිරු කස්තුරිආරච්චි 2/29. සහ 108/5 (42) දුමිඳු දමිෂ්ක 42*, විනුක පුස්වපිටිය 27,  සවිඳු උත්සර 4/45. 

පළමු දිනයට පැවති තරග 

මහින්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය 

ස්ථානය – මහින්ද විද්‍යාල ක්‍රිකට් පිටිය

කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය

මහින්ද විද්‍යාලය : 152 (52.4) සඳෙව් ඉඳුවර 46, කවිඳු ලක්ෂාන් 26, මහීම වීරකෝන් 7/33. 

නාලන්දා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 177/8 (43.2) අවිශ්ක පෙරේරා 112*, නවෝද් පරණවිතාන 4/44, කුෂාන් මදූෂ 4/56. 

Photos: 141st Battle of the Blues – Press Conference

ThePapare.com | Viraj Kothalawala | 20/02/2020 Editing and re-using images without …

සාන්ත ආනා විද්‍යාලය සහ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය 

ස්ථානය – සාන්ත ආනා විද්‍යාල ක්‍රිකට් පිටිය

කාසියේ වාසිය – සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය 

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය : 142 (55.5) අභිෂේක් කුමාර් 41, සත්සර ගමගේ 29, මනාන් මුසම්මිල් 3/41, පසිඳු තෙන්නකෝන් 3/52, කළිඳු විජේසිංහ 2/21. 

සාන්ත ආනා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 94/3 (38) ලසිත් වර්ණකුලසූරිය 59*, මුයිස් රෆීල් 26. 

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග හෙට (21) දින දෙවන දිනයටත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<