මැයි මස 30 වැනිදා ආරම්භ වූ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූලි මස 14 වැනිදා දක්වා පැවැත්වෙන අතර තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළු තවත් කණ්ඩයම් පහක් (පාකිස්තානය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව් හා ඇෆ්ගනිස්තානය) තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.
බංග්ලාදේශ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ඉවත් කරයි
බංග්ලාදේශ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික ස්ටීව් රෝඩ්ස් හා බංග්ලාදේශ…
ශ්‍රී ලංකාව තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දිනා ගත්තේ ජයග්‍රහණ 3ක්, පරාජයන් 4ක් හා ප්‍රතිඵල රහිත තරග දෙකක් සමඟයි.
ශ්‍රී ලංකාව 12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසානයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තුල සහභාගී වී තිබෙන තරග 55න් තරග 24ක් පරාජය වී ඇත. එසේම 1996 වසරේ දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකාව 2007 හා 2011 යන වසරවල දී අනුශූරයින් ලෙස කිරුළු පලඳින ලදි.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එදා සිට මේ දක්වාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පවත්වනු ලබන තරගාවලිවල දී එතරම්ම දුර්වල වී නොමැත්තේ, විටෙක පෙරළිකාරී දස්කම් ද විදහාපාමිනි. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ අංක එකේ සිටි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඔවුන් නොසිතූ ලෙස පරාජයට පත් කළේ ඔවුන්ගේ නිජබිමේ දීමය. එය ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලබා ගත් එක් ජයග්‍රහණයකි.
මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූයේ දැඩි පීඩනයක් මැද වුවත් බොහෝ දෙනා සිතුවාට වඩා යම් මට්ටමක් ඉදිරියෙන් තරගාවලිය අවසන් කිරීමට නව නායක දිමුත් කරුණාරත්න ඇතුළු කණ්ඩායමට හැකි විය. ඒ සඳහා එක් එක් ක්‍රීඩකයින් දැක්වූ සිය පුද්ගලික දායකත්වය ThePapare.com අප මෙසේ ඔබ ඉදිරියේ තබන්නෙමු.
අවිශ්ක ප්‍රනාන්දු – 8.5/10
තරග | ලකුණු | වැඩිම ලකුණු | ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය | ප්‍රහාරාත්මක වේගය | 50/100 | උඩපන්දු/දුවද්දී දැවී යාම් |
4 | 203 | 104 | 50.75 | 105.72 | 0/1 | 0/0 |
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකාව ලබා ගත් හොඳම ධනාත්මක සාධකය මෙය බව පැවසීම වරදක් නොවන්නේ අවිශ්ක ඔහුගේ වයසට (21) වඩා පරිණත ආකාරයක් පෙන්නුම් කරමින් පිතිකරණයේ නිරත වීමයි. මොහුව හොඳින් කළමනාකරණය කළොත් තවත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 3-4ක් පහසුවෙන්ම ක්‍රීඩා කළ හැකිය. ඔහු මෙවර තරගාවලියේ නම් දරා සිටි පන්දු යවන්නට අභියෝගයක් වෙමින් ඉතාමත් සාර්ථක ලෙස පන්දුවට පහර දුන්නේය.
තරග | ලකුණු | වැඩිම ලකුණු | ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය | ප්‍රහාරාත්මක වේගය | 50/100 | උඩපන්දු/ස්ටම්ප්ස් |
7 | 273 | 78 | 39.00 | 110.97 | 3/0 | 7/0 |
ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටව යන විට කණ්ඩායමේ අංක 3 පිතිකරුවා වූ කුසල් පෙරේරා දෙවන තරගයේ සිට තරගාවලියේ අවසානය දක්වා දිමුත් කරුණාරත්න සමඟ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන ලදි. වමතින් පිත්ත හසුරුවන කුසල් පළමු Power Play අවස්ථාවේ දී ඉතාමත් හොඳින්, වැඩි වේගයකින් ලකුණු රැස්කර ගන්නා ලදි. ඔහු මෙවර තරගාවලිය තුල අර්ධ ශතක 3ක් ලබා ගත් නමුත් එම එක අර්ධ ශතකයක් හෝ ශතකයක් බවට පරිවර්තනය කිරීමට කුසල්ට නොහැකි විය.
එම දුර්වලතාවය හැරෙන්නට ඔහුගේ පන්දු රැකීම හා තරගාවලියේ දී කණ්ඩායමට පිතිකරණයෙන් දැක්වූ දායකත්වය පිළිබඳව සෑහීමකට පත්විය හැක. මින් ඉදිරියේ දී ඔහුව කඩුලු රකින්නෙක් ලෙස පමණක් රඳවා ක්‍රීඩා කොට ඔහුව කළමනාකරණය කරන්නේ නම් ඔහුට ආබාධයකින් තොරව තවත් වැඩි කාලයක් ක්‍රීඩා කිරීමට හැකි වනු ඇත.
හසින්ත විජේරත්න තුන් ඉරියව් දක්ෂතා දක්වයි
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 17න්…
තරග | ලකුණු | වැඩිම ලකුණු | ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය | ප්‍රහාරාත්මක වේගය | 50/100 | උඩපන්දු/දුවද්දී දැවී යාම් |
7 | 244 | 113 | 40.66 | 77.70 | 1/1 | 2/0 |
Matches | Overs | Runs | Wkts | BBI | Av | Econ |
1 | 2 | 6 | 1 | 1/6 | 6.00 | 3.00 |
ශ්‍රී ලංකාව බලාපොරොත්තු රැසක් තබාගෙන සිටි ක්‍රීඩකයෙක් වූ මැතිව්ස්ට තරගාවලියේ ආරම්භක තරග කිහිපය තුල සිය සුපුරුදු රිද්මයට පැමිණීමට නොහැකි විය. ඉන්පසුව එංගලන්ත තරගයේ දී ලබා ගත් අගනා හා වටිනා ලකුණු 85 ඉනිමට පසුව ඔහු නැවතත් සිය සුපුරුදු රිද්මයට පැමිණි නමුත් ඔහු ක්‍රියාත්මක විය යුතුම ඕස්ට්‍රේලියා හා දකුණු අප්‍රිකානු තරගවල දී ඔහුට නැවතත් සිය රිද්මයට පැමිණීමට නොහැකි විය.
ඉන්පසුව අවසන් පන්දුවාර කිහිපය දක්වා ක්‍රියාත්මක වුනු ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරගයේ දී වසර එකහමාරක පමණ විරාමයකට පසුව ජාත්‍යන්තර පිටියේ පන්දු යැවූ මැතිව්ස් ඔහු යොමු කළ පළමු පන්දුවෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍යවම තිබූ කඩුල්ලක් දවාගෙන ඒ තරගය ශ්‍රී ලංකාව දෙසට හරවාලන ලදි. තරගාවලිය අවසානයේ දී ද ඉන්දියාවට එරෙහිව ශතකයක් ලබාගෙන තරගාවලිය හැකි උපරිම මට්ටමින් අවසන් කිරීමට මැතිව්ස් සමත් විය.
තරග | ලකුණු | වැඩිම ලකුණු | ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය | ප්‍රහාරාත්මක වේගය | 50/100 | උඩපන්දු/දුවද්දී දැවී යාම් |
7 | 222 | 97 | 37.00 | 71.38 | 2/0 | 2/1 |
කරුණාරත්න වසර 4ක පමණ විරාමයකට පසුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට පැමිණියේ සාමාන්‍ය ක්‍රීඩකයෙක් ලෙස නොව, ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසයි. ඔහුව සංචිතය සඳහා නම් කිරීම පිළිබඳව බොහෝ දෙනා සෘනාත්මක ලෙස කතාබහ කළ නමුත් තරගාවලියේ පළමු තරග 2-3 අවසන් වන විට කරුණාරත්නව මේ සංචිතය සඳහා නම් කිරීම වරදක් නොවන බව පෙනෙන්නට පටන් ගැණුනි.
ඔහු කුසල් පෙරේරා සමඟ එක්ව ශ්‍රී ලංකා ආරම්භය සවිමත් කළ අතර ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගයේ දී අගනා ලකුණු 97ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ඔහුගේ පිතිකරණයේ තත්වය එයයි. අනෙක් පසින් ඔහු නායකයෙක් ලෙස ඉතාමත් සාර්ථකව සිය කණ්ඩායම මෙහෙයවන ආකාරය දැකගන්නට ලැබුණි. කණ්ඩායමේ සිටින හිටපු නායකයින් ද උපදෙස් ලබාගෙන ඉතාමත් හොඳින් පීඩනය කළමනාකරණය කර ගත් දිමුත් ඇතුළු කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 සඳහා පිවිසීමට වැඩි වෙහෙසක් ගත් නමුත් එය සාර්ථක වූයේ නැත.
තරග | ලකුණු | වැඩිම ලකුණු | ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය | ප්‍රහාරාත්මක වේගය | 50/100 | උඩපන්දු/දුවද්දී දැවී යාම් |
5 | 143 | 53 | 35.75 | 87.73 | 1/0 | 0/0 |
මෙවර ලෝක කුසලානය නියෝජනය කරන ශ්‍රී ලංකා සංචිතයේ තිරිමාන්න සිටීම තරගාවලිය ආරම්භයේ දී බොහෝ දෙනෙක්ට පුදුම සහගත වුවත් ඔහුව සංචිතයට තෝරාගැනීම ගැටලුවක් බවට පත් නොකරමින් තරගාවලිය අවසන් කිරීමට ඔහුට හැකි විය. ආරම්භක පිතිකරුවා ලෙස පළමු තරග කිහිපය ක්‍රීඩා කළ ද කුසල් පෙරේරා හා අවිශ්ක ප්‍රනාන්දුගේ සාර්ථකත්වය නිසා අංක 6 දක්වා පසුබැසීමට සිදු වූ තිරිමාන්න එහි දී ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත වෙමින් ලකුණු අතරට පැමිණෙන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස තරග 5ක් තුල ලකුණු 143ක් රැස්කර ගැනීමට තිරිමාන්න සමත් විය. ඒ අතරින් කොදෙව්වන්ට එරෙහිව වාර්තා කර ගත් අර්ධ ශතකය ඉතාමත් වැදගත් විය.
තරග | ලකුණු | වැඩිම ලකුණු | ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය | ප්‍රහාරාත්මක වේගය | 50/100 | උඩපන්දු/දුවද්දී දැවී යාම් |
7 | 143 | 46 | 20.42 | 67.13 | 0/0 | 1/0 |
ශ්‍රී ලංකා සංචිතයේ සිටි තවත් එක ප්‍රබල බලාපොරොත්තුවක් වූ කුසල් මෙන්ඩිස් හට සාර්ථක ලෙස තරගාවලිය අවසන් කිරීමට හැකි වූයේ නැත. ශ්‍රී ලංකා මැදපෙළ වැඩි බරක් කරට ගෙන ක්‍රීඩා කරාවි යැයි බොහෝ දෙනා අපේක්ෂා කළ මෙන්ඩිස් තරගාවලියේ තරග 7ක් තුල ලකුණු143ක් ලබා ගත් නමුත් එයට වඩා වැඩි දෙයක් සිදු කිරීමේ හැකියාව ඔහු සතුව තිබේ. පිතිකරණය එසේ සිදු වෙද්දී පන්දු රැකීමෙන් පවා ඔහුට සාර්ථක වීමට නොහැකි විය.
පන්දු යවන්නන්
තරග | පන්දුවාර | ලකුණු | කඩුලු | BBI | කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය | පන්දුවාරයකට දල ලකුණු ලබා දීම |
7 | 61.4 | 373 | 13 | 4/43 | 28.69 | 6.04 |
සමහර උදවියට ඔහුගේ බඩ හා ශාරීරික යෝග්‍යතාවය ගැටලුවක් වුවත් ඔහු මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල ශ්‍රී ලංකාවේ ප්‍රධාන පන්දු යවන්නා ලෙස තරගාවලියට එකතු විය. සිය අවසන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ මාලිංග මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයා ලෙස තරගාවලිය නිමා කරන ලදි.
එයට තවත් කඩුලු 4-5ක් එකතු වීමට තිබුණු නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම නිසා එය මේ මට්ටමට සීමා විය. ප්‍රසාද ලකුණු සටහනේ හයවැනියා ලෙස තරගාවලිය නිමා කිරීමට හා ප්‍රබල එංගලන්තය පරාජය කිරීමට මාලිංග දවා ගත් කඩුලු කිහිපය (ජෝස් බට්ලර්, ජොනී බෙයාස්ටෝව්) ඉතාමත් වැදගත් විය.
Video – “කුසල් මෙන්ඩිස්ට තව අවස්ථාවන් දෙන්න ඕන” – අසන්ත ද මෙල්
තරග | පන්දුවාර | ලකුණු | කඩුලු | BBI | කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය | පන්දුවාරයකට දල ලකුණු ලබාදීම |
3 | 29 | 157 | 5 | 4/31 | 31.40 | 5.41 |
ප්‍රදීප් තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා නොකළ නමුත් ඇෆ්ගනිස්තානය සමඟ පැවති තරගයේ දී ලකුණු 31කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අතර එම පන්දු යැවීම නොවන්නට ශ්‍රී ලංකාව එම තරගයෙන් ද පරාජය වීමට ඉඩකඩ තිබුණි. පසුව ඔහුට ඇතිවූ ආබාධය නිසාවෙන් තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර පසුව පැපොල රෝගය වැළඳීම නිසා තරගාවලියෙන්ම ඉවත් වීමට ඔහුට සිදු විය. ඔහු ක්‍රීඩා කළ තරග කිහිපය තුල සිය උපරිම දස්කම් දක්වමින් ඔහුගෙන් කණ්ඩායමට ඉටු විය යුතු දේ නිසි ලෙස ඉටු කරන ලදි.
තරග | පන්දුවාර | ලකුණු | කඩුලු | BBI | කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය | පන්දුවාරයකට දල ලකුණු ලබා දීම |
2 | 18 | 123 | 2 | 1/47 | 61.50 | 6.83 |
නුවන් ප්‍රදීප් තරගාවලියෙන් ඉවත් වීම නිසා ඔහු වෙනුවෙන් සංචිතයට පැමිණියේ කසුන් රාජිතයි. රාජිත නව පන්දුවෙන් සිතූ තරම් දස්කම් දැක්වීමට අසමත් වූ නමුත් ඔහු ඉතාමත් හොඳින් පන්දුව දෙපසට දෝලනය කරන ලදි. නමුත් ඔහුගේ ගැටලුව වූයේ පන්දුව නිසි ස්ථානයන් වල පතිත කිරීමට ඇති නොහැකියාවයි. රාජිත තරගාවලිය තුල දවා ගත් වටිනාම කඩුල්ල ලෙස ක්‍රිස් ගේල්ගේ කඩුල්ල සැලකීමට හැකි වන්නේ ශ්‍රී ලංකා – කොදෙව් තරගයේ දී ගේල් දවා ගැනීම තව පමා වූවා නම් කොදෙව්වන් පහසුවෙන්ම ලකුණු 338 ඉලක්කය හඹා යාමට ඉඩකඩ තිබූ නිසාවෙනි.
තරග | පන්දුවාර | ලකුණු | කඩුලු | BBI | කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය | පන්දුවාරයකට දල ලකුණු ලබාදීම |
3 | 16 | 102 | 0 | – | – | 6.37 |
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ තවත් අත්දැකීම් බහුල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ලක්මාල් ඇෆ්ගනිස්තානය සමඟ පැවති තරගයේ දී ඉතාමත් හොඳින් පන්දු යැවීම සිදු කළ නමුත් නවසීලන්තය හා දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගවල දී එතරම් දුරකට සාර්ථක වීමට ඔහුට නොහැකි විය. ඒ සඳහා ශ්‍රී ලංකා පන්දු රැකීමේ දුර්වලතාවය ද එක් හේතුවක් විය. කෙසේ නමුත් ලක්මාල් යනු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග රටාව තුල දැනට සිටින දක්ෂතම වේගපන්දු යවන්නා බව අප අවිවාදයෙන් පිළිගත යුතුමය.
තරග | පන්දුවාර | ලකුණු | කඩුලු | BBI | කඩුලු දවාගැනීමේ සාමාන්‍යය | පන්දුවාරයකට දල ලකුණු ලබාදීම | උඩපන්දු/දුවද්දී දැවී යාම් |
1 | 7 | 50 | 1 | 1/50 | 50.00 | 7.14 | 1/0 |
රංගන හේරත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමෙන් පසුව ඒ තැන සඳහා වඩාත් උචිත වන්නේ ජෙෆ්රි වැන්ඩර්සේ බව මීට වසර කිහිපයකට පෙර බොහෝමයක් විචාරකයින් හා ප්‍රේක්ෂයින් පවසා සිටියේය.
නමුත් පසුගිය කාලය වන විට වැන්ඩර්සේ අභිබවා අකිල දනංජය ඉදිරියට පැමිණි නමුත් නොසිතූ ලෙස අකිලට පන්දුව දමා ගැසීමේ චෝදනාවක් එල්ල වූ නිසා ඔහු සිය පන්දු යැවීමේ ඉරියව්ව තරමක් වෙනස් කරන ලදි. ඉන්පසුව අකිල හට එතරම් කඩුලු දවා ගැනීමේ අවස්ථාව හිමි නොවූ නිසාත් හා එංගලන්තය වැනි රටවල් වල තිබෙන තණතීරු වල හැසිරීම නිසාත් අපගේ ලෝක කුසලාන සංචිතයේ සිටි එකම ප්‍රධාන දඟපන්දු යවන්නා බවට පත් වූයේ ජෙෆ්රි වැන්ඩර්සේයි.
තරගාවලියේ තරග රැසක්ම ක්‍රීඩා කිරීමට වැන්ඩර්සේට අවස්ථාව නොලැබුණු නිසා ඔහුට අවස්ථාවක් දීමේ අරමුණින් කොදෙව් තරගයේ දී වැන්ඩර්සේ කණ්ඩායමට කැඳවූ නමුත් ඔහුට එක් තැනක පන්දුව පතිත කරමින් පිතිකරුවාට පීඩනයක් එල්ල කිරීමට නොහැකි විය.
තුන් ඉරියව් ක්‍රීඩකයින්
තරග | ලකුණු | වැඩිම ලකුණු | ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය | ප්‍රහාරාත්මක වේගය | 50/100 | උඩපන්දු/දුවද්දී දැවී යාම් |
7 | 45 | 17 | 7.50 | 60.00 | 0/0 | 3/3 |
තරග | පන්දුවාර | ලකුණු | කඩුලු | BBI | කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය | පන්දුවාරයකට දල ලකුණු ලබා දීම |
7 | 51.3 | 296 | 6 | 2/41 | 49.33 | 5.74 |
ඉසුරු උදාන ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතයේ සිටි ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ අතර ඔහුගේ දායකත්වය මත කණ්ඩායමේ සමබරතාවය විශාල ලෙස රැඳී පැවතුනි. ඔහුට මෙවර තරගාවලිය තුල පිතිකරණයෙන් වැඩි යමක් කිරීමට නොහැකි වුවත් පන්දු රැකීමෙන් හා පන්දු යැවීමෙන් ඉතාමත් හොඳ දස්කම් දක්වන ලදි. නමුත් කොදෙව්වන් සමඟ පැවති තරගයේ දී උදාන අතින් එක් උඩ පන්දුවක් ගිලිහී ගිය නමුත් තරගාවලිය අවසානයේ දී ශ්‍රී ලංකාවේ හොඳම පන්දු රකින්නා ලෙස තේරී පත්වූයේ උදානයි.
මාලිංග, අවිශ්ක, මැතිව්ස් ඉස්සරහට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් පසුගිය දා නිකුත් කරනු ලැබීය. එහි දී ඉන්දීය…
තරග | ලකුණු | වැඩිම ලකුණු | ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය | ප්‍රහාරාත්මක වේගය | 50/100 | උඩපන්දු/දුවද්දී දැවී යාම් |
7 | 108 | 29* | 27.00 | 62.06 | 0/0 | 0/1 |
තරග | පන්දුවාර | ලකුණු | කඩුලු | BBI | කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය | පන්දුවාරයකට දල ලකුණු ලබාදීම |
7 | 37 | 197 | 5 | 3/32 | 39.40 | 5.32 |
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණෙන විට පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස පැමිණි ධනංජය ද සිල්වා මේ වන විට පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් බවට පත්වෙමින් තිබේ. අංක 6 , 7 යන ස්ථානයේ පිතිකරණයේ නිරත වුනු ධනංජය හට පිතිකරණයෙන් එතරම් දස්කම් අතරට පැමිණීමට නොහැකි වුනු නමුත් තරග 7ක් තුල ලකුණු 108ක් රැස්කර ගැනීමට ඔහුට හැකි විය. එසේම එංගලන්තය සමඟ පැවති තරගයේ දී ඔහු කඩුලු 3ක් දවාගෙන දස්කම් දැක්වූ අතර පිතිකරුවෙක්, පන්දු යවන්නෙක් හා පන්දු රකින්නෙක් ලෙස සිය කණ්ඩායම වෙනුවෙන් උපරිම සහාය ලබා දීමට ධනංජය සමත් විය.
තරග | ලකුණු | වැඩිම ලකුණු | ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය | ප්‍රහාරාත්මක වේගය | 50/100 | උඩපන්දු/දුවද්දී දැවී යාම් |
6 | 61 | 27 | 10.16 | 95.31 | 0/0 | 2/0 |
තරග | පන්දුවාර | ලකුණු | කඩුලු | BBI | කඩුලු දවාගැනීමේ සාමාන්‍යය | පන්දුවාරයකට දල ලකුණු ලබාදීම |
6 | 40.2 | 207 | 1 | 1/19 | 207.00 | 5.13 |
තරගාවලියට පෙර ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ සිටි ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් දරා සිටියේ තිසර පෙරේරා වුවත් මෙවර තරගාවලිය අවසානයේ දී තමා හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස පැවසීමට තරම් හැකි මට්ටමේ දස්කම් පෙන්වීමට ඔහුට අවස්ථාව ලැබුණේ නැත. නමුත් ඔහු ක්‍රීඩා කළ තරග 6 අතරින් ඉන්දියාවට එරෙහිව පැවති තරගයේ දී ඉතාමත් හොඳ සංයමයකින් යුතුව පන්දු යවමින් සැලකිය යුතු මට්ටමේ දස්කමක් පෙන්වීමට සමත් විය.
තරග | ලකුණු | වැඩිම ලකුණු | ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය | ප්‍රහාරාත්මක වේගය | 50/100 | උඩපන්දු/දුවද්දී දැවී යාම් |
1 | 3 | 3 | 3.00 | 75 | 0/0 | 1/0 |
තරග | පන්දුවාර | ලකුණු | කඩුලු | BBI | කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය | පන්දුවාරයකට දල ලකුණු ලබාදීම |
1 | 2 | 17 | 0 | – | – | 8.50 |
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා තරග වදින ශ්‍රී ලංකා සංචිතය නම් කළ දිනයේ දී මිලින්ද සිරිවර්ධන සංචිතයට ඇතුළත් කිරීම බොහෝ දෙනා හට ගැටලුවක් වූ අතර තරගාවලිය අවසානයේ දී එම ගැටලු ගැටලු නොවන තත්වයට පත් කිරීමට සිරිවර්ධන අසමත් විය. ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස සංචිතයට ඇතුළත් වුනත් ඒ සඳහා එකදු අංශයකින් හෝ සාධාරණයක් ඉටු කිරීමට ඔහුට වරම් ලැබුණේ නැත.
තරග | ලකුණු | වැඩිම ලකුණු | ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය | ප්‍රහාරාත්මක වේගය | 50/100 | උඩපන්දු/දුවද්දී දැවී යාම් |
3 | 19 | 18 | 6.33 | 37.25 | 0/0 | 0/0 |
තරග | පන්දුවාර | ලකුණු | කඩුලු | BBI | කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය | පන්දුවාරයකට දල ලකුණු ලබා දීම |
3 | 11.1 | 70 | 0 | – | – | 6.26 |
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජීවන් මෙන්ඩිස්ගේ අවසන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලිය වීමට ද ඉඩකඩ කඩ තිබේ. එ්තරමටම ඔහු මෙවර තරගාවලිය තුල දැක්වූ දස්කම් දුර්වල මට්ටමක තිබුණි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරණයෙන් හා පන්දු යැවීමෙන් දැක්වූ දස්කම් මත ඔහුව ලෝක කුසලානය සඳහා තෝරාගනු ලැබූව ද, ඒ තේරීම හට නිසි සාධාරණයක් ඉටු කිරීමට ජීවන් අසමත් විය. විශේෂයෙන්ම වේගපන්දු යවන්නන් හමුවේ පිතිකරණයේ නිරත වීමේ දී මෙන්ඩිස් වැඩි දුර්වලභාවයක් පෙන්නුම් කරන ලදි.
ඔබ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට දෙන චරිත සහතිකය කොයි වගේ ද? පහළින් Comment කරන්න.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<