2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පස්වන තරගය හෙට (15) දින එංගලන්තයේ ලන්ඩන්හි ඕවල් පිටියේදී ආරම්භ වන්නේ වර්තමාන ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟිනි.
ඊයේ තරගයේ වීරයා කුසලානයට ඩේවිඩ් වෝනර් කළ දේ
ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම ……..
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට එකිනෙකා මුණගැසී ඇත්තේ 2016 වසරේ වන අතර ශ්‍රී ලංකාව එම එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 4-1ක් ලෙස පරාජයට පත්විය.
මුහුණට මුහුණ
1975 වසරේ සිට පැවත එන ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුළ මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 96ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 32ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වනවිට ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග 60ක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. තවත් තරග 4ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.
ගෙවී ගිය ලෝක කුසලාන තරගාවලි 11 තුළ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 9ක් පවත්වා තිබෙන අතර එහි තරග 7ක්ම ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ. තවත් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇති අතර ජයගෙන තිබෙන එකම තරගය 1996 ලෝක කුසලාන අවසන් මහා තරගයයි.

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරග ඉතිහාසයේ ඔවුනොවුන් සහභාගී වී ඇති එක්දින තරග ප්‍රමාණය තුළ මෙතෙක් වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරයි. ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරග 43ක් ක්‍රීඩා කරමින් ලකුණු 1675ක් ලබාගෙන ඇත්තේ 42.94ක දළ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් විසින් වන අතර ඔහු ඕස්ට්‍රේලියාව සමඟින් එක්දින තරග 37කට සහභාගී වෙමින් කඩුලු 48ක් දවාගෙන ඇත.
>>Photos : CWC19 – Sri Lanka training session ahead of Australia match<<
ප්‍රහාරාත්මක පිතිකරුවන්
දිමුත් කරුණාරත්න

ස්ටීව් ස්මිත්

ජාත්‍යන්තර එක්දින තරග 112ක් තුළ ඔහු විසින් ලකුණු 3601ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 41.87ක් වැනි හොඳ මට්ටමක පවත්වා ගනිමිනි. ස්මිත් එක්දින ශතක 8කින් සහ අර්ධ ශතක 21කින් ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත.
ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 11කදී ලකුණු 231ක් ලබාගෙන තිබෙන්නේ 33.00ක පමණ සාර්ථක දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. එයට අර්ධ ශතක දෙකක්ද ඇතුළත්ය.
“ඉන්දීය සටනට කලින් පන්දු රැකීම හදාගන්න ඕන” – සෆ්රාස් අහමඩ්
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු ………….
කුසල් ජනිත් පෙරේරා

කුසල් ජනිත්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 12ක් සහ ශතක 4ක් ඇතුළත්ව ඇත. වමතින් පිත්ත හසුරුවන ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 10ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී 21කට ආසන්න දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන ඕස්ට්‍රේලියානු පන්දු යවන්නට සංග්‍රහ කර තිබේ.
ඩේවිඩ් වෝනර්

ශ්‍රී ලංකාවට එරෙහිව තරග 16ක් ක්‍රීඩා කර ලකුණු 598ක් වාර්තා රැස්කර ගෙන තිබෙන්නේ දළ ලකුණු ලබාගැනීමේ වේගය 38කට ආසන්න අගයක පවත්වා ගෙනයි. නිමාවූ තරගයේදී ද පාකිස්තානයට එරෙහිව ශතකයක් ලබාගෙන නැවතත් සිය සුපුරුදු රිද්මය සොයාගත් වෝනර් ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකිය.
තර්ජනාත්මක පන්දු යවන්නන්
ලසිත් මාලිංග

මේ වනවිට වයස අවුරුදු 35ක් වන මාලිංග ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 27කදී කඩුලු 47ක් දවාගෙන තිබෙන්නේ 24.65 පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
පැට් කමින්ග්ස්

ඕස්ට්‍රේලියානු වේගපන්දු බල ඇණිය සවිමත් කරන කමින්ග්ස් වයස අවුරුදු 26ක් පමණ වන අත්දැකීම් බහුල ජව සම්පන්න ක්‍රීඩකයෙකි. ජාත්‍යන්තර එක්දින තරග 52කදී කඩුලු 91ක් දවා ගැනීමට සමත් වී ඇති ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 27.76ක් වැනි ඉතාමත් හොඳ මට්ටමක පවතියි.
පැට් කමින්ග්ස් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දළ වශයෙන් 5.12ක පමණ ලකුණු ලබා දීමක් සිදුකර ඇත. දකුණතින් වේගපන්දු යවන මේ ක්‍රීඩකයාගේ හොඳම එක්දින පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ ලකුණු 70කට කඩුලු 5ක් ලෙසයි. කෙසේ නමුත් ඔහු ශ්‍රී ලංකාව සමඟ මේ දක්වා පවත්වා තිබෙන කිසිඳු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැත.
නුවන් ප්‍රදීප්

නුවන් ප්‍රදීප් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 36කදී කඩුලු 46ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දළ වශයෙන් 6.01ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත.
තවමත් වයස අවුරුදු 32ක් වන මොහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ගවේෂණය කරන ක්‍රීඩකයෙක් ලෙසද හඳුන්වා දිය හැක. ඇෆ්ගනිස්තානය සමඟ නිමාවූ තරගයේදී ක්‍රීඩා කළ නුවන් ප්‍රදීප් එහිදී කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරයා බවටද පත්විය. කෙසේ නමුත් මේ වනවිට ඔහුගේ ආබාධමය තත්වය සුව අතට පත්වී තිබෙන නිසා නුවන් ප්‍රදීප් බොහෝ විට හෙට (15) තරගයට ක්‍රීඩා කරනු ඇත.
පාන්ඩ්‍යාගේ වටිනාකම කොච්චරක් ද?
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දීය ………..
මිචෙල් ස්ටාර්ක්

ඕවල් තණතීරුව හා අවට කාලගුණය

කාලගුණය දෙස බැලීමේදී මේ තරගයට යම් ආකාරයකින් වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩකඩක් තිබේ. එසේම තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 13-19 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.
සංචිතයන්
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප්, ජෙෆ්රි වැන්ඩර්සේ.
ඕස්ට්‍රේලියාව – එරන් ෆින්ච් (නායක), ජේසන් බෙහෙරෙන්ඩොෆ්, ඇලෙක්ස් කේරි, නේතන් කෝලටර් නයිල්, පැට් කමින්ස්, උස්මාන් කවාජා, නේතන් ලයන්, ශෝන් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, කේන් රිචඩ්සන්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සැම්පා
අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග.
ඕස්ට්‍රේලියාව – එරන් ෆින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, ස්ටීව් ස්මිත්,උස්මාන් කවාජා, ග්ලේන් මැක්ස්වෙල්, ඇලෙක්ස් කේරි (කඩුලු රකින්නා),මාකස් ස්ටොයිනිස්, නේතන් කෝලටර් නයිල්, පැට් කමින්ග්ස්, මිචෙල් ස්ටාක්, ඇඩම් සැම්පා.
අවසන් නිගමනය
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම 5 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 4342ක් සමඟ ප්‍රසාද ලකුණු 109ක් දිනාගෙන වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානය දිනාගෙන සිටින්නේ ලකුණු 3266ක් සමඟ ප්‍රසාද ලකුණු 76ක් දිනාගෙනය.
ශ්‍රේණිගත කිරීම්වලින් ද ඕස්ට්‍රේලියාව පෙරමුණේ පසුවන නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබාගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුළ හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදුකළ හොත් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන
- ජුනි 15 – ඕස්ට්‍රේලියාව – ඕවල්
- ජුනි 21 – එංගලන්තය – ලීඩ්ස්
- ජුනි 28 – දකුණු අප්‍රිකාව – චෙස්ටර් ලී ස්ට්රීට්
- ජූලි 1 – බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්රීට්
- ජූලි 6 – ඉන්දියාව – ලීඩ්ස්
තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















