සිම්බාබ්වේ කණ්ඩායමේ සහ ඔවුන්ගේ දේශයේ ක්‍රිකට් ඉඩෝරය නිමා කරමින් ආරම්භ වන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (19) දිනයේ දී හරාරේ හිදී පැවැත්වේ. මේ ඒ තරගය ගැන ThePapare.com විසින් ගෙන එන පෙර විමසුමයි.
ධවාන් සහ රාහුල් කැන්ගරුවන්ගෙන් පළි ගනිති
මීට දින කිහිපයකට පෙර තම මව්බිමේදීම තමන්ව දැවැන්ත අවමානයකට ලක් කිරීමේ වාඩුව ගැනීමට අද (17)
මුහුණට මුහුණ
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් තරග 18 ක් පවත්වා ඇති අතර එයින් තරග 13 ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වන විට ශ්‍රී ලංකාවට එරෙහිව එකඳු ටෙස්ට් තරගයක් හෝ ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වී නොමැත. තවත් තරග 5 ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.
දෙපිලේම සුපිරි ප්‍රහාරාත්මක තරු
දිමුත් කරුණාරත්න

ශෝන් විලියම්ස්
සිම්බාබ්වේ කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුල සහ පරිණත ක්‍රීඩකයෙකු ලෙසින් මැදපෙළ සවිමත් කරවන විලියම්ස්, ජාත්‍යන්තර ටෙස්ට් තරග 10 කට ක්‍රීඩා කර ඇත. එහිදී ලකුණු 27.65 ක් වැනි ඉහළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ක්‍රීඩා කරන විලියම්ස් ලකුණු 553 ක් රැස්කර ගෙන ඇත. ඒ ලකුණු අතරට අර්ධ ශතක 2 ක් සහ එක් ශතකයක් ඇතුළත් වේ.
ඇන්ජලෝ මැතිව්ස්
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩයාමේ හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් දකුණතින් පිත්ත හසුරුවන ශ්‍රී ලංකා මැදපෙළ සිටින දක්ෂ පිතිකරුවෙකි. මෙම පිතිකරුවා ද සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ඉනිම 2 ක් සඳහා සිය දායකත්වය දක්වමින් පිත්තෙන් ලකුණු 66 ක් රැස්කර ගෙන ඇත. සිම්බාබ්වේ සමඟ එතරම් ටෙස්ට් තරග ක්‍රීඩා කර නොමැති වුවත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ටෙස්ට් තරග 84 ක්‍රීඩා කර තිබෙන මැතිව්ස් එහිදී ලකුණු 5704 ක් රැස්කර ගෙන තිබෙන්නේ 43.87ක දළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
ක්‍රෙයිග් ඒර්වින්

ප්‍රබල පන්දු යවන්නන්
ලහිරු කුමාර

කයිල් ජාර්වීස්

එක් ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව ලෙස ලකුණු 54 කට කඩුලු 5 ක් දවා ගැනීම සනිටුහන් කර ගෙන තිබෙන කයිල් ජාර්වීස්, ශ්‍රී ලංකාවට එරෙහිව එකඳු ටෙස්ට් තරගයක් හෝ ක්‍රීඩා කර නොමැති නමුත් ජාත්‍යන්තර පිටියේ සැලකිය යුතු මට්ටමක අත්දැකීම් තිබේ.
දිල්රුවන් පෙරේරා

පෙරේරා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඉනිම 6 ක් සඳහා ක්‍රීඩා කරමින් ලකුණු 374 ක් තුළ කඩුලු 12 ක් දවා ගැනීමට සමත්ව ඇත. ඔහු එක් පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු 3.29 ක ලකුණු ප්‍රමාණයක් ලබා දෙමින් හොඳ මට්ටමක පසුවෙමින් පන්දු යවනු ලබයි. ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය දළ වශයෙන් ලකුණු 31 කට ආසන්නය.
ඩොනල්ඩ් ටිරිපානෝ

බංග්ලාදේශ ප්‍රබලයෙක් පාකිස්තානයට යන්න බැහැ කියයි
බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන පාකිස්තානු සංචාරය සඳහා ඔවුන්ගේ
හරාරේ තණතීරුව සහ කාලගුණය

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පිතිකරණයේ නිරත වීම වඩාත් සුදුසු වෙයි.
කාලගුණික තත්ත්වය පිරික්සා බැලූ විට හොඳින් සූර්යාලෝකය පතිත වන මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට උචිත කාලගුණික තත්ත්වයක් ඇති නමුත් උදෑසන කාලයේ තරමක් වලාකුළින් බර වූ අහසක් දිස්වනු ඇත. පැයට කිලෝමීටර් 11-22 ක් දක්වා සුළඟේ වේගයේ විචලනයක් ඇති විය හැකි අතර 24°C – 34°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.
වර්තමාන තත්ත්වය
ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර ශ්‍රී ලංකාව දැනට (ජනවාරි 18) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානයේ පසුවෙයි. ඔවුන් ලකුණු 3935 ක් ලබා ගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 92 ක් සමඟයි. ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල 11 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 140 ක් සහ ප්‍රසාද ලකුණු 16 ක් ලබා ගෙනයි.
අවසන් නිගමනය
ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග ඉතිහාසය පිරික්සා බලන විට පෙරමුණේ පසු වුවද එම තරගය තුළ අඩුපාඩු සහ දුර්වලතා අවම ලෙස පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු බොහෝ සෙයින්ම අවිනිශ්චිතතාවය මත රැඳුණු ක්‍රීඩාවක් වන නිසාවෙනි. නමුත් තරගය ජයග්‍රහණය කිරීමේ වැඩි වාසියක් ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.
සංචිතයන්:
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත.
සිම්බාබ්වේ – ශෝන් විලියම්ස් (නායක), ශිකන්ඩර් රාසා, රේගීස් චකබ්වා, ක්‍රෙයිග් ඒර්වින්, කයිල් ජාර්වීස්, කෙවින් කවුසා, ටයිමයින් සිම්රිමා, ප්‍රින්ස් මස්වාවුරේ, බ්‍රයන් මුඩ්සිගම්යානා, කාල් මුම්බා, එනසිලි එන්ඩ්ල්වූ, වික්ටර් ඉනියවුචි, බ්‍රෙන්ඩන් ටේලර්, ඩොනල්ඩ් ටිරිපානෝ, කාල්ටන් ටිශුමා.
පළමු තරගයට අපේක්ෂිත සංචිතය:
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ලහිරු කුමාර.
සිම්බාබ්වේ – ප්‍රින්ස් මස්වාවුරේ, බ්‍රයන් මුඩ්සිගම්යානා, බ්‍රෙන්ඩන් ටේලර්,ශෝන් විලියම්ස් (නායක), ක්‍රෙයිග් ඒර්වින්, ශිකන්ඩර් රාසා, රේගීස් චකබ්වා, ඩොනල්ඩ් ටිරිපානෝ, කයිල් ජාර්වීස්, එනසිලි එන්ඩ්ල්වූ, වික්ටර් ඉනියවුචි.
ඩර්බන් වීරයාට වැට බැඳි අරුම පුදුම තේරීම
දක්ෂයාට නිසි තැන ලබා දෙමින්, ඔවුන් සතු හැකියාවන් තවදුරටත් ඔප්නංවාලීමට අවශ්‍ය අතහිත නොමදව
තරග කාලසටහන
පළමු ටෙස්ට් තරගය – ජනවාරි 19 – 23 හරාරේ හිදී
දෙවන ටෙස්ට් තරගය – ජනවාරි 27 – 31 හරාරේ හිදී
තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
























