දකුණු අප්‍රිකාව මංගල ජය වාර්තා කරයි!

868

2019 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව හා ඇෆ්ගනිස්තානය අතර ඊයේ (15) කාඩිෆ් හිදී පැවති තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කරමින් දකුණු අප්‍රිකාව තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

ෆින්ච් සහ ස්මිත් ලාංකිකයන් බිය ගන්වයි

මෙම වීඩියෝ පටය ශ්‍රී ලංකාව තුල දී පමණක් නැරඹීමට හැකි අතර නිකුත් කළ දින සිට දින 3ක් දක්වා පමණක්…

කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු නායකයා පළමුව පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්තානු කණ්ඩායමට ඇරයුම් කළ අතර ඔවුන්ගේ ඉනිමට වර්ෂාවෙන් දෙවරක් බාධා එල්ල විය. කෙසේ නමුත් එම අවස්ථාවන් දෙකෙහි දී ම යළිත් තරගය ආරම්භ කර පවත්වා ගෙන යාමට හැකි වූ අතර එක් ඉනිමක් පන්දුවාර 48කට සීමා කරන ලදි.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ විටෙක කඩුලු 2කට ලකුණු 69ක්ව තිබූ ඇෆ්ගනිස්තානු ඉනිම පන්දුවාර 34යි එක් පන්දුවක දී ලකුණු 125කට සීමා වූ අතර එහි දී ඉම්රාන් තාහීර්ගේ හා ක්‍රිස් මොරිස්ගේ පන්දු යැවීම කැපී පෙනිනි.

ඇෆ්ගනිස්තානු ආරම්භක පිතිකරුවන් වූ හස්රතුල්ලා සසායි හා නූර් අලි සඩ්රාන් සිය කණ්ඩායම වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබා ගනිමින් පළමු පන්දුවාර පහේ දී ලකුණු 33ක් රැස් කළ අතර වර්ෂාවෙන් එල්ල වූ පළමු බාධා වීම නිසා තරගය සුළු වේලාවකට නැවැත්වීමට සිදු විය.

යළි තරගය ආරම්භ වී වැඩි වේලාවක් ගත වීමට මත්තෙන් සසායි ලකුණු 22කට ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට රබාඩා සමත් විය. ඉන්පසු රහම්ට් ෂා ලකුණු 6කට ක්‍රිස් මොරිස්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඇෆ්ගනිස්තානු ලකුණු පුවරුව පන්දුවාර 20ක කඩුලු 2කට දී ලකුණු 69ක්ව තිබිය දී යළි වර්ෂාවෙන් බාධා එල්ල විය.

යළි තරගය ආරම්භ වීමෙන් පසු ඉම්රාන් තාහීර් විසින් නූර් අලි සඩ්රාන් ලකුණු 32කට දවා ගත් අතර ඉන්පසු කිසිදු පිතිකරුවෙකු හට සාර්ථක වීමට තාහීර් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

දික්වැල්ලගේ ප්‍රවේගකාරී ශතකයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියේ අද (15) පැවැත්වූ පස්වැනි සහ…

ඉනිමේ අවසන් භාගයේ දී රෂීඩ් කාන් විසින් පන්දු 25ක දී හතරේ පහර 6ක් සමඟින් රැස් කළ ලකුණු 35 හැරුණු කොට අන් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කිරීමට අපොහොසත් විය. ඇෆ්ගනිස්තානු ඉනිමේ අවසන් කඩුලු 8 ලකුණු 56ක දී බිඳ වැටුණේ ජාත්‍යන්තර පිටියේ තවමත් ඔවුන්ගේ ආධුනිකත්වය හා අත්දැකීම් මදිකම මැනවින් පසක් කරමිනි.

පන්දු යැවීමේ දී ඉම්රාන් තාහීර් කඩුලු 4ක්, ක්‍රිස් මොරිස් කඩුලු 3ක් හා ෆෙලුක්වායෝ කඩුලු 2ක් දවා ගනිමින් ඇෆ්ගනිස්තානු ඉනිම සුනුවිසුනු කර දැමීමට පන්දුවෙන් සිය දායකත්වය ලබා දුන්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ආරක්ෂාකාරී ලෙස පිතිකරණයේ යෙදෙමින් පන්දුවාර 28යි පන්දු 4ක දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 131ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් විය.

ජෝ රූට්ගේ දස්කම් හමුවේ කොදෙව්වෝ පසු බසිති!

2019 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (14)…

මෙහි දී ක්වින්ටන් ඩි කොක් ලකුණු 68ක් ලබා ගත් අතර ඔහු ඇෆ්ගන් නායක ගුල්බඩින් නයිබ්ගේ පන්දුවකට මොහොමඩ් නබී අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත් විය.

තරගය ජයග්‍රහණය කරන අවස්ථාවේ නොදැවී පන්දුවට පහර දෙමින් සිටි හෂීම් අම්ලා පන්දු 83ක දී ලකුණු 41ක් හා හයේ පහරකින් ජයග්‍රාහී ඉලක්කය පසු කළ ඇන්ඩිල් ෆෙලුක්වායෝ ලකුණු 17ක් රැස් කරගෙන සිටියහ.

පන්දුවාර 7ක දී ලකුණු 29කට කඩුලු 4ක් ලබාගත් ඉම්රාන් තාහීර් තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.

මෙම තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය අද (16) මැන්චෙස්ටර් හිදී පැවැත්වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

[insert_php] $contents = file_get_contents(“http://stats.thepapare.com/cricket/embed/match_result/south-africa-vs-afghanistan”); echo $contents;[/insert_php]