ශුරයින් රැසක් බිහිවු අන්තර් සමාජ ලීග් කැරම් තරඟාවලිය

259

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින් සංවිධානය කරන  අන්තර් ක‍්‍රීඩා සමාජ ලීග් කැරම් තරගාවලිය පසුගියදා කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී නිමාවට පත්විය.

පුරා දින පහක්  පැවැති මෙම තරගාවලියට ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් 59 ක් නියෝජනය කරමින්  ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 300 කට අධික පිරිසක්  සහභාගි වුහ. පිරිමි `ඒ´කාණ්ඩය හා කාන්තා `ඒ´ කාණ්ඩය, පිරිමි `බි´කාණ්ඩය හා කාන්තා `බි´ කාණ්ඩය සහ පිරිමි `සි´කාණ්ඩය හා  කාන්තා `සි´ කාණ්ඩය යන කාණ්ඩයන් ඔස්සේ තරග ඉසව් සංවිධානය වි තිබුණි.

තරගාවලියේ පිරිමි `ඒ´කාණ්ඩය ශූරතාව තමන් සතු කරගන්නට  නුගේගොඩ කැරමයිට්ස් ක‍්‍රීඩා සමාජය සමත් විය. `ඒ´කාණ්ඩයෙන් තරග කරමින් කැරමයිට්ස් ක‍්‍රීඩා සමාජ‍ය නියෝජනය කළ ජාතික කැරම් ශූරයකු වන චමිල් කුරේ මෙම තරගාවලියේ අවසන් වටයේ තරගයේදී තම  ප‍්‍රතිවාදියාට අවස්ථාවක් නොදීම තරගය අවසන් කිරීම විශේෂත්වයක් විය. කාන්තා `ඒ´කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට  නාවික හමුදා කණ්ඩායම සමත් විය.

තරගාවලියේ `බී´ කාණ්ඩයේ ද ශූරතාව දිනා ගැනීමට ද කැරමයිට්ස් ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩකයෝ සමත්විම කැපි පෙනෙන සිදුවිමක් විය. එම කාණ්ඩයේම  අනුශුරතාවය කොළඹ ආර්.ඇන්.ඒ. ක‍්‍රීඩා සමාජයටත් තෙවැනි ස්ථානය අත්තිඩිය ක‍්‍රීඩා සමාජයටත් හිමිවිය.

`සී ´කාණ්ඩය පිරිමි ශුරතාව තමන් සතු කරගන්නට කොළඹ ආර්.ඇන්.ඒ. ක‍්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින්  සමත් විය. එම කාණ්ඩයේම අනුශුරතාවය  යුද හමුදා කණ්ඩායම ටත් තෙවැනි ස්ථානය නුගේගොඩ තරුණ බෞද්ධ සංගම් ක්‍රීඩා සමාජයටත් හිමිවිය.

`සී´ කාණ්ඩය කාන්තා ශුරතාව දිනාගැනීමට යාපනය දිස්ත්‍රික්  කැරම් සංගමය සමත් විය. එම කාණ්ඩයේම අනුශුරතාවය  මොරටුව විශ්ව විද්‍යාලයටත් තෙවැනි ස්ථාන‍ය නුගේගොඩ මාවියන්ස් ක‍්‍රීඩා සමාජයත් දිනාගැනීමට සමත් විය.