රග්බි බලන්න ජපන් යනවා නම් පොඩ්ඩක් පරිස්සමින්!

464

2019 රග්බි ලෝක කුසලානය තවත් නොබෝ දිනකින් ජපානයේ දී ආරම්භ වීමට නියමිතයි.  ලොව පුරා ක්‍රියාත්මක වන ස්වේච්ඡා සංවිධානයක් විසින් ලෝක කුසලානයට සහභාගී වන ප්‍රේක්ෂකයින්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත්තේ අංශභාග, මීමැස්මොර හා මරණය ඇති විය හැකි භයානක ජපන් එන්සෙපලයිටිස් (Japanese encephalitis) රෝගයෙන් ප්‍රවේසම් වන ලෙසයි. 

සතෙකුගේ මුත්‍රාශයකින් හැදු රග්බි පන්දුව ආපු දුරක්

රග්බි ලෝක කුසලානය මෙන්ම රග්බි ක්‍රීඩාව ගැන……

The Encephalitis Society නම් ස්වේච්ඡා සංවිධානය මේ නිවේදනය නිකුත් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ ජපානයේ ග්‍රාමීය ප්‍රදේශවල සංචාරයේ යෙදෙන්නට ඔබ අපේක්ෂා කරන්නේ නම් ජපානයට පැමිණීමට පෙර encephalitis රෝගයට ප්‍රතිරෝධය ලබා දෙන එන්නතක් ලබා ගන්නා ලෙසයි. වසරකට ලොව පුරා 68,000කට වැඩි රෝගීන් පිරිසක් මේ රෝගය වැළඳී වාර්තා වන අතර ඔවුන් පවසන්නේ ඉන් 1/3කට මෙම රෝගය මාරාන්තික වන බවයි. 

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 2019 රග්බි ලෝක කුසලාන තරගාවලිය සඳහා විදෙස් ප්‍රේක්ෂකයින් ලක්ෂ හයක් පමණ ජපානයට පැමිණෙනු ඇතයි අපේක්ෂා කෙරේ. තරගාවලි ආරම්භයට තවත් මාසයක් පමණක් තිබිය දී තරග සංවිධායකයින්ගේ හා ස්වේච්ඡා සංවිධානවල අභිප්‍රාය මදුරු දෂ්ඨයෙන් ඇතිවන මොළයේ ආසාදනයක් වන මම රෝගී තත්වය පිළිබඳ රග්බි ප්‍රේක්ෂකයින් හැකිතාක් දැනුවත් කිරීමයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම රෝගය නිසා වසරකට මිනිසුන් 13,600 සිට 20,400 දක්වා ගණනක් මෙම රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වෙනවා. මෙම රෝගයෙන් දිවි ගලවා ගන්නා පුද්ගලයින්ට අංශභාග තත්වයන් හා මීමැස්මොර තත්වයන් ඇතුළු අතුරු ආබාධ රාශියක් ඇතිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දෙනවා. 

The Encephalitis Society සංවිධානය පවසන්නේ නැගෙනහිර ආසියාවට පැමිණෙන සියලු දෙනා මෙම රෝගී තත්වයට වළක්වා ගැනීම සඳහා මූලික පියවර රැගෙන පැමිණෙන ලෙසයි.

තරග තීරකට විශේෂ මතක ඉතිරි කළ 2015 රග්බි ලෝක කුසලානය

2015 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය විනිශ්චය……

මෙම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය ඊවා ඊස්ටන් SkyNews වෙත මෙසේ අදහස් පළ කර තිබුණා. ”රග්බි ලෝක කුසලානය වගේම සංචාරයේ යෙදෙන කොට ශරීර සෞඛ්‍යත් ඉතා වැදගත්. අපි මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ ජපානයට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට මෙරටට පැමිණීමට පෙර නිසි සෞඛ්‍ය උපදෙස් ලබා ගෙන නිසි ලෙස සූදානම් වී පැමිණෙන්න උනන්දු කරන්න.”

“ඔවුන් ජපානයට පැමිණෙන්නේ රග්බි තරග පැවැත්වෙන නගරවල රග්බි තරග නැරඹීමට පමණක් නම් ඔවුන්ට මෙම එන්නත ලබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. එනමුත් ගොඩක් දෙනා එහෙම කරන්නේ නැහැ. ඔවුන් සිය චාරිකාව ග්‍රාමීය ප්‍රදේශ දක්වා දිගු කරනවා ජපානය හරිම ලස්සන රටක් නිසා.” 

“ඔවුන් ග්‍රාමීය ප්‍රදේශවල ගොඩක් සංචාරය කරන්න අදහස් කරනවා නම්, එහෙනම් ඔවුන් මෙම එන්නත හා ජපානයට පැමිණීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.” ඇය පවසා සිටියා.

හිටපු එංගලන්ත රග්බි ක්‍රීඩකයෙකු වන John Bentley ද මෙම සංවිධානය හා ක්‍රියාකාරිව වැඩ කරන අතර ඔහු රග්බි ප්‍රේක්ෂකයින්ට මෙසේ පවසා තිබුණා. “රග්බි ක්‍රීඩකයින් මෙන්ම ප්‍රේක්ෂකයින් ද නිසි අවධානය යොමු කළ යුතුයි. රග්බි පමණක් නොවෙයි ජපානයේ තිබෙන ලස්සන හා එහි සංස්කෘතියත් රග්බි ප්‍රේක්ෂකයින් නරඹනවා. ඒ නිසාම ග්‍රාමීය ප්‍රදේශ වලට යන විට ඔවුන් ප්‍රවේසම් විය යුතුයි.” 

තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 20 වැනිදා ආරම්භ වන අතර පළමු තරගයේ දී සත්කාරක ජපානය, රුසියාව සමඟ තරග වැදීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<