අයර්ලන්ත නායකයා එංගලන්ත කඩුලු රකින්නා ගැන නොසතුටින්

508

අයර්ලන්ත නායක විලියම් පොටර්ෆිල්ඩ් එංගලන්තයේ බෙන් ෆොක්ස් විසින් කරන ලද ස්ටම්ප් කිරීමක් පිළිබඳ සිය අකමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.

එංගලන්තය දණ ගැස්වීමට තිබූ අවස්ථාව අයර්ලන්තයට අහිමි වෙයි!

ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත ස්වභාවය මැනවින් විදහා දැක්වූ තරගයක් ඊයේ…..

එංගලන්තය හා අයර්ලන්තය අතර පැවැත්වුණු එකම එක්දින තරගයේ දී අයර්ලන්ත ක්‍රීඩක ඇන්ඩ්රු බල්බ්බ්‍රිනි (Andrew Balbirnie) එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆොක්ස් විසින් ස්ටම්ප් කිරීමකට හසු කර ගත් අතර අයර්ලන්ත නායකයා අදහස් දැක්වීම් පවසා සිටියේ කඩුලු රකින්නෙක් ස්ටම්ප් කිරීමකට එතරම් කාලයක් ගත හොත් තරගයක් පැය 15 කටත් වඩා ක්‍රියාත්මක වනු ඇති බවයි.

පසුගිය සිකුරාදා මැල්හයිඩ් හිදී පැවැත්වුණු තරගයේ දී Balbirnie අගනා ලකුණු 29ක් රැස් කර ගත් අතර ජෝන් ඩෙන්ලිගේ දඟපන්දුවක් ස්වීප් කිරීමට තැත් කිරීමේ දී ඔහු මෙම ස්ටම්ප් කිරීමේ අවස්ථාවට ලක් විය.

ෆොක්ස් පා ඉන්නෙන් ඉවතට ගිය පන්දුව කඩිනමින් රැක ගත් නමුත් එක්වරම කඩුල්ල බිඳ දමනවා වෙනුවට ඔහු Balbirnie සිය පසු පාදය මදක් ඔසවන තුරු බලා සිටියේය. අනතුරුව ඔහු තත්පර කිහිපයකට පසු කඩුල්ල බිඳ Balbirnie දවා ගැනීම විවාදයට ලක් වූ කරුණ විය.  

තෙවැනි විනිසුරු අලීම් ඩාර් මහතා රූපවාහිනි දර්ශන නැරඹීමෙන් පසුව එම අවස්ථාව දැවී යාමක් බව තීරණය කළ අතර අයර්ලන්ත නායකයා පවසා සිටියේ කඩුල්ල බිඳ දැමීමට සෑහෙන වේලාවක් බලා සිටීම නිසා පන්දුව ක්‍රීඩාව අවසන් වූ අවස්ථාවක් (ඩෙඩ් බෝල්) බවට පත් වූ බවයි.

​වීදි දරුවන්ටත් ලෝක කුසලානයක්!

වීදි දරුවන්ගේ ක්‍රිකට් ලෝක කුසලානයක් පැවැත්වීමෙන් සියලු රටවල රජ්‍යයන්ට…..

“කොතරම් වෙලා ඔබ බලා සිටිනවා ද? එතරම් වෙලා බලා සිටිනවා නම් අපිට තරගයක් පැය 15ක් බලා සිටින්නට සිදු වේවි, ඔබට කියන්න පුළුවන් එය ඉතා හොඳ කඩුලු රැකීමක් කියා හෝ අනෙක් අතට ඔහු ගත් වේලාවට එය නුසුදුසු ක්‍රියාවක් කියා.”

“පන්දුව ඩෙඩ් වෙලා තිබුණේ, පිතිකරුවාගේ සමබරතාව නැති වුනෙත් නෑ, ඔහු වැටෙන්න ගියා වැනි සිදුවීමක් නොවෙයි එතැන සිදු වුනේ.”

“කඩුලු රකින්නා තත්පර තුනක් හෝ හතරක් බලා සිටියා. අපි එතරම් වෙලා බලා සිටිනවා නම් තරගය ඉතා දිගු තරගයක් වෙයි.”

ක්‍රිකට් විශාරදයින් කිහිප දෙනෙක් එය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වූ ක්‍රියාවක් බව පවසා සිටියත් කඩුලු රකින ක්‍රීඩක ෆෝක්ස් පවසා සිටියේ වෙනත් යමක්.

“එය දැවැන්ත වයිඩ් පන්දුවක්, මම පන්දුව රැකගෙන නැවත කඩුල්ල අසලට ආවා” ඔහු පවසා සිටියා.

එංගලන්තය දණ ගැස්වීමට තිබූ අවස්ථාව අයර්ලන්තයට අහිමි වෙයි!

ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත ස්වභාවය මැනවින් විදහා දැක්වූ තරගයක් ඊයේ….

“ස්වීප් පහරක් එල්ල කිරීමේ දී ඔබ සිතනවා පිතිකරුවාගේ සමබරතාව ගිලිහී යයි කියා, මම දුටුවා ඔහුගේ පාදය එසවෙනවා ඒ නිසා මම කඩුල්ල බිඳ දැමුවා”

අයර්ලන්තය ලකුණු 198කට සියල්ල දැවී ගිය නමුත් අයර්ලන්ත පන්දු යවන්නන් එංගලන්ත පිතිකරුවන් පස්දෙනෙක් ලකුණු 66කට නැවත හරවා යවන්නට සමත් විය. කෙසේ වෙතත් දර්ශනීය ලකුණු 61ක ඉනිමක් රැස් කළ ෆෝකස් එංගලන්තයට කඩුලු හතරක ජයක් හිමි කර දෙන්නට සමත් විය.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඇලන් විල්කින්ස් ද මේ සිදු වීම පිළිබඳ ට්විටර් ඔස්සේ අදහස් දක්වා තිබුණා.

“ICC යට අවශ්‍ය නම් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රකින්න, එසේ නම් බෙන් ෆෝක්ස්ගේ ස්ටම්ප් කිරීම ක්‍රීඩාවේ ජීවගුණය බිඳ දැමූ ක්‍රියාවක් ලෙස සලකන්න වෙනවා.”

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<