ධර්මරාජ විද්‍යාලය හමුවේ ආනන්දය පසු බසියි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

275
Schools Cricket

2019/20 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට අවසන් වී තිබේ. කෙසේ නමුත් අද (16) දිනයේ දී සුහද තරග කිහිපයක් පැවැත්වුනි. ඒ අතරින් නිමාව දුටු තරගයේ වැඩි වාසිය දිනා ගත්තේ ධර්මරාජ විද්‍යාලය යි.

පුහුණු තරගයේ දී ශ්‍රී ලංකාවට අසාර්ථක ආරම්භයක්

2020 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග පසුගිය දා ආරම්භ විය. එහි දී ශ්‍රී ලංකා

දෙවන දිනයට පැවති තරගය

ධර්මරාජ විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය (සුහද තරගය)

ස්ථානය – ධර්මරාජ විද්‍යාල ක්‍රිකට් පිටිය

කාසියේ වාසිය – ධර්මරාජ විද්‍යාලය 

මෙම තරගයේ දී චේතිය ඒකනායක ඉනිම දෙක පුරාවට කැපී පෙනෙන පිතිකරණයක නිරත විය. ධර්මරාජ විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 271ක් රැස්කර ගෙන ඉනිම අත්හිටවූ අතර ඒකනායක රැස්කර ගත් ලකුණු 69ට අමතරව ජනිත් ගුණතුංග සහ විරාජිත් ඇහැලේපොල ලකුණු අතරට පිවිසියේය. 

අනතුරුව සිය පළමු ඉනිම දියත් කළ ආනන්ද විද්‍යාලය පන්දුවාර 50කුත් පන්දු 2ක් පුරාවට ක්‍රීඩා කරමින් සියල්ලන්ම දැවී ලකුණු 200ක් රැස්කර ගන්නා ලදි. දකුණතින් පිතිකරණයේ නිරත වන අනුද ජයවීර ලකුණු 37ක් වාර්තා කර ගනිමින් එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. 

ලකුණු 71ක පළමු ඉනිමේ වාසියක් අතැතිව සිය දෙවන ඉනිම දියත් කළ ධර්මරාජ විද්‍යාලය තරගයේ නියමිත කාලය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 176ක් රැස්කර ගෙන සිටින ලදි. ධර්මරාජ පළමු ඉනිමේ දී දස්කම් දැක්වූ පිතිකරුවන් මෙම ඉනිමේ දීද ලකුණු අතරට පැමිණීම කැපී පෙනුනි. පන්දු යැවීමේ දී ලුක්ශාන් ප්‍රනාන්දු තරගය පුරාවට කඩුලු 5ක් දවා ගත් අතර තරගයේ වැඩිම අවධානය දිනා ගත් පන්දු යවන්නා වූ වමතින් පා දඟපන්දු යවන ක්‍රීඩක උපේන්ද්‍ර වර්ණකුලසූරිය ආනන්ද පළමු ඉනිමේ කඩුලු 7ක් ලකුණු 57ක් තුළ දවා ගත්තේය. 

ධර්මරාජ විද්‍යාලය : 271/9d (94.1) චේතිය ඒකනායක 69, ජනිත් ගුණතුංග 48, විරාජිත් ඇහැලේපොල 42, යසිත සමරරත්න 26, ලුක්ශාන් ප්‍රනාන්දු 3/46, අදීශ පෙරේරා 3/69, සවිරු බණ්ඩාර 2/59. සහ 176/6 (39) චේතිය ඒකනායක 44*, ජනිත් ගුණතුංග 38, දුලාජ් බණ්ඩාර 35, ජනිඳු වත්සල 2/34, ලුක්ශාන් ප්‍රනාන්දු 2/64. 

ආනන්ද විද්‍යාලය : 200 (50.2) අනුද ජයවීර 37, දමිත් ජයසිංහ 30, දසුන් සෙනෙවිරත්න 28, සවිරු බණ්ඩාර 25, නිසල් ධර්මරත්න 24, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 7/57, සහන් සිරිවර්ධන 2/48. 

19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පාසල් 16 තීන්දුයි

2019/20 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය මේ වන


පළමු දිනයට පැවති තරග

මොරටු මහා විද්‍යාලය සහ සහිරා විද්‍යාලය (සුහද තරගය)

ස්ථානය – මොරටු මහා විද්‍යාල ක්‍රිකට් පිටිය

කාසියේ වාසිය – සහිරා විද්‍යාලය 

සහිරා විද්‍යාලය : 234 (47.4) මොහොමඩ් ශමාස් 79, රිස්වාන් රාහීඩ් 42, මොහොමඩ් මහධි 33, ඉමිතියාස් ස්ලාසා 24, එරන් හංසමාල් 4/53, රශාන් කවිෂ්ක 2/41, විශ්ව දිදුලන 2/52. සහ (පළමු දිනය අවසානයේ) 2/0 (1)  

මොරටු මහා විද්‍යාලය : 150 (34.4) එරන් හංසමාල් 39, නිපුන් කෞශල්‍ය 32, මදුර ගිම්හාන 25, මොහොමඩ් ශමාස් 3/29, ඉමිතියාස් ස්ලාසා 3/48, රිස්වාන් රාහීඩ් 2/15. 


ඉසිපතන විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය (සුහද තරගය)

ස්ථානය – වේල්ස් කුමර විද්‍යාල ක්‍රිකට් පිටිය

කාසියේ වාසිය – වේල්ස් කුමර විද්‍යාලය 

ඉසිපතන විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 228/6 (102) සවීන් දන්ත 59, ලිසුර වීනාත් 55*, ලෙශාන් අමරසිංහ 40, රවිඳු රත්නායක 26, රවිඳු ජනිත් 3/64. 

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග හෙට (17) දින දෙවන දිනයටත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<